ඌව පළාත් සභාවේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධූර තුනක් ඉවත් කර මොනරාගල දිස්ත්‍රික්කයට එකතු කිරීමට එරෙහිව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමීමෙන් පසු ඔහු දැඩි කළකිරීමකින් සිටින බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ඉවත දැමීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ හිත හැදීමට ක්‍රියාකළ බවද එක්සත් ජාතික පක්ෂයෙන් කිසිවෙකුත් එසේ ක්‍රියා නොකළ බවද අනාවරණය වේ.
ඌව පළාතේ මහ ඇමතිධූර අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අවසාන මොහොත දක්වාම කල් ගෙන තිබේ. ලබන අගෝස්තු 05 වන දින ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව වාර්තා වේ. ඌව පළාත් සභාවට නාමයෝජනා භාර ගන්නා අවසාන දිනය අගෝස්තු 06 වනදාය.
2:41 AM
slnews

0 comments :
Post a Comment