Monday, July 28, 2014

පාකීර් හුසෙන් නැමති මෙම ශ්‍රී ලාංකිකයා ඉන්දීය බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මොහු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මොහුව මෙහෙයවිම් සිදුකරන බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරින් ශ්‍රී ලංකාවට අදාළ සිද්ධිය පිළිබඳ දැනුම් දි තිබේ.මෙම නිලධාරියා පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙකු බවටත්, ඔහු ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ පුද්ගලයෙකු බවටත් මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මොහුගේ උපදෙස් මත පාකීර් හුසේන් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි අමෙරිකානු එක්සත් ජනපද කන්සියුලර් කාර්යාලය සහ ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ඊශ්‍රායලයේ කන්සියුලර් කාර්යාලයේ තොරතුරු රැස් කරගෙන ඇති අතර අදාළ කන්සියුලර් කාර්යාල වල ඡායාරූප ද ලබාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි.
මෙම පකිස්ථාන තානාපති කාර්යාලයීය සේවකයා සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් තොරතුරු හුවමාරු කරගැනීමට කටයුතු කරන බවත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2010දි අත්සන් තැබු අන්‍යේන්‍ය නීතිමය සහයෝගිතා ගිවිසුම අනුව එලෙස ක්‍රියා කරන බවත් ඉන්දීය පුවත් වැඩිදුරටත් කියා සිටියි.

0 comments :

Post a Comment