ජිනීවා ප්‍රශ්නයේදී එක් පිරිසක් ජිනීවා සමග එකඟවෙමින් මහින්ද රාජපක්‌ෂ මහතාට ප්‍රහාර එල්ල කළත් තවත් පිරිසක් ජනාධිපතිවරයා වැළැඳ ගනිමින් ජිනීවාවලට ප්‍රහාර එල්ල කළත් සිය පක්‌ෂය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාත්, ජිනීවාත් එක් පසෙක තබා සහ අපේ රටේ ජනතාව අනෙක් පස තබා නිවැරදි බෙදුම් රේඛාව හඳුනාගෙන කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
හෙතෙම එම අදහස් පළ කළේ දෙස් විදෙස් වාර්තාකරුවන්ගේ සංසදයේ නියෝජිතයන්ගේ හමුවක් පෙරේදා (24 දා) කොළඹ ටාඡ් සමුද්‍රd හෝටලයේදී පැවැති අවස්‌ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ අනුර කුමාර දිසානායක මහතා -
වර්තමානයේදි ආණ්‌ඩුව රට විශාල ආර්ථික අර්බුදයකට ලක්‌කොට තිබෙනවා. ඔවුන් ජනමාධ්‍ය වෙත දැඩි බලපෑමක් එල්ලකොට මර්දනය කොට තිබෙනවා. නීතිය යනු වත්මන් ජනාධිපතිවරයාගේ කැමැත්ත බවට පත්වී තිබෙනවා. යුද්ධයෙන් පසු ආණ්‌ඩුව විසින් අනුගමනය කරන ලද වැරදි ප්‍රතිපත්ති නිසා තවමත් උතුරේ ජනතාවට සිවිල් අයිතිවාසිකම් තහවුරු වී නෑ. තව තවත් එම පළාත්වල ජනතාව පීඩාවට පත්කරමින් තිබෙනවා. කොටියා, ත්‍රස්‌තවාදියා, කුමන්ත්‍රණ, යුධ සැමරීම් යන වචන ආණ්‌ඩුව තමන්ගේ වචන මාලාවෙන් ඉවත් කර ගත්තේ නැහැ. හමුදාව කඳවුරුවලට කැඳවමින් උතුරේ සිවිල් පාලනය තහවුරු කළ යුතුව තිබුණත් ආණ්‌ඩුව එය කළේ නැහැ. එපමණක් නොවේ ආණ්‌ඩුව එම පළාත්වලට සංස්‌කෘතික ආක්‍රමණයක් දියත් කළා. උතුරේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය නොවිස¹ තිබියදී සිංහල ජනතාව එම ප්‍රදේශවල පදිංචි කළා. අවතැන්වූවන්ගේ ප්‍රශ්න, අතුරුදන්වූවන්ගේ ප්‍රශ්න, අත්අඩංගුවට පත්වූවන්ගේ ප්‍රශ්න විසඳන්න ආණ්‌ඩුව කටයුතු කළේ නැහැ."
"ඇමරිකාවට දේශපාලන න්‍යායපත්‍රයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් එම අරමුණ ඉටුකරගැනීම වෙනුවෙන් විවිධාකාරයේ මුහුණුවරින් රටවල් තුළට ඇතුල් වෙනවා. එය අප අනුමත කරන්නේ නැහැ. පසුගිය කාලයේ ආණ්‌ඩුව අධිකරණයට අත තැබුවේ, අගවිනිසුරුවරිය තනතුරින් පහ කළේ, හලාවත, කටුනායක රතුපස්‌වල ජනතාවට වෙඩි තැබුවේ ජනතාව වෙනුවෙන් නොවේ. ජනාධිපති රාජපක්‌ෂ මහතාගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන්. එම තත්ත්වයන් අද ඇමරිකාවට අපේ රටට ඇතුල්වීමට ඉඩ විවර කොට තිබෙනවා.
ජිනීවා ප්‍රශ්නයේදී ප්‍රධාන බෙදීම් දෙකක් තිබෙනවා. පිරිසක් ජිනීවාවලට එකඟවෙමින් මහින්ද රාජපක්‌ෂට ප්‍රහාර එල්ල කරනවා. තවත් පිරිසක් මහින්ද රාජපක්‌ෂ වැළඳගනිමින් ජිනීවාවලට ප්‍රහාර එල්ල කරනවා. ජනතා විමුක්‌ති පෙරමුණ නිවැරදි බෙදුම් රේඛාව හඳුනාගෙන තිබෙනවා. අපි බෙදුම් රේඛාව සටහන් කරන්නේ මහින්ද රාජපක්‌ෂත්, ජිනීවාත් එක පසෙක තබා සහ අපේ රටේ ජනතාව අනෙක් පස තබලයි."
ඉන්දියාව අපේ රටට ඉතාම ළඟ සංස්‌කෘතික සමීපතාවයක් තිබෙන රටක්. නමුත් ඉන්දියාව පසුගිය කාලයේ බරපතළ ඓතිහාසික වරදක් කළා. අවි ආයුධ ලබාදෙමින් මේ රටේ බෙදුම්වාදී කණ්‌ඩායමක් පෝෂණය කළා. එයින් දහස් ගණනක් ජීවිත අපිට නැතිවුණා. නමුත් 1997 දී බැංගලෝර්වල තිබුණු සමුළුවකදී ඩික්‌සිත් මහතා එම ක්‍රියාදාමයට උදව් කිරීම සාධාරණීකරණය කළා.
ඒ වගේම ඉන්දියාව අපේ රටේ ඇතිවන සියලු තත්ත්වයන් ඔවුන්ගේ ආර්ථික වුවමනාව වෙනුවෙන් උපයෝගී කරගත්තා. පසුගිය පොදු රාජ්‍ය මණ්‌ඩලිය සමුළුව පාවිච්චි කරලා සාම්පූර් ගිවිසුම අත්සන් කරගත්තා. එයින් ලංකාවට විශාල පාඩුවක් අත්වෙනවා. සාම්පූර් ඉන්දියාවේ විශේෂ ආර්ථික කලාපයක් වනවිට එහි සිටි දෙමළ ජනතාව අවතැන් කඳවුරු 05 ක් තුළට ගාල් කරනවා. ඒ නිසා අප ඉන්දියානු ජනතාවට කියන්නේ අපි දෙරටම අපේ අභිමානය, ගෞරවය රැකෙන රාජ්‍යයන් දෙකක් ගොඩනැගිය යුතු බවයි."

http://www.divaina.com/2014/02/26/news32.html
9:00 PM
slnews
0 comments :
Post a Comment