Tuesday, February 25, 2014

අධිකරණය වැනි අතිශය සංවේදී වැදගත් ක්‍ෂේත්‍රයකට අදාළ අමාත්‍යාංශයක්‌ අන්තවාදී දේශපාලකයන්ට ලබාදීම පිළිබඳ රජය නැවත සලකා බැලිය යුතු බව ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටී.

රජය මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු යෑයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (25 දා) "දිවයින" ට සඳහන් කළේය.

නීති ක්‍ෂේත්‍රය මුස්‌ලිම්කරණය කිරීමේ හකීම්ගේ කුමන්ත්‍රණය පරාජය කළ යුතු බවත් අදාළ විෂය භාර ඇමැතිවරයා විසින් සිදුකරගෙන යන මෙම වර්ගවාදී පිළිවෙත සිය අධිකරණ අමාත්‍යාංශයේ තනතුරු පිරිනැමීම, සාම විනිසුරු පත්වීම් ලබාදීම ඇතුළු සෑම අංශයක විශාල අසමතුලිතතාවක්‌ හටගෙන ඇති බවත් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ පැවැත්වූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී මුස්‌ලිම් සිසුන් ඇතුළත් කරගැනීම ඇතුළු අක්‍රමිකතා රැසක්‌ සිදුකර ඇති බවට අනාවරණය වීමත් සමඟ ඒ පිළිබඳ පරීක්‍ෂණ කරනවා වෙනුවට සිංහල සිසුන්ට යම් සහනයක්‌ ලබාදීමට කටයුතු කළ බවත් සිහිපත් කළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙවර ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස නීති විද්‍යාලයට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස පහත දමා ඇති බවත් පැවසීය.

සාමාන්‍යයෙන් නීති විද්‍යාලයට සිසුන් 225 ත් 250 ත් අතර පිරිසක්‌ බඳවා ගනු ලැබුවද මෙවර බඳවාගෙන ඇත්තේ ශිෂ්‍යයන් 177 දෙනකු බව පැවසූ හෙතෙම මෙම කප්පාදුව තුළින් සිංහල සිසුන්ට බලවත් අසාධාරණයක්‌ වී ඇති බව සඳහන් කළේය.

පවතින විෂය නිර්දේශය යටතේ පැවැත්වෙන අවසන් විභාගය මෙය බැවින් අසාධාරණයට ලක්‌ වූ සිසුන්ට නැවත විභාගය සඳහා පෙනී සිටිය නොහැකි බව සැලකිය යුතු කරුණක්‌ බවත් හෙතෙම පැවසීය.

http://www.divaina.com/2014/02/26/news29.html

0 comments :

Post a Comment