25 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට තව ඇත්තේ දින පහකි. බ්‍රිතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදය හා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ ශ්‍රී ලංකාවට එරෙහි කොටි කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින චැනල් 4 අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ යළිත් වරක් කරළියට පැමිණ ඇත. ඔහු තම සාවද්‍ය දර්ශනවලින් යුත් නෝපයර් සෝන් චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීමට උත්සාහ කළ නමුත් ඉන්දීය රැඟුම් පාලක මණ්‌ඩලය ඊට අවසර දුන්නේ නැත. ඉන් කෝපයට පත් මැක්‌රේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඉන්දීය රජය ඉඩක් දෙන්නේ නැතැයි කියමින් චෝදනා නැගීය.
අනතුරුව ඔහු නෝපයර් සෝන් නමින් වෙබ් අඩවියක්‌ද ප්‍රකාශයට පත් කළේය. ඉන්පසු ඔහු ස්‌කයිප් දුරකථන පද්ධතිය මගින් සම්මුඛ සාකච්ඡාවකට සහභාගී විය. කැලම් මැක්‌රේගේ නෝපයර් සෝන් චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීමට දායක වූයේ තමිල්නාඩුවේ කොටි හිතවාදී වී ප්‍රභාකරන්ය.
ස්‌කයිප් මාර්ගයෙන් මැක්‌රේ තමිල්නාඩු කොටි හිතවාදීන් අමතා පැවසූවේ කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාව කෙරේ දැක් වූ තක්‌සේරුව වැරදි බවයි. එසේම වන්නි මෙහෙයුම යනු සමුලඝාතනයක් බවත් ද්‍රවිඩයන්ව සංහාරය කර ඇතැයිද කියා සිටියේය.
මැක්‌රේ තවත් සාවද්‍ය ප්‍රකාශයක් කළේය. ඒ වන්නියේ ජනතාවට මානුෂික ආධාර දීමට රජය ක්‍රියා කළේ නැති බවයි. මෙකී ප්‍රකාශවලින් සනාථ වන්නේ කැලම් මැක්‌රේගේ ස්‌ථාවරයයි. වෙබ් අඩවි ආරම්භ කිරීමට හා ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා නැගීම සඳහා මෙහෙයුම් දියත් කිරීමට මැක්‌රේ ක්‍රියාකරන්නේ මානව හිමිකම් වෙනුවෙන්ද?
වන්නි මෙහෙයුම සියෑසින් නොදුටු මොහු සාක්‍ෂි ලෙස යොදාගෙන ඇත්තේ හිටපු කොටි ත්‍රස්‌තයන්ය.
පසුගිය මාර්තු මස ජීනීවා මානව හිමිකම් සමුළුවට මැක්‌රේ ගෙන ආවේ ප්‍රභාකරන්ගේ බාලපුත් බාලචන්ද්‍රන්ව ශ්‍රී ලංකා හමුදාව ඝාතනය කළ බවට දක්‌වන චෝදනාවයි.
බාලචන්ද්‍රන් හමුදා කඳවුරක සිටින ජායාරූප සොයාගත් බවද මැක්‌රේ කියා සිටියේය. එහෙත් පසුගිය සතියේ ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ඡේ. ඩී. එස්. නමැති සංවිධානය බාලචන්ද්‍රන් හමුදා කඳවුරක සිටින ජායාරූප තමන් සතු බව හෙළි කළේය. එම හමුදා කඳවුරේ සිටින සෙරෙප්පු දමාගත් සෙබලෙක් ද දිස්‌විය. ශ්‍රී ලංකා හමුදා සෙබළුන් සෙරෙප්පු දමා ගෙන සිටින්නේද?
ප්‍රභාකරන් බිහිසුණු මිනිස් ඝාතන සිදු කරද්දී මැක්‌රේ සිටියේ කොහේද යන්න ප්‍රශ්නය පැනනගී. එපමණක්‌ද නොවේ වන්නි මෙහෙයුම ගැන සෙවීමේ වගකීම ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාවට බවද අපූරු තර්කයක් ඉදිරිපත් වී ඇත. එසේ නම් ඉරාකයේ සහ ඇµaගනිස්‌ථානයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම හා සර්බියාවේ සිවිල් වැසියන්ට නේටෝ ගුවන් ප්‍රහාර එල්ලවීම ගැන අන්තර් ජාතික ප්‍රජාව සිය වගකීම ඉටු කළේද?
එසේම ඉන්දියාව තම නෝපයර් සොන් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදීම නිදහස් අදහස් වළදැමීමක් යෑයි චෝදනා කරන කැලම් මැක්‌රේ බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ ලියවිලි රැගෙන හීත්රෝ ගුවන්තොටුපලින් පිටව යැමට උත්සාහ කළ මිරැන්ඩා නමැති මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම ගැන කිසිදු ප්‍රකාශයක් කර නැත.
බ්‍රිතාන්‍ය සෙබළුන් ඉරාකයේදී යුද අපරාධ සිදු කිරීම ගැන මැක්‌රේ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, ආරක්‍ෂක ලේකම් සහ හමුදාපතිට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු යෑයි හඬ නොනැඟුවේ මන්ද?
එහෙත් මැක්‌රේ පවසන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ස්‌වාධීන ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු= බවය. එසේ වූවත් කොටි යුද අපරාධකාරියක් වූ ඇඩෙලා බාලසිංහම් ගැන විමර්ශනයක් අවශ්‍ය යෑයි ඔහු කියන්නේ නැත.
මේ පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ විමර්ශනයක් අවශ්‍ය යෑයි ඉල්ලීමට කැලම් මැක්‌රේ කවුද?
මැක්‌රේ ප්‍රසිද්ධියේ කැනඩාවට ගොස් පෙන්ටා නැමැති කොටි ඩයස්‌පොරා සමුළුවේදී සළුවක් පොරවාගත්තේ කොටි හිතවාදින්ගෙනි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර අධිකරණයට ගෙන යනතුරු සටන නතර කරන්නේ නැතැයි ඔහු එහිදී ප්‍රතිඥා දුන්නේය.
එසේම ඇමරිකාව, කැනඩාව, ඕස්‌ටේ්‍රලියාව, නෝර්වේ ස්‌විස්‌ටර්ලන්තය ඇතුළු රටවල් රැසක ඔහු සැරිසැරුවේ යුද අපරාධ චෝදනා රැගෙනය.
එහෙත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයට එල්ල වූ කිසිදු යුද අපරාධ චෝදනාවක් ගැන ඔහුගේ අවධානය යොමු වුයේ නැත. මින් සනාථ වූයේ කැලම් මැක්‌රේ කොටි ඩයස්‌පෝරාවේ කුලී කොන්ත්‍රාත්කරු බව නොවේද? මගේ අරමුණ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වන ශ්‍රී ලංකා විරෝධී යෝජනාවට සහය වීම යෑයි මැක්‌රේ කියා සිටියේය.
ඉන් පිළිබිඹු වූයේ මැක්‌රේ ස්‌ටර්ලින් පවුම් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවකට එකඟ වී ඇති බවයි. 2012 වසරේ මැක්‌රේ ජිනීවා නුවරට පැමිණ විට නවාතැන් ගත්තේ සුපිරි හෝටලයකය. මානව හිමිකම් සමුළු ශාලාවේදී මැක්‌රේ මැක්‌රේ යෑයි කියමින් කොටි හිතවාදීහු ඔහු පසුපස යන අයුරු අපි දුටුවෙමු.
එසේ නම් මේ කොටි කොන්ත්‍රාත්කරු ගැන තවදුරටත් සාක්‍ෂි අවශ්‍යද? මේ තත්ත්වය මැද ජිනීවාහිදී ශ්‍රී ලංකාවට සිදු වන්නේ පරාජිත ත්‍රස්‌තයන් වෙනුවෙන් වන්දිගෙවීමටය.
ලෝක ඉතිහාසයේ මෙවැන්නක් සිදු වන්නේ මුල්වරට. එහෙත් සාම පසුබිම කුමක්‌ද? ඒ ඇමරිකානු හිතවාදී පිළිවෙත අනුගමනය නොකරන රටවල් බිඳ දැමීමේ මෙහෙයුමයි. මේ අතර තමිල්නාඩුවේ කොටි හිතවාදීන්ගේ සහයෙන් මැක්‌රේගේ නෝපයර් සෝන් චිත්‍රපටය තමිල්නාඩුවේ ප්‍රදර්ශනය කර ඇතැයි වාර්තා විය.
මැක්‌රේ මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක් අවශ්‍ය යෑයි පවසද්දී ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ද යුද අපරාධකරුවන්ට දඬුවම් කළ යුතු යෑයි කියා සිටී.
එසේ නම් කොටි සංවිධානයේ නියෝජිත ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානයද කොටින්ගේ යුද අපරාධ ගැන දඬුවම් ලැබිය යුතු නොවේද?
මේ හැර මෙම යුද අපරාධ ගැන හඬ නොනගන්නේ මන්ද?
නුගේගොඩ බෝම්බ පිපිරීම, කොටුවේ දුම්රිය ස්‌ථානය අසල බෝම්බය, පිළියන්දල හා ගල්කිස්‌ස බස් බෝම්බ, වැලිවේරියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය.
එහෙත් කැලම් මැක්‌රේ මේ කිසිදු යුද අපරාධයක් සිය වීඩියෝ චිත්‍රපටයට ඇතුළත් කළේ නැත. ඔහු සාක්‌ෂි ලෙස ලබා ගත්තේ කොටින්ගේ දේදුන්න පුවත්පත සකස් කළ ඡේ. ඩී. එස්. කණ්‌ඩායමේ සාවද්‍ය තොරතුරුයි.
මැක්‌රේ මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේට කියන්නේ මෙයයි. පැමිණිලිකරු සාක්‌ෂිකරු මමයි ඔබ විනිසුරුයි තීන්දුව ප්‍රකාශ කරනු.
නෝපයර් සෝන් චිත්‍රපටය නිර්මාණය කළ කැලම් මැක්‌රේ ඉදිරිපත් කරන දර්ශන සත්‍ය නම් ඔහු ඒවායේ මුල් දර්ශන මානව හිමිකම් බලධාරීන්ට යොමු නොකරන්නේ මන්ද යන්න දැඩි සැකයට තුඩුදෙන කරුණකි.
ඔහුගේ මුල්ම වීඩියෝ පටය වූ කිලින්ෆීල්ඩ් සඳහා භාවිත කළේ කොටින්ගේ ටැමිල්නෙට් වෙබ් අඩවියේ පලකළ දර්ශන බව අපි විශේෂයෙන් හෙළි කළෙමු.
එහෙත් මැක්‌රේගේ වීඩියෝ පටයයේ අබිරහස් සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි අනුව මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේට ශ්‍රී ලංකාවට දඬුවම් කළ හැකිද?
ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක් කළ යුතුයි යන නවිපිල්ලේගේ යෝජනාව ජිනීවා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර ඇත.
එසේ වූවත් මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ ක්‍රියාත්මක වන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන අනුව බව පැහැදිලිය.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/26/feature01.html
9:01 PM
slnews
0 comments :
Post a Comment