තවලම - ආරියසෝම නාගොඩවිතාන, හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල්
අද රාජපක්‍ෂ ආණ්‌ඩුවට විරෝධය ප්‍රකාශ කරන කණ්‌ඩායම් රාශියක් තිබෙනවා. නමුත් ජනතාව ගොඩගන්න පුළුවන් එක්‌සත් ජාතික පක්‍ෂයට විතරයි. රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් ජනතාවට අහිමි කළ සියලූ ප්‍රතිලාභ 2015 දී ආපසු ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 23 දා හිනිදුම නෙළුවේ පැවැති රැස්‌වීමකදී ප්‍රකාශ කළේය.
දකුණු පළාත් සභා මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක සුනිල් සේනානායක, චන්ද්‍ර සහබන්දු ඇතුළු කණ්‌ඩායමට ආධාර පිණිස මෙම රැස්‌වීම පැවැත්විණි.
එහිදී තවදුරටත් කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා යුද්ධය දැන් ඉවර නමුත් යුද්ධය පැවැති කාලයේ තිබුණු සහනයවත් දැන් ජනතාවට නැතැයිද මෙම මැතිවරණය රාජපක්‍ෂ ආණ්‌ඩුව පෙරළා දමන ජනතා බලවේගයේ පළමු පියවර යෑයිද පැවැසීය.
ජනාධිපතිතුමා කිව්වා යුද්ධය ඉවර කරන්නට සම්පූර්ණ සහය දෙන්න කියලා. ඒ වන විට ප්‍රභාකරන්ට සීමාවෙලා තිබුණේ වන්නිය විතරයි. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දියන් හමුදාව ගෙන්වලා ප්‍රභාකරන්ව මර්දනය කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ විඡේතුංග ජනාධිපතිතුමාගේ කාලවලදී අපට නැගෙනහිර ආපසු ගන්න පුළුවන් වුණා. චන්ද්‍රිකා යාපනය ගත්තා. ඒත් නොයෙක් ප්‍රශ්න තිබුණා.
කොහොම නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සහය දෙමු කිව්වා. සමහර අය කොච්චර අමාරුකම් තිබුණත් දවසට එක වේලක් අතහැරියා. විරැකියාව ගැන කතා කරන්න ගියේ නැහැ. අධ්‍යාපනයට මුදල් අඩු වෙනකොට කිව්වා කමක් නෑ ඒක හමුදාවට යවන්න කියලා. ඉස්‌පිරිතාලවල බෙහෙත් නැති වෙනකොට කිව්වා කමක් නෑ යුද්දේ කරන්නá අපි කොහොමහරි ජීවත් වෙන්නම් කියලා. ගෙදර වියදම්, ජීවන බර වැඩිවෙන කොට කිව්ව කමක් නෑ ප්‍රභාකරන් ඉවර කරමු කියලා. ගෙට අලුතින් කාමරයක් හදන එක, ඉඩම් කෑල්ලක් ගන්න එක, මෝටර් සයිකලයක් ගන්න එක කල් දැම්මා. ප්‍රාදේශීය සභා, පළාත් සභා ඡන්දවලදී අපි කෙළින්ම ජනාධිපතිතුමා දිනවමු කියලා ඡන්දේ දැම්මා.
ජනාධිපතිතුමා කිව්වා යුද්ධය ඉවර වුණාම ඒ සල්ලිවලින් ඇමැතිවරුන්ට ප්‍රතිපාදන වැඩිකරන්න පුළුවන්, පඩි වැඩි කරන්න, රැකියා ලබාදෙන්න, අධ්‍යාපනයට සෞඛ්‍යයට ප්‍රතිපාදන වැඩි කරන්න පුළුවන් කියලා. දැන් යුද්ධය අවසන් වෙලා පස්‌වැනි අවුරුද්දත් ලබලා. නමුත් ජනතාවට ලැබුණු දෙයක් නෑ. බස් ගාස්‌තු දුම්රිය ගාස්‌තුව, විදුලි බිල, බඩු මිල වැඩි වෙනවා. ඉස්‌සර හොඳට ආදායම් ලබපු අය දැන් දුප්පත් වෙලා. දුප්පතුන් අන්ත දුප්පතුන් වෙලා. සියයට එකකට පුළුවන්කම තිබුණට සියයට අනූනවයකට බැරිවෙලා. ආණ්‌ඩුවේ දූෂණය වංචාව තුළින් මුදල් හොයලා 1% කට ඒ සල්ලි ස්‌විට්‌සර්ලන්තයේ හෝ සී ෂෙල්ස් දූපතේ බැංකුවල දාන්න පුළුවන්. අනික් 99% ම බැංකුවලට ණය වෙලා රත්තරන් බඩු උගස් තියලා බැංකු පොලී ගෙවනවා.
යුද්ධය ඉවරවෙලා අවුරුදු 5 ක් ලැබුවා. බදු බර අඩුවෙලා නැහැ. ඒවා වැඩිවෙලා. වෙළ¹ම් කරලා, රජයේ සේවයේ යෙදිලා, පුද්ගලික අංශයේ වැඩ කරලා, වී ගොවිතැන් කරලා, දළු කඩලා, අද ජීවත්වෙන්න අමාරුයි. යුද්ධ කාලෙටත් වඩා අමාරුයි. ප්‍රභාකරන් බෝම්බ ගහන කාලේ මේතරම් අමාරුකම් තිබුණේ නෑ. ඒකයි ප්‍රශ්නය.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන්වත් රාජපක්‍ෂ රෙජිමයෙන්වත් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. එහෙනම් කාටද ජනතාව ගොඩගන්න පුළුවන්? එක්‌සත් ජාතික පක්‍ෂයට විතරයි. හැත්තෑ හතෙත් මේ වගේ කාලයක් තිබුණා. කවුද ජනතාව ගොඩ ගත්තේ? ඡේ. ආර්. ජනාධිපතිතුමා විවෘත ආර්ථිකය ඇති කළා. ජනතාව අතට සල්ලි එන්න සැලැස්‌සුවා. සංචාරක ව්‍යාපාරය ආවා. වෙළෙඳ කලාප ආවා. කඩ සාප්පු ආවා. උත්සාහයෙන් වැජඹෙන්න අවස්‌ථාව දුන්නා. නැවත ඒ තත්ත්වය ඇති කරන්න පුළුවන් එජාපයට විතරයි ලෑස්‌ති වෙන්න පාරට බහින්න, උද්ඝෝෂණය කරන්න. 2015 දී ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආණ්‌ඩුවක් බිහි කරමු.
එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා -
රාජපක්‍ෂ කණ්‌ඩායම මතට තිත තියනව කියලයි බලය ගත්තේ. අද මොනවද කරන්නේ කියල දැක දැකයි තමුන්නාන්සේලා 29 වැනිදාට ඡන්ද පොළට යන්නේ. අද එතනෝල් ගේන්නේ කන්ටේනර් පිටින්. මත්කුඩු අහුවෙන කොට අහුවෙන්නෙ ආසියාවේ ලොකුම තොග හැටියටයි. ඒව බේරගන්න කවුද ලියුම් දෙන්නේ. අගමැති කාර්යාලයේ ලේකම්වරුයි කියන එවුන්. මේ රටේ නිදහසෙන් පස්‌සේ ජනාධිපතිවරු අගමැතිවරු 11 දෙනෙක් රට පාලනය කළා. ඒ 11 දෙනාම ගත් ණය ප්‍රමාණයට වඩා අවුරුදු 9 ක් රට පාලනය කළ මහින්ද රාජපක්‍ෂ ගත් ණය ප්‍රමාණය වැඩියි.
හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක සුනිල් සේනානායක, කණ්‌ඩායම් නායක අශෝක ධනවංශ ද සිල්වා, චන්ද්‍රd සහබන්දු, සංජීව කරුණාතිලක, ආනන්ද පද්මසිරි කාරියවසම් ඇතුළු අපේක්‍ෂකයෝ රැසක් සභාව ඇමතූහ.
http://www.divaina.com/2014/02/26/news31.html
9:04 PM
slnews
0 comments :
Post a Comment