(පෙබරවාරි 26 දිනට යෙදෙන 60 වැනි ගුණ සමරුව වෙනුවෙනි)
මෙරට බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට යටත්ව තිබූ සමයේ අප රටේ ප්‍රභූ පවුල්වල ඇතැම් පිරිස් සවස් යාමයේ විනෝදය හා ශාරීරික ව්‍යායාම පිණිස කොළඹ ගාලු මුවදොර පිටිය හරහා අසුපිටින් ගමන් කිරීම දෛනික සිරිතක් කරගෙන තිබිණි. ඩී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, සොලමන් ඩයස් බණ්‌ඩාරනායක (දිවංගත අගමැති බණ්‌ඩාරනායකගේ පියා) මේ අතර එච්. ශ්‍රී නිශ්ශංක මහතාද දිනක් සුපුරුදු පරිදි තමා සතු දුඹුරු පැහැති ජව සම්පන්න අශ්වයා වේගයෙන් ගාලු මුවදොර හරහා පැන්න විය. මෙකී දර්ශනයෙන් කෝපයට පත් මේජර් විල්ටන් නමැති බ්‍රිතාන්‍ය ජාතික බන්ධනාගාර අධිකාරිවරයා නිශ්ශංකයන්ගේ මඟ හරස්‌කර නවතා කව්ද තමාට මෙතරම් වේගයෙන් අශ්වයා පැන්නවීමට අවසර දුන්නේ යෑයි තර්ජනාත්මක ස්‌වරූපයෙන් විමසීය. මෙයින් වඩාත් කෝපයටපත් ශ්‍රී. නිශ්ශංකයන් ක්‍ෂණයකින් තම දඹර ඇඟිල්ල විල්ටන් මහතා වෙත දිගුකරමින් වේගවත් ලෙස ප්‍රකාශ කළේ මගේ මවුබිමේ ඕනෑම වේගයෙන් අසුපිටයැමට කාගෙන්වත් අවසර ඕනෑ නෑ. ඔබ වැනි කෙනෙකුට මෙය නොරුස්‌සන්නේ නම් අසල තිබෙන මුහුදට පැන පලා යා හැකි බවයි. (මෙවැනි නිර්භීත මිනිසුන් වර්තමානයේ දුර්ලභය)
ළමා වියේදීම අධිරාජ්‍ය විරෝධි අරගලයේ සැබෑ කොටස්‌කාරයකු වී තමාට පෙර රට යන්න ආදර්ශ පාඨය පෙරට තබා කටයුතු කළ දේශප්‍රේමියෙකි.
මෙරට කීර්තිමත් වීරවරයන්ගේ පුණ්‍යවන්ත නිජබිමක් වූ දකුණුලක බලපිටිපුරවරයේ ගරු මුණි වලව්වේදී වර්ෂ 1898 ජනවාරි 17 දී උපත ලද හර්බට් ශ්‍රී. නිශ්ශංක මෙන්ඩිස් මූලික අධ්‍යාපනය කොළඹ ආනන්දයෙන් ද උසස් අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමැති අතිදැවැන්ත මහා වෘක්‍ෂය ගොඩ නැඟීමේ සැබෑ පුරෝගාමියා රාජ නීතිඥ එච්. ශ්‍රී. නිශ්ශංක මහතාය. බුදු දහමින් පෝෂණය කරගත් මනසින් යුක්‌තව සමාජ ප්‍රජා තන්ත්‍රවාදය තේමා කරගෙන රටට අවැසි ගම්බද ජනයාට සමීප විය හැකි ලෙස පක්‍ෂ ව්‍යවස්‌ථාව සකසා තමාගේ නමට යෙදෙන ශ්‍රී.නි. යන්න යොදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙසද වර්ණය, නිල්පාට ද, ලාංඡනය අත ලෙසද යෝජනා කරමින් තමා සමඟ එකට එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ ඉගෙනගත් කළණමිතුරු බණ්‌ඩාරනායකට සඟ වෙද ගුරු ගොවි කම්කරු පංචමහා බලවේගය ඉදිරියට ගෙනයැමට භාර කළේය. බල තණ්‌හාවෙන් තනතුරු වරප්‍රසාද ගැන නොසිතා බෝධිසත්ව ගතිගුණ ප්‍රදර්ශනය කරමින් කළ මේ කැප කිරීම වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම ඇතැමෙක් නොදැනීම කනගාටුවට කරුණකි. පක්‍ෂය ගොඩනැඟීමේ ආරම්භය පිළිබඳ ලිපිගොනු සේයා සටහන් නිශ්ශංකයන්ගේ දිනපොත් පිරික්‌සීමේදී පැහැදිලි ලෙස දැකගත හැකිවිය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවීමට සාකච්ඡා කළ මේසය, පුටු හා අත්සන් කළ පෑන පවා තවමත් නිශ්ශංක මහතාගේ යමුණා මන්දිරයේ (වර්තමානයේ යමුණා සදහම් ආශ්‍රමයේ දක්‌නට තිබෙන්නේය). මේවා සංරක්‍ෂණය කර අනාගත ජනතාවට දැකබලා ගැනීමට ඉඩ ප්‍රස්‌ථාව සැලසීම වගකිවයුතු සැමගේ යුතුකමක් වන්නේය. මෙරට විසූ නිහඬ විද්වතකු වූ නිශ්ශංක දිවේරිස් මෙන්ඩිස් හා අනෝමා වික්‍රමරත්න සොයිසා ළමාතැනී මෙතුමාගේ මවුපියෝය. සොහොයුරියන් වූයේ ඩොරති, හැරියට් හා චාලට්‌ය. සෙනෙහබර බිරිඳ මියුරියෙල් නිශ්ශංකය. දූ දරුවෝ, යමුණ, ගීතා හා රංජිත්ය. මුණුපුරු මහාචාර්ය රන්දිවි නිශ්ශංක කරුණාරත්න හා ආචාර්ය අවන්ති නිශ්ශංක කරුණාරත්නය.
එක්‌තරා වකවානුවක බුරුම සම්ප්‍රදායට අනුව පැවිදිව එරට වැඩම කරවා ඉතා ගැඹුරින් ත්‍රිපිටකය හා භාවනා ක්‍රම පිළිබඳව හැදැරුවේය. පසුව තම මවුපියෝ රෝගාතුරව ගත කරන බව සැළවී ලංකාවට වැඩම කරවා මහා සංඝයා රැස්‌කර කරුණු වටහා දී උපැවිදි වූහ.
බුදු දහමේ ඇති යථාර්ථවාදී බව හෙළ සංස්‌කෘතියේ වටිනාකම ගැන ඉඩලද හැම මොහොතකදීම බණ්‌ඩාරනායකයන්ට පහදා දෙමින් ශ්‍රී. නිශ්ශංකයන් දැනුම බෙදා හදා ගත්හ. නීති ක්‍ෂේත්‍රයේ දැනුම පුළුල් කරගෙන 1924 ලංකාවට පැමිණ තම වෘත්තියේ කටයුතු කිරීම ඇරඹීය. වර්ෂ 30 - 40 දශකවල අපරාධ නඩු සම්බන්ධ මෙරට විසූ අති දක්‍ෂතම නීතිවේදියා මෙතුමාය. තියුණු තාර්කිකත්වය, ව්‍යක්‌ත කථිකත්වය, ප්‍රසන්න බව නිසාම යසස රටපුරා පැතිර ගියේය. සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්‌කෘතික, බුරුම. හින්දි ආදී භාෂා පිළිබඳව නිපුණත්වය තුළින් උපරිම ලෙස තම දක්‍ෂතා විදහා දැක්‌වීමට මෙවලමක් කර ගත්තේය.
අතිබිහිසුණු ජාතිවාදී අරගල, ආගම්වාදී අරගල මෙතුමාගේ සමාජ මැදිහත්වීම තුළින් විස¹ගැනීමට හැකිවූ අවස්‌ථා බොහෝය. අපේ ලංකා, එංගලන්ත ඉතිහාසය. ලංකා දණ්‌ඩ නීතිය, සල්ගල පුදබිම වැනි ග්‍රන්ථ වල කතුවරයාද හෙළදිව, සංඛ නාදය නමැති පුවත්පත්වල කතුවරයා ලෙසින් ද, චිත්‍ර ශිල්පියකු ලෙසින් ද විවිධ වූ දැනුම පෙන්වීමට සමත්විය.
නිදහසින් පසු කුරුණෑගල පළාත නියෝජනය කරමින් පළමු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙසින්ද කොළඹ - වැල්ලවත්ත කොට්‌ඨාසයේ නිතරග මන්ත්‍රීවරයකු ලෙසින් ද තේරීපත් වීම ද සුවිශේෂය.
උතුම් මිනිසුන්ගේ ජීවිත කාලය කෙටිය. සුවÄති මල් ඉක්‌මනින් පරවීයන්නාසේම 56 ජනතා අරගලයේ සැබෑ ආශ්වාදය විඳ ගැනීමට දැක ගැනීමට පෙර 1954 පෙබරවාරි 26 තම යමුණා මන්දිරයේ බුදුරුව දෙස බලාගෙනම අවසන් හුස්‌ම හෙළීය. ඒ වනවිට එතුමාගේ වයස අවුරුදු 54 කි. එදා සුප්‍රසිද්ධ යමුණාව අද යමුණා සදහම් ආශ්‍රමය බවට පත් කරමින් ඥති පිරිස් මහා සඟරුවන වෙත පූජා කර තිබේ. පෙබරවාරි 26 ට යෙදෙන රටට ණය නැති මේ යුග පුරුෂයාගේ 60 වැනි ගුණ සමරුව වෙනුවෙන් නිශ්ශංක සමරු සංසඳය මගින් විශේෂ ආගමික වැඩසටහන් හා අඩු ආදායම්ලාභී පාසල් දරු දැරියන්ට පාසල් උපකරණ බෙදා දීමක් කොළඹ දෙමටගොඩ නාගදීප ශාඛා මහා විහාරස්‌ථ දහම් මන්දිරයේ පැවැත්වේ.
වංශනාථ විඡේසිංහ
(ශ්‍රී නිශ්ශංක පදනමේ අනුශාසක)
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්
http://www.divaina.com/2014/02/26/feature02.html
9:02 PM
slnews
0 comments :
Post a Comment