Tuesday, February 25, 2014



වන උද්‍යානවල සිදුවන නීති විරෝධී ක්‍රියා සොයන්න ගෙනා යානය අතුරුදන්

වන උද්‍යානවල සිදුවන නීති විරෝධී ක්‍රියා සොයා බැලීමට පසුගියදා මැලේසියාවෙන් වනජීවී අමාත්‍යංශය ගෙන්වන ලද නියමුවන් රහිත දුරස්ථපාලක සැහැල්ලු ගුවන් යානය (කේලමා) පාලන නිලධාරීන්ගෙන් මිදී යාල වනෝද්‍යානයේ කලාප අංක තුන ප්‍රදේශයේදී අතුරුදන්ව ඇති බව වනජීවී සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහා පැවැසීය.

මේ යානාවෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේදී සිදුකරන ලද සමීක්ෂණ කටයුතු සාර්ථක වී ඇති අතර ඉන් පසු ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේදී කරන ලද පරීක්ෂණ මෙහෙයුමකදී යානය පාලනයෙන් මිදී ගොස් ඇත.

යම් හෙයකින් යානය පාලනයෙන් මිදුනහොත් එය අදාළ රටේ නිශ්චිත ස්ථානයකට ගමන් කිරීම සඳහා යානාවට දත්ත කවා ඇති හෙයින් මැලේසියාව දෙසට ගමන් කරන්නට ඇතැයි වනජීවී අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙය සුළු සිදුවීමක් වන හෙයින් තවත් මෙවැනිම යානා වනජීවී අමාත්‍යංශයට ලබාගෙන වන උද්‍යානවල සිදුවන නීති විරෝධී ක්‍රියා සොයා බැලීමට යොදවන බවයි.

http://www.mawbima.lk/34-52092-news-detail.html

0 comments :

Post a Comment