එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන්ගේ ගෝලයන් දෙදෙනකු වන ගෝපී සහ නවනීදන් අප්පන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියේ අවශ්‍යතා මත උතුරේ සීමිත ක්‍රියාන්විත ක්‍රියාත්මක කරන බව යුද හමුදාව පවසයි. හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රුවන් විජේසූරිය මහතා සඳහන් කෙළේ එම සැකකරුවන් දෙදෙනා සැඟවී සිටින බවට ලැබෙන රහසිගත තොරතුරු මත හමුදා සහාය මත එම ක්‍රියාන්විත සිදුකරන බවයි.
එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවන පරිදි රහසිගත තොරතුරක් ලබාදෙන පුද්ගලයන්ට රුපියල් ලක්‍ෂ 10ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලිසිය තීරණය කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කෙළේ ගෝපී හෙවත් කාසියන් නමින් හඳුන්වන පුද්ගලයා උස අඩි 6ක් හා තලෙළු සිරුරක් ඇත්තකු බවයි. මොහුගේ මුහුණේ වම්පස තොලට උඩින් කැපුම් තුවාල කැළලක්ද ඇති බවයි.
නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් නමින් හඳුන්වන සැකකරු අඩි 5යි අඟල් 7ක් උසැති තලෙළු සිරුරක් ඇත්තකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. එම පුද්ගලයන් පිළිබඳ තොරතුරක් ලදහොත් දුරකතන අංක 011-2451636 හෝ ෆැක්ස් අංක 011-2321838 වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක්ද කර ඇත. මේ සැකකරුවන් සෙවීම සඳහා වවුනියාව, මුලතිව්, කිලිනොච්චි ප්‍රදේශවල හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කොට තිබේ. තොරතුරු ලබාදෙන්නාගේ අනන්‍යතාව ආරක්‍ෂා කරන බවද පොලිස් මූලස්ථානය පවසයි.
මේ අතර එම සැකකරුවන් දෙදෙනා පිළිබඳ
පරීක්‍ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේ මේ සැකකරුවන් දෙදෙනා පසුගිය යුද සමයේ ආරක්‍ෂක හමුදාවලට හසුනොවී සැඟවී සිටි දෙදෙනකු බව හෙළිවී ඇති බවයි.
මීට සති කීපයකට පෙර යාපනය පලෙයි ප්‍රදේශයේදී රාජ්‍ය විරෝධී පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන ගිය පුද්ගලයන් කීපදෙනකු ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ සැකකරුවන් දෙදෙනා ගෙන යන රාජ්‍ය විරෝධී ක්‍රියා පද්ධතිය අන්තර්ජාතිකය දක්වා රහසිගතව පැතිරීගොස් ඇති අන්දම ගැන තොරතුරු හෙළිදරව් වී තිබේ.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ව්‍යාපාරයේ සිටි බුද්ධි අංශ නායකයකු වන පොට්ටුඅම්මාන්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනකු වන මේ සැකකරුවන් පසුගියදා කිලිනොච්චි ධර්මපුරම් ප්‍රදේශයේදී උප පොලිස් පරීක්‍ෂකවරයකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට පොලිසියට අවශ්‍යව සිටින දෙදෙනකු බවද එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය.
http://www.mawbima.lk/
8:48 PM
slnews
0 comments :
Post a Comment