Sunday, March 23, 2014



දෙමළ සන්ධානය තහනම් කරන්න


බෙදුම්වාදයේ දෙවැනි ඉනිමේ නායකත්වය ගෙන සිටින විග්නේශ්වරන් ප්‍රභාකරන්ට වඩා භයානක සීතල ගමනක් යමින් සිටින බැවින් දෙමළ ජාතික සන්ධානය තහනම් කොට නාසිවාදය පරාජය කළ යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි. 'ජිනීවා අභියෝගය ජයගන්නා මඟ' යනුවෙන් වර්ණසිංහ මහතා ඉදිරිපත් කළ 18 වැදෑරුම් වැඩපිළිවෙළ එළිදැක්වීම පිණිස කොළඹ පදනම් ආයතනයේදී පසුගියදා (21දා) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය.

රාවණා බලය සංවිධානයේ අක්මීමන දයාරතන හිමි ඇතුළු මහා සංඝයා වහන්සේද ජාතික හෙළ උරුමය නායක ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

වර්ණසිංහ මහතා මෙසේද කීවේය.
පශ්චාත් බෙදුම්වාදයේ දෙවැනි ඉනිමේ නායකත්වය ගෙන සිටින විග්නේශ්වරන් අපි දකින්නේ ප්‍රභාකරන්ටත් වඩා භයානක මිනිසකු ලෙසයි. ඔහු ආයුධ අතින් ගෙන නැහැ. එහෙත් සීතල යුද්ධය ආරම්භ කර තිබෙනවා. ඔහු මෙරට ජනතාවට එරෙහි ලෝක ජනමතය ගොඩනඟනවා.

අපි දන්නවා යුක්රේන ජනරජයෙන් ක්‍රිමියාව වෙන් වුණා. ජනමත විමසුමක් ඊට යොදා ගත්තා. විග්නේශ්වරන් එවැනි ගමනකට ඉව අල්ලනවා. ළඟදීම ස්කොට්ලන්තයත් එලෙස වෙන්වීමට ජනමතය විමසනවා. මේකට අන්තර්ජාතික උදවු තියෙනවා. නෙදියවන්, විනයාගමූර්ති නෝර්වේවල සිට ලංකාවට විරුද්ධව ක්‍රියා කරනවා. එම්මානුවෙල් පියතුමා ලංකාවේ සිට ක්‍රියාත්මක වන අන්දම පසුගියදා හෙළි වුණා. ඇඩෙලා බාලසිංහම් යුරෝපය පුරා මතය ගොඩනඟමින් ඉන්නවා. මේ සියලු බලවේග එකම අරමුණක සිටිනවා.


http://www.mawbima.lk/

0 comments :

Post a Comment