Monday, March 3, 2014

වදුරව, ලේල්වල වතුයායේ දෙවැනි කොටසේ විවෘත කිරීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන බද්දේගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඞී.ඊ. ගුරුගේ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
ඞී.ඊ. ගුරුගේ මහතා පොලිස් ඇප මත මේ වවිට මුදාහැර තිබේ.
එම කාර්යාලය විවෘත කිරීම සඳහා සූදානම්ව තිබියදී සැකකාර මන්ත‍්‍රීවරයා තවත් කිහිපදෙනකු සමඟ අලාභහානි කළ බවට දකුණු පළාත් සභා අපේක්ෂක ටී. රාජේන්ද්‍රන් මහතා වදුරව පොලිසියට කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව මොහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවැසී ය. 

http://www.rivira.lk/

0 comments :

Post a Comment