Sunday, March 9, 2014


ජාත්‍යන්තර ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා බ්‍රිතාන්‍ය දෙමළ සංසදය විසින් අඛන්ඩවම සාකච්ඡා පවත්වමින් සිටියි. (ලන්කාවින් වෙබ් අඩවිය)
ශ්‍රී ලංකාව සම්න්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරමින් බ්‍රිතාන්‍ය දෙමළ සංසදය රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. ඒ අනුව බ්‍රිතාන්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වමින් සිටියි.
ඇන්ඩි ලව්:
සුළු ජාතික දෙමළ ජනතාව වෙනුවෙන් හඬනැගීමත් වශයෙන්, බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා රජයට එරෙහිව සිදුකරන සියළු කටයුතු වලට තමා පූර්ණ සහයෝගය ලබාදෙන බව කම්කරු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩි ලව් බ්‍රිතාන්‍ය දෙමළ සංසදයට පොරොන්දු වී ඇත.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය දැඩි උනන්දුවක් දක්වා සිටින බව ප්‍රකාශ කල ඔහු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, ජාත්‍යන්තර ස්වාධින පරීක්‍ෂණ ක්‍රමවේදයක් අවධාරණය කරන අයුරින් කටයුතු කිරීමට බ්‍රිතාන්‍යය සැලසුම් කර ඇති බව ප්‍රකා‍ශ කර ඇත.
ශ්‍රී ලංකාව තුල දෙමළ ජාතී ඝාතනයක් සිදුව ඇති අතර දෙමළ ජනතාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුවන බවද, ඇන්ඩි ලව් ප්‍රකාශ කර ඇත.
ස්ටීපන් ටිම්ස් :
බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ නියෝජිතයින් කිහිප දෙනෙකු බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන Stephen Timms හමුවී සාකච්ඡා කර ඇත. තමා බ්‍රිතාන්‍යයේ පාලක පක්‍ෂය සමඟ එක්ව  ජාත්‍යන්තර ස්වාධීන පරීක්‍ෂණ ක්‍රමවේදයක අවශ්‍යතාවය අවධාරණය කරන බව මෙම සාකච්ඡාවේදී, Stephen Timms ප්‍රකාශ කර ඇත.
සේරා චැන්පියන්:
කම්කරු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සේරා චැන්පියන්, දෙමළ ජනතාවට යුක්තියක් ලබාදීමට බ්‍රිතාන්‍ය දෙමළ සංසදයට සහයෝගය ලබාදෙන බවට පොරොන්දු වී ඇති අතර ජාත්‍යන්තර ස්වාධීන පරීක්‍ෂණයක වැදගත්කම සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය රජය සමඟ එක්ව හඬ නඟන බව ප්‍රකාශ කර ඇත.
ශ්‍රීවේකර් :
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රීවේකර්, ශ්‍රී ලංකාවේ ගැටළුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පැහැදිලි  යෝජනාවත් ගෙන ඇති බවත්, එමගින් ජාත්‍යන්තර පරීක්‍ෂණ ක්‍රමවේදයක් අවශ්‍ය බව අවධාරණය කරන බව ප්‍රකාශ කර ඇති අතර, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමඟ මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවට පොරොන්දු වී ඇත.
poll vulompilt
බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන poll vulompilt, දෙමළ ජනතාවගේ ගැටළුව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ස්වාධින පරීක්ෂණ ක්‍රමවේදයක අවශ්‍යතාවය පිළිබඳව යෝජනාවේ සඳහන් කර නොතීබීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටුවට පත්වන බවත් මේ සම්බන්ධයෙන් අගමැති ඩේව්ඩ් කැමර් සහ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් ප්‍රකාශ කර ඇත.
“එක්සත් රාජධානියේ එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්ස් සහ උතුරු අයර්ලන්තය යනාදී සියළු ප්‍රාන්තවල දෙමළ ජනතාව ජීවත්වේ. අපගේ ජනතාව වෙනුවෙන් අපගේ භූමිය සහ අයිතීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහය පතමින් යුක්තිය ඉල්ලා සිටීම අපගේ වගකීමකි. ඔබලාද ඔබලාගේ ප්‍රදේශයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවී මෙම කරුණ සම්බන්ධයෙන් අවධාරණය කල යුතුය. මේ සම්බන්ධයෙන් ඔබලාට උදව් ලබාදීමට බ්‍රිතාන්‍ය දෙමළ සංසදය සූදානමින් සිටියි” යනුවෙන් මෙම සාකච්ඡා වලදී බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ප්‍රකාශ කර ඇත.


http://www.lankatnews.com/?p=14531

0 comments :

Post a Comment