බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන තුනක් මොනරාගල දිස්ත්‍රික්කයට ඇතුලත් කිරීමට එරෙහිව සියලු පක්ෂ ඒකරාශීව අධිකරණය වෙත යෑමට සූදානම් විය යුතු යැයි ජාතික සමගී පෙරමුණේ නායක අසාද් සාලි මහතා පැවැසීය.
වාමාංශික නායකයකුගේ පුතකු වන මැතිවරණ කොමසාරිස්වරයා බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන තුනක් මොනරාගල දිස්ත්‍රික්කයට ඇතුලත් කිරීම භයානක තත්ත්වයක් වනු ඇති බවත් සුළු ජාතීන් අපහසුතාවට පත් කිරීමට සූදානම් වන්නේද යන සැකයක් පැනනැගින බවත් අසාද් සාලි මහතා පැවැසීය.
හෙතෙම මෙසේද පැවැසීය.
යාපනේට ගිය සුළු පිරිසක් පාගමනක් ආරම්භ කරන්න ගියාම පොලිසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ගෙනාවා. නමුත් අලුත්ගම සිද්ධිය වෙන්න කලින් අනතුරු ඇගවීම් තිබිලත් එහේ පොලිසිය එහෙම කලේ නැහැ. අපි දන්නවා මානව හිමිකම් කොමිසමත් ආණ්ඩුවේ. ඒත් අපි සිදුවීම්වලදී එතැනට පැමිණිලි කරන්නෙ මේවා 'රෙකෝඩ්' වීම ඉතිහාසයට වැදගත් නිසා. අපි ඉදිරියේදී අලුත්ගම සිද්ධිය අබ සරණයි කියා ඥානසාර හිමි කී දේ සිට එම කතාව නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට අපි කල පැමිණිල්ල සහ එතැන සියලු දේ ගැන අපි ආගමික පොලිසියට පැමිණිලි කරනවා. 'අබ සරණයි' කිවේ අර්ථය විග්‍රහ කරගන්න පොලිසියේ කවුරුත් දන්නෙ නැහැ. එකම එක රූපවාහිනි නාලිකාවකුයි එය හොයලා පැහැදිලි කරේ.
පාසලකට මවයි පියායි දරුවව අරගෙන යන්න බිය වෙලා. රටේ හැම ආයතනයක්ම හමුදාකරණය වෙනවා. ඉදිරියේදී ග්‍රාමසේවකලටත් හමුදා 'යුනිෆෝම්' අන්දවාවි. උපුල් ජයසූරිය මහතාව නාඳුනන මිනිසකු ලුහුබැඳීම ගැන ආණ්ඩුව ප්‍රකාශයක් කල යුතුයි.
http://www.mawbima.lk/

9:49 PM
slnews
0 comments :
Post a Comment