Sunday, June 29, 2014


ලක්ෂ්මී ජයකොඩි
බස් ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව මේ වර්ෂයට අදාළව බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය, අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.


බස් ගාස්තු වැඩිවීමට බලපාන පිරිවැය වැඩි වී තිබීමේ හේතුවෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පෙන්වා දෙමින් එම සංගම් මෙම ඉල්ලීම කරයි. බස් ගාස්තු වැඩිවීමට අදාළ ඉන්ධන පිරිවැයට අමතරව අනෙකුත් සියලු පිරිවැය ඉහළ ගොස් ඇති බව කී සමස්ත ලංකා පෞද්ලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කීවේ බස් ගාස්තු වැඩිවීම වෙනුවට සහනාධාර ඉල්ලා හිටියත් එම ඉල්ලීම් කිසිවක් ඉටු කිරීමට රජය අපොහොසත්ව ඇති බැවින් මෙලෙස බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින බවයි.


මේ සම්බන්ධයෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතාගෙන් අප විමසන විට ඔහු කීවේ බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වන අතර බස් ගාස්තු ප්‍රතිපත්තියේ පවතින විසමතා ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවය.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීවේ ජූලි 01 වැනිදාට බස් ගාස්තු වැඩි නොකරන අතර බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තම සංගමය ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබෙන බැවින් එම නඩුවේ තීරණය භාර ගැනීමට තම සංගමය සූදානමින් සිටින බවයි.

http://www.mawbima.lk/86-62109-news-detail.html

0 comments :

Post a Comment