Sunday, January 26, 2014

දෙමළ ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් කඩිනමින් නොලැබෙන්නේ නම් එළැඹෙන නිදහස් දිනය කළු දිනයක් ලෙස උතුරේ සැමරීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි කේ. සිවාජිලිංගම් මහතා 'මව්බිම'ට කීය. ශ්‍රී ලංකාවේ ජීවත් වන සිංහල ජනයාට පූර්ණ නිදහස ලැබී තිබුණත් දෙමළ ජනයාට මෙවැනි නිදහසක් ලැබී නැති බව කී හෙතෙම තම මේ තීරණය යෝජනාවක් ලෙස උතුරු පළාත් සභාවටත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කෙළේය.

ජනතාව විසින් තෝරාගත් උතුරු පළාත් සභාවට නිසියාකාරව කටයුතු කිරීමට අවශ්‍ය අවකාශය රාජපක්‍ෂ ආණ්ඩුව සලසා දිය යුතු බවද හෙතෙම සඳහන් කෙළේය.
උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූ ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික ප්‍රජාව මුළා කරමින් සිටින බවකී ඒ මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා උතුරු පළාත් ලේකම්වරිය සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගත යුතුව තිබෙන බවද පැවැසීය.

තම බලාපොරොත්තු ඉටු නොවීම හමුවේ දෙමළ ජාතික සන්ධානයට ඡන්දය ලබාදුන් ජනතාව තම සන්ධානය කෙරෙහි කෝපයෙන් සිටින බවද ඒ හේතුවෙන් මේ කළු දින විරෝධයට දෙමළ ජාතික සන්ධානයේ සියලුම සාමාජිකයන් සහ උතුරේ ජනතාවගෙන් සහාය ලබාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් කීය.


http://www.mawbima.lk/34-49165-news-detail.html
කිසිම හේතුවක් නිසා මං වගේ පුරවැසියකුට අපේ වගේ රටක ජනාධිපති වෙන්න පුළුවන් කියන දේ මම හීනෙකින්වත් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා හිතන්න මේක විහිළුවක්. කිසිසේත්ම මං මේ විග්‍රහ කරන්නේ යථාර්ථයක් නෙවෙයි. හැබැයි මං හීනයක් දැක්කා උදේ පාන්දර ඒ හීනේ ඔබට කියනවා කියලා හිතන්න.

  වැස්සකටවත් ඉස්කෝලේ යන්න 
  ඕනමයි. 
පළමුවැනි දේ තමයි ලංකාවේ බහුතර සබුද්ධික මිනිසුන්ව පාලනය කරන්නේ ප්‍රඥාවක් නැති මිනිස්සු. ඒ නිසා මං පළමුවැනියෙන්ම කරන දේ තමයි ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා, පාර්ලිමේන්තු වගේ මැතිවරණවලට ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ට කොන්දේසියක් දානවා. ඒ කොන්දේසිය තමයි අවම වශයෙන් ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕන. උසස් පෙළ පාස්වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉස්කෝලෙකටවත් පයගහලා නැති කිසිම මැට්ටකුට, අධ්‍යාපනයේ වටිනාකමක් දන්නෙ නැති කෙනකුට ඡන්දෙ ඉල්ලන්න දෙන්නෙ නෑ. නීතියක් ගේනවා. මැතිවරණවලට ඉල්ලන්න පළමුවැනි සුදුසුකම පාලකයන්ගේ පුතෙක් වෙන එක නෙවෙයි. මන්ත්‍රි කෙනෙක්ගේ දුවෙක් වෙන එක නෙවෙයි, ස්වාමියා මැරුණු බිරියට චිට් එක දෙන එක නෙවෙයි පළමුවැනි සුදුසුකම තමය උසස්පෙළ පාස්වෙලා තියෙන්න ඕන.

  සතියක නඩු විභාගයකින් ඔක්කොම 
  එල්ලනවා. 
දෙවනුව මං කරන වැඩේ ලංකාවේ මන්ත්‍රිවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ වැටුප දහගුණයකින් වැඩි කරනවා. ඒගොල්ලොම කියලා තිබුණා ළඟදී මේ ලැබෙන වැටුපෙන් විතරක් ජීවත්වෙන්න බෑ කියලා. ඒකෙන් ව්‍යංගයෙන් කියන්නේ එක්කෝ මදි නිසා හොරකම් කරන්න වෙනවා, කුඩු ගේන්න වෙනවා නැත්නම් එතනෝල් ගේන්න වෙනවා කියන එක. මේක වළක්ක ගන්න මං කරන්නේ ඒගොල්ලන්ගේ වැටුප දහගුණයකින් වැඩිකරනවා. එතනින් පස්සේ හොරකම් කළොත්, කොමිස් ගැහුවොත්, කුඩු ගෙන්නුවොත්, එතනෝල් ගෙන්නුවොත් සතියක නඩු විභාගයකින් පස්සේ එල්ලා මරන්න නියම කරනවා හරි..... ජීවත් වෙන්න මේක මදිනම් මේ වගේ දහගුණයක් දෙන්නම්. ඊටත් පස්සේ හොරකම් කරන්න බෑ.

  මගේ ෆැන්ටසි ලංකාව මෙහෙමයි.  
ඒ ෆැන්ටසි ලංකාවේ පුරවැසියෝ සතුටෙන් ඉන්න ජාතියක් වෙන්න ඕන. පළමුවැනි කාරණය තමයි අපි ජීවත් වෙන්නේ අසංස්කෘතික රටක. එතකොට ඒක සංස්කෘතික රටක් වෙන්න ඕන. ඒ අසංස්කෘතික රටේ අසංස්කෘතිය වෙනුවට සංස්කෘතිය තියෙන්න ඕන. සදාචාර විරෝධය වෙනුවට සදාචාරයක් තියෙනවා.
මිනිසුන්ට පුරවැසි අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා. තමන්ට කැමැති අදහසක්, තමන්ට කැමැති මතයක් දැරීමේ නිදහස තියෙනවා. තමන්ට කැමැති ආගමක් අදහන්න හෝ අදහන ආගමක් වෙනස් කරගන්න හෝ ආගමක් අදහන්නෙ නැතිව ඉන්න අයිතිය තියෙනවා.

  ප්‍රඥාව ආයෝජනය කරනවා.  
මගේ සංවර්ධන උපාය මාර්ගය වෙන්නේ ප්‍රඥාව. ලෝකෙට අපේ රටෙන් ආයෝජනය කරන්න පුළුවන් හොඳම දේ ප්‍රඥාව. අපි කෘෂිකර්මාන්තය ගැන කතා කළාට අපේ රටේ හදන අර්තාපල් ප්‍රමාණය ලංකාවට මදි. අපේ රටේ හැදෙන ගෝවා ගෙඩි ප්‍රමාණය අපිට කන්නත් මදි. මං හිතන්නේ අපේ රටේ ප්‍රඥාව තමයි මිල කරන්න පුළුවන් දේ. උදාහරණයක් කිව්වොත් ලංකාවේ එකවුන්ටන්ලා ඉන්නවා ලෝකෙටම ගණන් හදන්න පුළුවන් ප්‍රමාණයට. ඒ නිසා ප්‍රඥාවන්තයෝ තමයි මගේ ආයෝජනය වෙන්නේ.

  ඉංග්‍රීසියෙන් කතා කරලා සිංහලෙන් 
  අස්සන් කරන්න. 
මම සිංහල භාෂාව සංකේතයක් හැටියට තියාගෙන ඉංග්‍රීසි භාෂාව ප්‍රමෝට් කරනවා. අනන්‍යතාව වෙනුවෙන් සිංහලෙන් අස්සන් කරන්න කියනවා. මොකද ලෝකෙත් එක්ක වැඩ කරන්න සිංහලෙන් බැරි නිසා.

  කසිප්පු බොන්න බෑ : විස්කි බ්‍රැන්ඩි 
  විතරයි 
ඊළඟට ලංකාවේ වකුගඩු ප්‍රශ්නය ගමු. දැන් අදහසක් තියෙනවානේ මතට තිත කියලා. සන්නස්ගල චින්තනය යටතේ එකක් ගේනවා ‘මඳ පමණට මත’ කියලා. ඒකෙදි කරන්නේ කසිප්පු බොන එක නවත්තනවා. ඒවාට යූරියා දාන එක, කටුදාන එක, එතනෝල් දාන එක නවත්තනවා. ඕන කෙනකුට තමන්ගේ ගෙවල්වලම හැළි අරක්කු ටිකක් හදාගන්න අවසර දෙනවා. කිතුල් රා ටිකක්, පොල් ගහක් මැදගන්න අවසර දෙනවා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාවට අනුව ‘මඳ පමණට මත’ කියන්නේ. බාර් කියන එක නැති කරනවා. ඕනම සිල්ලර කඩයක කොකා කෝලා එකක් ගන්නවා වගේ හොඳම වර්ගයේ මත්පැන් ටිකක් ගන්න පුළුවන්. ගමේ කසිප්පු බොන අයට කියන්නේ විස්කි පොඩ්ඩක්, බ්‍රැන්ඩි පොඩ්ඩක් මඳ පමණට ගන්න කියලා.

  ප්‍රයිවට් බස් එකේ ආවත් එකයි. 
  සී.ටී.බී. බස් එකේ ආවත් එකයි 
රෝගියෙක් වුණාම බෙහෙත් ගන්න ඕන. මට වැඩක් නෑ රෝගියා බෙහෙත් ගන්නේ ප්‍රයිවට් ඉස්පිරිතාලෙන්ද මහ ඉස්පිරිතාලෙන්ද කියන එක. රෝගියා සුවපත් වන එක තමයි අරමුණ. මට වැඩක් නෑ මනුස්සයෙක් අවිස්සාවේල්ලෙ ඉඳන් පිටකොටුවට එන්නේ ප්‍රයිවට් බස් එකෙන්ද, සී.ටී.බී. එකෙන්ද කියලා. ගමනාන්තයට පහසුවෙන් යන්නෙ මොකක්ද ඒක තමයි පුරවැසියාගේ සතුට. අධ්‍යාපනයත් එහෙමයි. ටියුෂන් කරලා ඒ මනුස්සයා ගොඩ යනවද, ඉස්කෝලේ ගිහින් ගොඩ යනවද කියන එක නෙවෙයි අධ්‍යාපනයේ ගමනාන්තයට යන්නේ කොහොමද එතන තමයි සතුට තියෙන්නේ.

  මගේ අගමැති ශිරාණි 
මගේ අගමැති වෙන්නේ ශිරාණි බණ්ඩාරනායක. හේතුව තමයි එකක් ඇය ස්ත්‍රියක් වීම. දෙක ඇය සවිඥානික කෙනෙක් වීම. ඇය උසස් අධ්‍යාපනය ලබලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වශයෙන් ඉඳල තියෙනවා. අධිකරණ ක්‍ෂේත්‍රය සම්බන්ධ මහා ප්‍රඥාවක් තියෙනවා. ස්ත්‍රියක් විදියට ලංකාවේ අගවිනිසුරුවරිය බවට පත්වෙලා තියෙනවා. බොහොම ප්‍රකට පාසල්වල වගේම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය වගේ දුෂ්කර පාසල්වලත් ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ කාරණා ටික හොඳටම ප්‍රමාණවත් ඇයව අගමැති වශයෙන් පත්කරගන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙන නීති රීති ක්‍රියාත්මක කරන්නත් මට ඒක වාසියක් වෙනවා.

  දෙමළාට වගේම සිංහලයාටත් 
  විසඳුමක් දෙනවා 
දෙමළාට තියෙන ප්‍රශ්නය දෙමළ ප්‍රශ්නයක් කියලා පිළිගන්න ඕන. සිංහලයාට තිබෙන ප්‍රශ්නය සිංහල ප්‍රශ්නයක් කියලා පිළිගන්න ඕන. මේ රටේ ඉන්න මුසල්මානුවන්ටත් ප්‍රශ්නයක් තියෙන බව පිළිගන්න ඕන. මේ රටේ කුල භේදය කියලා දෙයක් තිබෙන බව පිළිගන්න ඕන. මේ රටේ ආගමික පීඩාවක් තියෙනවා කියලා පිළිගන්න ඕන. එතකොට මම ජනාධිපති වුණු ගමන් ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න මට පුළුවන් වෙනවා.

  ඩයස්පෝරාවෙන් රටේ කෑල්ලක් 
  ඉල්ලුවොත් 
උදාහරණයක් ගත්තොත් මගේ ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දරුවෝ දෙන්නටම මේ ගෙදර අයිතිවාසිකමක් තියෙනවා නම් එහෙම නිදහසේ හැසිරෙන්න, කවුරුවත් දරුවෙක් මේ ගෙදර එක කාමරයක් වෙන්කරගෙන පදිංචි වෙන්න උත්සාහ කරන එකක් නෑ. මොකද කාමරේ දෙන්නටම අයිති හින්දා.

  ඔළුවට මොළයක් බද්ධ කරනවා 
යං ජෙනරේෂන් එකට ඔළුවක් තියෙනවානේ. උන්ට දෙන්න ඕන මොළයක්. ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන ඔළුවක් දීම තමයි තරුණ කටයුතු අමාත්‍යංශයේ කාර්යභාරය වෙන්නේ.

  මගේ ප්‍රධානම හතුරා 
ජාතිවාදීන්, ආගම්වාදීන් මගේ ප්‍රධානම හතුරා වෙයි.

  පුතා දේශපාලනයට එන්න ඕන 
  කිව්වොත් 
මම පැනලා කියනවා කරපන් කියලා. අප්පාට බැරිවෙච්ච දේ පුතා කරන්න ඕන. අප්පා කරපු දේ පුතා නොකළොත් උෟ නොට්ටිගේ පුතා වෙනවා.

  හත්මුතු පරම්පරාවකටම 
  හම්බකරගන්නේ 
මම හත්මුතු පරම්පරාවකටම හම්බ කරලා ඉවරයි. ඒ නිසා ඔය ටික ඔක්කොම කරලා මාසයක් විතර ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා.

  ඇමරිකාවෙන් පාලනයට ඇඟිලි 
  ගැහුවොත් 
මං ඇමෙරිකාවට කියනවා මටත් ඇඟිලි 10ක් තියෙනවා, මමත් ලංකාවේ හොඳට ඇඟිලි ගැහුව කොල්ලෙක් තමයි කියලා.



සුභාෂිණී ගුණරත්න

http://www.mawbima.lk/57-48946-news-detail.html

Sunday, January 12, 2014

1940 දී හෙන්රි ෆෝඩ් අදටත් මිනිසුනට මතකයේ සිටින කතාවක් කීවේය. “මා කියන දේ හොඳින් මතක තබා ගන්න. මෝටර් රථයත්, ගුවන් යානයත් ඒකාබද්ධ කොට නිපද වූ වාහනයක් අනාගතයේ බිහිවෙනවා. එ කතාවට ඔබලා හිනාවේවි. ඒත් ඒ වාහනය එනවාමයි.”

Henry fordහෙන්රි ෆෝඩ් මෝටර් රථයේ නිර්මාතෘ නොවේ. මෝටර් රථය නිර්මාණය කළේ කාල් බෙන්ස්ය. ඒ 1886 දීය. ඩෙයිම්ලර් ගෲප් නමින් අදටත් පවතින්නේ ඔහුගේ බෙන්ස් මෝටර් රථ සමාගමය. එහෙත් හෙන්රි ෆෝඩ් 20 වන සියවසේ, මෝටර් රථ ගමනා ගමනයට සාමාන්‍ය පුද්ගලයාටද එකතුවිය හැකි ආකාරයේ මිලෙන් අඩු වාහන නිපදවා, මහා පරිමාණයෙන් වාහන නිපදවීම ආරම්භ කළ පුද්ගලයාය. ඒ 1914 සිටය. 
ඔහුගේ අනාවැකිය මල්පල ගන්වමින් ඊට වසර 9කට පසු එනම්, දෙවන ලෝක යුද්ධය අවසන් වී මඳ කලකට පසු මෝල්ටන් ටේලර් විසින් ඔහුගේ ප්‍රථම පියාසර කරන මෝටර් රථය නිපදවීය. එය එයරො කාර් (Aero car) ලෙස හැඳින්විණ. ඔහු වොෂිංටන්වල එයරො කාර් ඉන්ටනැෂනල් නමින් සමාගමක්ද ආරම්භ කොට එබඳු වාහන නිපදවීම පටන් ගත්තද එය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත නොවීය. ඔහු විසින් එයරො කාර් 6ක් පමණක් නිපදවීයයි ඉතිහාසයේ සඳහන් වෙයි. 
නැවතත් පියාසර කරන මෝටර් රථයක් පිළිබඳ අසන්නට ලැබෙන්නේ 1973 දීය. හෙන්රි ස්මොලින්ස්කි (Henry Smolinsky) විසින් ෆෝඩ් පින්ටෝ වර්ගයේ මෝටර් රථයක පසුපසට සෙස්නා  ස්කයි මාස්ටර් වර්ගයේ ගුවන් යානාවක පසුපස කොටස සම්බන්ධකොට පියාසර කළ හැකි මෝටර් රථයක් නිපදවීය. එය අවශ්‍ය විටෙක පසුපස කොටස ගලවා දමා කාරයක් ලෙස පමණක් පාවිච්චි කළ හැකිව තිබුණේ යයි සඳහන් වේ. 1974 දී එබඳු වාහන නිපදවා වෙළෙඳපළට නිකුත් කිරීමට ඔහු බලා‍පොරොත්තු වුවද 1973 සැප්තැම්බර් 11 ගුවන් නියමු හැරල්ඩ් බ්‍ලේක් හා ගිය අත්හදා බැලීමේ ගුවන් ගමනේදී එක් තටුවක් කඩා වැටීම හේතුවෙන් දෙදෙනාම මරුමුවට පත්විය. තටුව කඩා වැටීමට හේතුවී henry-smolinskiතිබුණේ නිසි පරිදි  පාස්සා නොතිබිම යයි පසුව කළ පරීක්ෂණවලදී හෙළිවිය. 
නිරන්තරයෙන් අලුත් දේ සොයා යන්නවුන් නිසා සියල්ල කලින් කලට වෙනස් වෙයි. ඔවුහු තමන්ගේ නව සංකල්ප හෝ අන්‍යයන් විසින් කළ නව සොයාගැනීම් හෝ තවදුරටත් දියුණු කර එදිනෙදා කටයුතුවලදී මිනිසුනට අවශ්‍ය වන ප්‍රයෝජනවත් දෙයක් බිහිකරයි. 
අද, ෙදෙනික කටයුතු සඳහා දිනපතා වාහන තදබදය හේතුවෙන් මහමග කාලය කා දමන මිනිසුන් වෙනුවෙන් නැවතත් පියාසර කරන මෝටර් රථයක් පැමිණ තිබේ. එය සාමාන්‍ය කාරයක් මෙන් මහමග ගමන් කළ හැකි අවශ්‍ය විටෙක ගුවන් ගතකළ හැකි දෙමුහුන් (Hybrid) වර්ගයේ වාහනයකි. එය හැඳින්වෙන්නේ රෝමොබිල් 2.5 ලෙසිනි. 
එය හැරී ‍පොටර් චිත්‍රපටයේ ජවනිකාවල මෙන් පාරේ ගමන් කරන විට, අවශ්‍ය වූ විටක අහසට පැන නැගී පියාසර කරන වාහනයක් පැදවීමට මිනිසුන් තුළ වූ සිහිනය මල්පල ගැනීමක් බඳුය. 
මෙවර පියාසර කරන කාරය නිපදවා ඇත්තේ ස්ලොවේකියා ජනරජයේ බ්‍රැට්ස්ලාවා හි ස්ටෙෆන් ක්‍ලේන් හා ජුරාක් වැතුලින් දෙදෙනා විසින් මෙහෙයනු ලබන එයරොමොබිල් සමාගම විසිනි. 
මේ රථය ගුවනේ ගමන් කරද්දී දෙපසට විහිදෙන තටු දෙකකින් යුක්ත වුවද අවශ්‍ය විටක ඒවා හකුලාගත හැකි බැවින්, සාමාන්‍යයෙන් ඉඩකඩ සහිත වාහන නවතා තබන අංගණයක වුවද නවතා තැබිය හැකිය. එපමණක් නොව, අනෙකුත් වාහනවලට මෙන් මෙයටද සාමාන්‍ය පිරවුම් හල්වලින් ඉන්ධන පුරවාගත හැකි වීමද තවත් විශේෂත්වයකි. අවශ්‍ය වන්නේ ඊයම් නොමැති සුපිරි ඉන්ධන භාවිතා කිරීමයි. 
එයරොමොබිල් 2.5 යනු එම සමාගම නිපද වූ පියාසර කරන මෝටර් රථයේ වර්තමාන මොඩලයයි. මෙහි ගමන් කළ හැක්කේ රියැදුරුට පමණි. කිලෝ ග්‍රෑම් 450ක් බරැති මෙය කාරයක් ලෙසින් භාවිතා වෙද්දී පලලින් මීටර් 1 1/2කි. දිගින් මීටර් 6කි. ගුවන් යානයක් ලෙසින් එය පළලින් මීටර් 8.2ක් වේ. ඒ දෙපස තටු දිග හැරුනු විටය. මෙය, ඔවුන් 2014 දී එළිදැක්වීමට බලා‍පොරොත්තු වන එයරොමොබිල් 3.0 මෝටර් රථයේ අත්හදා බැලීම් වස් කළ ආදර්ශකයක් සේ සැලකිය හැකිය. එයරොමොබිල් 3.0 දැනට නිපදවා ඇති මෝටර් රථයට වඩා සැහැල්ලු හා වේගවත් වන අතර රියැදුරුට හා එක් මගියෙකුට ගමන් කළ හැකි ආකාරයෙන් නිපදවෙනු ඇත. 
aeromobil-voandoඑයරොමොබිල් සමාගම පියාසර කරන මෝටර් රථ නිපදවීම පටන් ගත්තේ 1990දීය. 1994 වන විට සමාගම මුල් රථය නිපදවීය. (එයරොමොබිල් 1.0) 1995 සිට 2010 වනවිට ඔවුන්ගේ දෙවන රථය (2.0) නිපදවා අවසන් විය. ඔවුහු මේ මෝටර් රථය 2007 අප්‍රියෙල් මස ජර්මනියේ එයරොඑක්ස්‍පෝ ප්‍රදර්ශනයේදීත්, 2009 ඔක්තෝබර් මැන්චෙස්ටර්හිදීත් 2010 ප්‍රංශයේ ඛිඒඉ(ICAS (International Council of Aeronautical Science) සංගමයේදීත් 2011 ඔක්තෝබර් නැවතත් ප්‍රංශයේදීත් අවසානයේ 2012 දී බ්‍රැට්ස්ලාවාහිදීත් ප්‍රදර්ශනය කෙරින. 
මේ අතරතුර 2010 දී එයරොමොබිල් 2.5 රථය සැලසුම් කර 2013 දී නිෂ්පාදනය සම්පූර්ණ කරන ලදී. මේ වසරේ සැප්තැම්බර් මස කැනඩාවේ මොන්ට්‍රියල්හි එයරොටෙක් ප්‍රදර්ශනයේදී, මේ මෝටර් රථය මහමග ගමන් කරන අතරතුර ඉක්මනින් හා පහසුවෙන්, ගුවනේ පියාසර කරන ගුවන් යානයක් බවට පත් කරගෙන පියාසර කළ හැකි ආකාරය පෙන්වා දෙන ලදී. 
මෙම රථය මහමග ගමන් කරද්දී උපරිම වේගය පැයට සැතපුම් 99කි. එහෙත් ගුවන්ගත වන මොහොත වන විට වේගය පැයට සැතපුම් 90ක් විය යුතුය. ගුවන් යානයක් ලෙසින් එහි උපරිම වේගය පැයට සැතපුම් 124කි. එසේම සම්පූර්ණයෙන් ඉන්ධන පිරවූ විට මෝටර් රථයක් ලෙස සැතපුම් 310ක් ධාවනය කළ හැකි අතර ගුවන් යානයක් ලෙස සැතපුම් 430ක් ධාවනය කළ හැක. 
දැනටමත් මේ රථයට ගුවන් ගමන් සඳහා FAA (Federal Aviation Administration) අනුමැතිය ලැබි තිබුණද, මහා පිරිමාණ නිෂ්පාදනයක් සඳහා තවමත් සමාගමේ සැලැස්මක් නැතැයි වාර්තාවේ. 

සීතා අබේසේකර

http://www.lakbima.lk

Sunday, January 5, 2014

රාත‍්‍රියට කොළඹ කොටුවට එන කොල්ලන් සුද්ධ කරන රෑ සමනළියන් ගැන පසුගිය සතියේ රසවිතෙන් කතා කළෙමු. පළවූයේ කතාවක් දෙකක් වුවත් එවැනි කතා බොහෝය.  අතිශයින් ජනාකීර්ණ කොළඹ කොටුවේ පාළු ස්ථාන ද එමටය.

වීදි ගණිකාවන් වැඩියෙන් ඉන්නා ස්ථාන අතර කොළඹ කොටුව මුල් තැනට එන බව කියති. රාත‍්‍රියේ ද එය වැඩි වනවා මිස අඩු නොවේ. වීදි ගණිකාවන් වී සිටින ඇතැම් තරුණියන් ඒ තැනට පත් වූ ආකාරය දෙස බැලූ විට ඔවුනට ඇත්තේ අමිහිරි අත්දැකීම් ඇති ඉතිහාසයකි.

කොළඹ කොටුවේ රාත‍්‍රියට සැරිසරන වීදි ගණිකාවන් දෙතුන් දෙනකුගේ අත්දැකීම් කිහිපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරමු.

මුලින්ම හමුවූයේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගමක තරුණියකි. සිය පෙම්වතා මාර්ගයෙන් ගණිකා වෘත්තියට පිවිසුණු බව ඇය කියන්නීය.

මට දැන් අවුරුදු 27. මම ඉස්කෝලේ දහය වසරේ වගේ ඉන්දි උසස් පෙළ ලියපු අයියා කෙනෙක් එක්ක යාළු වුණා. හැමදාම ඉස්කොලෙ ඇරෙන වෙලාවට එයා එනවා. සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා. මට ඒ හතරයි. බී දෙකයි ඉතිරි ඒවා සී. මට නීතීඥවරියක් වෙන්න ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා මං උසස් පෙළ කලා කරන්න පටන් ගත්තා.

මං පන්ති ඇරෙන වෙලාවට අයියා එනවා. ඇවිත් කතා කර කර ඉදලා යනවා. මම දොළහ වසරෙන් 13 වසරට වගේ එනකොට දවසක් අයියා පන්ති පටන් ගන්න වෙලාවට අපේ පන්තිය ගාවට ඇවිත් හිටියා. එයා කිව්වා අපි අද කතා කර කර ඉන්න කොහෙට හරි යමු කියලා. මං කිව්වා පන්ති ඉවර වෙලා යමු කියලා. පන්ති ඉවරවුණාම වෙලා මදි අදට විතරයිනේ යමු කියලා කිව්වා. අයියගේ පැරැුත්තට මමත් හා කිව්වා.

අයියා ත‍්‍රීවිලර් එකක ඇවිත් හිටියේ. මාවත් දාගෙන එයාගේ යාළුවකුගේ ගෙදරට ගියා. එහේ අයියාගේ වයසේ වගේ පිරිමි ළමයි දෙතුන් දෙනෙක් හිටියා. එයාලා එක්ක ටිකක් කතා කර කර ඉදලා අයියා මාවත් එක්කගෙන එහේ කාමරයකට ගිහින් දොර වැහුවා. අපි පැයක් එක හමාරක් විතර ඒකේ හිටියේ. එතැනදි වෙන්න  ඕනේ ඒවා ඔක්කොම වුණා. අයියා බලෙන් මොනවත් කළේ නෑ. මගෙත් කැමැත්තෙන් තමයි ඔක්කොම වුණේ.

ඊට පස්සේ අපි ඒ ගෙදරින් ආවා. මගදි මම ඇඬුවා මට බයයි. ප‍්‍රශ්නයක් වෙන් නැතිවෙයි නේද කියලා. අයියා කිව්වා කිසි දේකට බය වෙන්න එපා, හැමදාම මාත් එක්ක ඉන්නවා කියලා. ඊට සතියකට විතර පස්සේ අයියා කිව්වා ආයේ අපි යමු කියලා. දැන් වෙන්න මොනවත් නැහැනේ. ඉදින් මාත් හා කිව්වා. අයියා එදා වගේම මාත් එක්ක ත‍්‍රීවිල් එකේ ගියා. ටිකක් දුර ගිහින් අයියා කිව්වා හදිසි වැඩක් තියෙනවා විනාඩි පහකින් එන්නම් මට ඒ ගෙදරට යන්න කියලා මම ගියා.

එහේ මං යද්දි තවත් ගෑනු ළමයෙකුත් හිටියා. ගිහින් විනාඩි දෙක තුනකට පස්සේ එදා අයියාගේ යාළුවා කියපු කෙනා මං ගාවින් වාඩි වුණා. වාඩි වෙලා මගේ විස්තර ඇහුවා. ටිකක් කතා කර කර ඉදලා එයා මගේ අතින් අල්ලාගෙන කිව්වා නංගි අපි කාමරේට ගිහින් ටිකක් කතා කර කර ඉමුද කියලා. මං අත ගසලා දැම්මා. එතෙන හිටපු අනිත් ගෑනු ළමයා කිව්වා නංගි ඔයාගේ අයියගේ යාළුවනේ කමක් නෑ, ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ යන්න කියලා. මං බෑ කියද්දි බලෙන් එක්කන් ගියා. අයියා එද්දි ඔක්කොම වෙලා ඉවරයි. අයියගේ යාළුවා මගේ අතට රුපියල් පන්සියක් දීලා කිව්වා නංගි  ඕකෙන් පොත් ගන්න කියලා. අයියා කිව්වා සල්ලි ගන්න කියලා. පස්සේ මට තේරුණේ අයියාගේ දැනුම්වත් කමින් මේක වෙලා තියෙන්නේ කියලා.

 ඕවගේ තව දෙතුන් වතාවක් එයා මාව රවට්ටලා දෙතුන් කෙනෙක් අතට යැව්වා. මම ඉස්කෝලේ ගමන නතර කරලා ගෙදරින් පැනලා ආවා. ඒත් අයියා මාව බැන්දේ නෑ. ආයේ ගෙදරට යන්නත් බැරි නිසා එක එක තැන්වල නැවතිලා ඉඳලා තමයි කොළඹට ආවේ.

මෙහෙදි කස්ටර්මර් කෙනෙක් හම්බුණාම අපි යනවා කොහේ හරි. මං මේක කරන්නේ රෑට විතරයි. දවල්ට පිටකොටුවෙ කඬේක වැඩ කරනවා ඇය කීවාය.
ඇයට අරමුණක් නැත. වැඩි බලාපොරොත්තුවක් ද නැත. හිත යට සඟවාගත් අඳුරු අතීතයක වේදනාව ඇතිව සැහැල්ලූවෙන් දිවි ගෙවීමට උත්සාහ කරන්නීය. මොන අඳුරු මතක තිබුණත් ඇය දැන් වීදි ගණිකාවක් වී හමාරය. දිනකට පස් හය දෙනකුගේ අතින් අතට යන්නීය.

මෙවැනි තරුණියන් රැසක් රෑ කොළඹ සැරි සරන බව ඇය කීවාය.

රෑ කොළඹ සැරිසරන ඊළග තරුණිය රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගමක පදිංචිකාරියකි. වයස අවුරුදු 34ක කතක වන ඇය දෙදරු මවකි. සැමියා හැර ගිය පසු බියගම රැකියාවකට ආ ඇය ගණිකාවක වී ඇත්තේ වැඩිපුර මුදල් සොයන්නට ගොසිනි.

මම සාමාන්‍ය පෙළ විතරයි කළේ. අවුරුදු 18 ඉවර වෙද්දිම බැන්දා.  අපි යාළු වෙලා බැන්දේ. එයා ගාමන්ට් එකක වැඩ කරපු කෙනෙක්. අවුරුදු 23 වෙද්දි මට පුතාලා දෙන්නම හම්බුණා. අපි හොදින් හිටියා. ඒත් ඊට අවුරුදු තුන හතරකට පස්සේ පවුලේ පොඩි පොඩි ප‍්‍රශ්න වෙලා මහත්තයා මාව දාලා ගියා. ඊට පස්සේ කන කර බඩු උකස් කරලා ළමයි දෙන්නට කෑම කිරිපිටි ගත්තා. පස්සේ කරන්නම දෙයක් නැති තැන අපේ අම්මලට ළමයි දෙන්නා බලා ගන්න දාලා මං බියගම ආවා.

http://lankadeepa.lk/index.php/articles/200150