Monday, December 30, 2013

එඩ්ගා කේසිගේ කියැවීම් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පරීක්‍ෂකයන්ගේ නිගමනවලට අනුව කේසි විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ පර්යේෂණායතනය බවය. ඒ නිසා පෘථිවි තලයට අෑත අතීතයේ සිටම පිටසක්වළ ජීවීන්ගේ ඇල්ම බැල්ම එල්ල වී තිබේ. අද නාසා ආයතනයෙන් පවා පෘථිවියට එන පිටසක්වළ ජීවීන් ගැන මහා පරිමාණයෙන් පරීක්‍ෂණ පවත්වන බව රහසක් නොවේ.

කේසිගේ වාර්තාවල විස්තර කර ඇති අන්දමට පෘථිවිය ගොවිපොළක් ලෙසට පිටසක්වළ ජීවීහු සලකති. බීජ වපුරන භූමිය සශ්‍රීක නම් දිලීර නාශක බෝ නොවන බවට ගොවියා සක්සුදක් සේ දන්නේ නම් බීජ රෝපණය කළ කුඹුරට නිතිපතාම ගොවියා පැමිණිය යුතු නොවේ. වරින්වර පැමිණ බලා ගියාට කමක් නැත.

පිටසක්වළ ජීවීන් පෘථිවිය කෙරෙහි දරන්නේ ඔන්න ඔය කියන අන්දමේ ආකල්පයක් බව කේසිගේ වාර්තාවලින් හෙළිවන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. පිටසක්වළ ජීවීන් පියාඹන පීරිසිවලින් නැතහොත් විවිධ යානාවලින් පැමිණි බවට වරින්වර තොරතුරු අසන්නට ලැබෙන්නේ තම ගොවිපොළ නිරීක්‍ෂණය කර යන්නට පිටසක්වළ ගොවියන් පැමිණි අවස්ථා සම්බන්ධයෙන් බව පැවසේ.

යූෆෝ ලොජි  නමින් විද්‍යාවක් පිළිබඳව අද මහා පරිමාණයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන්නේ එබැවිනි. යූෆෝ  යන්න හඳුනා නොගත් පියාඹන වස්තූන් හඟවන උව්ධ්ච්ඡ්ව්ඊධ්ජ්ධ්ඡ්ච් ජ්ඹ්කධ්ව්ට් ර්ණීඕබ්ඡ්ඛ්ඊඉ යන්නෙහි කෙටි යෙදුම වේ. කවුරු මොනවා පැවැසුවද ඇමෙරිකාව වැනි බලවත් රටවලින් ලෝකයට අනාවරණය නොවන අන්දමින් මේ පිළිබඳව රහසිගතව පරීක්‍ෂණ පැවැත්වේ.

පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසිගේ කියැවීම් තුළින් බොහෝ කරුණු කාරණා හෙළිවේ. අදට වසර ‍ෙදාළොස් දහස් පන්සියයකට පමණ පෙර ඇට්ලන්ටිස් මහාද්වීපය ගිලා බැසීමටත් මැල්ඩෙක් ග්‍රහයා විනාශ වීමටත් පෙර ඒවායේ විසූ ජීවීන් වෙනත් දියුණු ග්‍රහලෝකවලට පලා ගොස් තිබේ. ඇට්ලන්ටිස් දීපයේ විසූ ජනප්‍රධානියකු හා විශේෂ පුද්ගලයකු වූ රාටා සමඟ ඇට්ලාන්ටිකානුවන් පිරිසක්  ඊජිප්තුවට පැනගොස් 'පිරිමිඩ' ඉදි කළ අතර තවත් කොටසක් වෙනත් ග්‍රහලෝකවලට සිය යානාවල නැඟී ගොස් තිබේ. ඒ කේසිගේ කියැවීම්වලින් හෙළි වී ඇති කරුණු සමහරකි.

ඔහුගේ ප්‍රකාශ (කියැවීම්) අනුව සත්ත්වයාගේ ආධ්‍යාත්මය විපරිණාමය වන්නකි. අෑත අතීතයේ වීනස්, මාස් සහ මැල්ඩෙක් යන ග්‍රහ ලෝකවල විසූ ජීවීහු තුන් වැනි ස්තරයේ බුද්ධි තලයක විසූවෝ වෙති. 
මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් රිඉන්කානේෂන් ඔෆ් එඩ්ගා කේසි අඡ්ධ්ව්ඛ්ඒඅව්ඒඊධ්ර්ණීව් ර්ණීජ් ඡ්ච්ට්ඒඅ ඛ්ඒඛ්ඡ්ක යන කෘතියේ දැක්වේ. කේසි කියන පරිදි ජීවීහු මට්ටම් තල හයකට අයත් වෙති.

පළමු, දෙවැනි, තුන්වැනි ආදී වශයෙන් බුද්ධි මට්ටම අනුව සය වැදෑරුම් ස්තරවලට අයත් වන ජීවීන් තම බුද්ධිතලය උසස්වන විට ඊට ඉහළ ස්තරයට ඇතුළු වේ. මේ ජීවීන්ගේ ඉහළම තලය රා  (අඒ) ලෙසින් හැඳින්වේ. රා යනු පුද්ගල සංකල්පයට වඩා ශක්ති ප්‍රජනන බලවේගයක් බවටද අනුමාන කෙරේ. ඩේවිඩ් විල්කොක් එය සමාජ ස්මෘති සංකීර්ණයක් වශයෙන් ආත්මීය සමූහයක් හඳුන්වා දී තිබේ.
ග්‍රහලෝක අතර පවත්නා අන්තර් සබඳතා අනුව රා කණ්ඩායම නැතහොත් ආත්මීය කණ්ඩායම ඇතුළු එම ජීවීහු තලයෙන් තලයට මාරු වෙති.

මැල්ඩෙක් ග්‍රහයා න්‍යෂ්ටික යුද්ධයකින් පුපුරා විනාශ වීමේ අනතුර ආසන්න වෙත්ම එහි සිටි ජීවීන් බොහෝ දෙනකු ඔවුන්ගේ ගගන යාත්‍රාවල නැඟී පෘථිවියට පැමිණ තිබේ. එම මැල්ඩෙකානුවන් ඇට්ලන්ටිකානුවන් සේම ඉතා බුද්ධිමත්ය.
කේසිගේ ප්‍රකාශවල තොරතුරු අනුව පෘථිවිය වනාහි පිටසක්වළ ජීවීන්ගේ පර්යේෂණායතනයක් පමණක්ම නොවේ. පෘථිවියට සත්ත්වයන්ට ජීවත් විය හැකි ග්‍රහලෝකාන්තර සම්මත නීතියට (ඹ්ර්ණීඑ ර්ණීජ් ර්ණීව්ඡ්) අනුව අධ්‍යයනයට සුදුසුම ක්‍ෂේත්‍රයකි. විනාශ වී ගිය මැල්ඩෙක් ග්‍රහයාගේ විසූ බොහෝ ප්‍රාණීන් තමන්ට ජීවත්වීමට ඉතාම සුදුසු ස්ථානය පෘථිවිය යැයි තීරණය කර පලා ආ බැවින් අද පෘථිවියේ වෙසෙන්නෝ බොහෝ දෙනෙක් මැල්ඩෙකානුවන්ගේ මුනුපුරු මිනිපිරියෝය. මැල්ඩෙකානුවන්ට අයත් වූ පුපුරා ගිය ග්‍රහයාගේ සුන්බුන් වර්තමානයේ උල්කාපාත තීරුව වශයෙන් හඳුනාගෙන තිබේ.

මානව වර්ගයාගේ සම්භවයට සහ පැවැත්මට වසර ගණනාවකට පෙර සත්ත්වයන්ට  සුදුසුම ග්‍රහයා වශයෙන් වීනස් හෙවත් සිකුරු ග්‍රහයා හඳුනාගෙන තිබිණි. එහි ජීවත් වූ මානව සත්ත්වයා නැතහොත් ප්‍රාණියා සිටියේ තෙවැනි බුද්ධි ස්තරයේය. ග්‍රහලෝකාන්තර බුද්ධිමය ප්‍රාණීන් අතර එකිනෙකාට උපකාර කර ගන්නා සම්බන්ධතා ගිවිසුමක් තිබී ඇත. ඒකීය නීතිය ලෙස හැඳින්වෙන එම නීතිය අනුව ඉහළම බුද්ධි තලය හය වැනි තලය ලෙස හැඳින්වේ. හය වැනි තලයේ විසූ සමාජයක ස්මෘති සංකීර්ණ කාණ්ඩය නැතහොත්  සමූහ ආත්මීය ජීවීහු නිරන්තරයෙන්ම උපකාරකයෝය. ඔවුහු තම තලයෙන් පහළ තලයක සිටි ප්‍රාණීන් ඉහළ තලයකට ගෙන ඒමට කැපවී සිටියහ. තුන් වැනි තලයේ එදා සිටි සිකුරු ග්‍රහයාගේ මානව ප්‍රාණීන්ට ඔවුහු සිවු වැනි තලයට ඒමට උපකාර කළහ. තුන්වැනි තලයේ සිටි ප්‍රාණීන් සිටියේ පෘථිවියේය. ඒ අනුව වීනස් ග්‍රහයාගේ සිටි ප්‍රාණීහු පෘථිවියට ආවෝය. වෙනිසියන්ස්  ලෙසින් අද එසේ ආවෝ හඳුන්වති.

මැල්ඩෙක් ග්‍රහලෝකයේ සිටියේ වීනස් ග්‍රහයාගේ ජීවත් වූ මානව ප්‍රාණීන් හා සමාන තුන්වැනි තලයේම තවත් කොටසකි. ඒ නිසා මානවයන්ට හිමි දෙවැනි ග්‍රහලෝකය වශයෙන් මැල්ඩෙක් හඳුනාගෙන තිබිණි. බුද්ධිමය චින්තනයෙන් පෙළුණු ඔවුහු න්‍යෂ්ටික යුද්ධයකින් සිය ග්‍රහලෝකය විනාශ කර ගත්තේ ග්‍රහලෝකාන්තරව පවත්වා ගෙන ආ සම්මුතියටද  එරෙහිව ක්‍රියා කරමිනි. ඔවුන් එසේ කළේද සමස්ත ග්‍රහලෝකාන්තරව පිටත් වූ අහිංසක ප්‍රාණීන්ගේද විරෝධතාව මධ්‍යයේය. මේ සඳහා ග්‍රහලෝකාන්තරව එළැඹ තිබූ ගිවිසුමේද කිසියම් දුබලතාවක් වී යැයිද අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ අනපේක්‍ෂිතව එමෙන්ම ඉබේ හටගත් න්‍යෂ්ටික යුද්ධයකින් එම ග්‍රහ ලොව විනාශ වී ගියේය.
විශ්වයේ වෙනත් ග්‍රහ ලෝකවල ප්‍රාණීන්ට ද හානි කළ මැල්ඩෙක් ජීවීන්ගේ ක්‍රියාකලාපය නිසා ඔවුන්ට වෙනත් ඉහළ බුද්ධි තල යකට සම්බන්ධතා පැවැත්වීමටද නොහැකි විය. අනුන්ට පීඩා විපත් කිරීමේ කර්මය පලදීමක් වශයෙන් ඔවුන් බුද්ධි හීනතාවකට පත්ව තවත් කිසිවකුට හිංසා කිරීමටද කිසිසේත්ම හැකියාවක් නොවන අන්දමින් ඔවුහු වෙනත් ග්‍රහ ලෝකවල උත්පත්තිය ලැබූහ.

එවැනි තත්ත්වයට පත්වූ මැල්ඩෙක් වාසී ප්‍රාණීහු මෙයට වසර දහස් ගණනකට පෙර නියැන්ඩර්තාල් මානව සත්ත්වයන් ලෙස පෘථිවියට ආවෝය.

තුන්වැනි ස්තරයේ සිටි මානව ප්‍රාණීන්ට තිබූ අන්තිම ග්‍රහලෝකය මාර්ස් හෙවත් අඟහරු  ග්‍රහයායි. ඔවුන් පෘථිවියට අවුත් දැක්වූ මහා පරිමාණයේ ශිෂ්ටාචාරාත්මක වෙනස්කම් පිළිබඳව රොබට් හෝග්ලන්ඩ්ගේ 'ද මොනුමන්ට්ස් ඔෆ් මාස්' සහ 'අ සිටි ඔන් ද එජ් ඔෆ් ෆෝඑවර්' යන කෘතිවල දැක්වේ. මාස් ග්‍රහලෝකයේ අඟහරුවන්ටද මැල්ඩෙක් ග්‍රහලෝකවාසීන්ට හා ඇට්ලන්තිකයන්ට  තිබුණු යුද උන්මාදයම තිබුණේය. අඟහරුවෝද යුද්ධයට පිළිපන්හ. එහෙත් ඔවුහු මැල්ඩෙක්වරුන් සේ සිය ග්‍රහ ලොව පුපුරුවා විනාශ කර නොගත්හ. තම වර්ගයා පමණක් විනාශ කර ගත්හ. අඟහරු ග්‍රහයා මත අද අප දකින වියළී ගිය ජනශූන්‍ය භූමි විනාශයෙන් පසු ඉතිරි වූ නෂ්ටාවශේෂයන් වේ.
අඟහරු ග්‍රහයාගේ ප්‍රාණීහු අවුරුදු හැත්තෑපන් දහසකටත් පෙර සිටම පෘථිවියට එති. සම්බන්ධතා පවත්වති. පෘථිවියේ පැලපදියම් වූ ඔවුන්ගෙන් පෘථිවියේ පවත්නා දෙවැනි ස්තරයට අයත් ඉහළ මට්ටමේ ශාඛා සහ සිවුපා සතුන් මේ ගණයට අයත් බව හඳුනාගෙන තිබේ.

කේසිගේ වාර්තා පිළිබඳව මේ අන්දමේ පරීක්‍ෂණ පවත්වා තොරතුරු අනාවරණය කර ඇති පර්යේෂණවල වාර්තා අනුව පෘථිවිය ජෛව විවිධත්වයට අයත් වන්නේ ඔය කියන අන්දමේ වෙනත් ග්‍රහලෝකවලින් පැමිණ පදිංචිව සිටින නිසාය.
එකිනෙක ජාතියට වෙනස් මානව හැඩරුව ඇත්තේද එබැවිනි.

පිටසක්වළ ජීවීන් කී විටෙක අපට සිහි ගැන්වෙන්නේ එකම රූපකායක් ඇති කණ්ඩායමකි. එහෙත් පෘථිවි තලය මත වෙසෙන මානවයන් ගත් කල එක එක වර්ගයට අයත් විවිධ රූප ස්වභාව ඇත්තන් බව හඳුනාගෙන ඇත්තේ විවිධ ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ සම්භවය හා පරිණාමය නිසා බවද ඒ වාර්තාවල දැක්වේ. ජානීය විවිධත්වයට උදාහරණ පෙන්වන ඔවුහු කොකේසියානුවන්ගේ  පෙනුමද මධ්‍යධරණී  සහ බටහිර යුරෝපානුවන්ගේ එකිනෙකාට වෙනස් ජානීය ලක්‍ෂණද එසේ දක්වති.

ආසියානු ජාතිකයන් අතරද ඒ වෙනස පර්යේෂකයෝ කැටිකර දක්වති. චීන, පිලිපීන් සහ ජපන් ජාතිකයන් අතර පෙනුමේ වෙනස් ආකාර උදාහරණ වේ.
මේ පිළිබඳ විස්තර කිරීමේදී චීන ජාතිකයන් පෘථිවියට පැමිණ ඇත්තේ ඩෙනිබ් නමැති තාරකාවේ සිට බවට පෙන්වා දී ඇත.
ඒ අනුව ඔවුන්ගේ ලක්‍ෂණ වෙනස්වී නැත. එපමණක් නොව ඒ ලක්‍ෂණ වෙනස් කළ නොහැකිය. ඒ මෙන් වෙනස් කළ යුත්තේද නැතැයි කේසි කියයි.

එඩ්ගා කේසිගේ කියැවීම් අනුව පෘථිවියට පිටසක්වළ ජීවීන් පැමිණ තිබේ. මැල්ඩෙක්, අඟහරු, සිකුරු වැනි ග්‍රහවාසීන් එසේ පැමිණි අතර ඔවුන්ගේ පරපුර නිසා පැවැත එන්නෝ අද මානවයෝය.
චීන, පිලිපීන, ජපන්, කොකේසියානු ආදී මානව වර්ග උදාහරණ වේ.
පෘථිවියේ මානව ජීවීන්ගේ සම්භවයට පිටසක්වළ ජීවීන්ගේ සංක්‍රමණයද පාදක වූ බව මෙහි සාරාංශය වේ.

මෙම සංකල්පීය ආගමික ඉගැන්වීම්වලටද සැසඳෙන බව විමසා බැලීම බුද්ධිමතුන්ගේ අවධානයට යොමු විය යුතු යැයි කියන්නේ එබැවිනි.
බෞද්ධ මතයට අනුව පොළොවේ ජීවීන් පහළ වීම ගැන දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන්නේ බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයන් පැමිණි බවය.

ඒ කතාව ඇරඹෙන්නේ කල්ප විනාශයෙනි. නැතහොත් ලෝක විනාශයෙනි. මේ ලෝකයේ සිටි මිනිසුන් අගතියෙන් කෙළවරට ගිය පසු ලෝක විනාශයට පෙර කිසියම් දේවතාවෙක් අවුත් ළඟ එන අනතුර ගැන පවසා ආරක්‍ෂා වීමට උපදෙස් දෙයි.
මින්මතු දින හතකින් මෘගසං වර්ෂාව ඇතිවෙන බවත් ඉන් තෙමුණ මිනිසාට අනෙක් තැනැත්තා පෙනෙන්නේ සතකු ලෙස බවත් වර්ෂාව සමඟ වැටෙන්නේ අවි ආයුධ බවත් පවසන දෙවියා ඉන්පසු මාංස ලෝභයෙන් එකිනෙකා මරාගෙන මැරෙන බව පැහැදිලි කරයි. ජීවත්වීමට කැමැත්තවුන් මේ වර්ෂාවට නොතෙමී සිටින්නට වග බලා ගත යුතු බවද පින්වන්තයන් පමණක් කවර ආකාරයකින් හෝ නොතෙමී ගැලවෙන බවද කියයි.
මේ මහා වර්ෂාවෙන් ඇද හැලෙන ජල කඳ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා පැතිරෙන බවද එහි වෙසෙන බ්‍රහ්මයන් නෙළුම් බීජ දෙකක් ජලයට දැමූ පසු පැළවෙන බවද එසේ පැළවූ නෙලුම් පැළේ කොළ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා විහිදුණු කල ඒ දඬු දිගේ පහළට එන බ්‍රහ්මයන් දෙදෙනකුගෙන් මහ පොළොවේ මිනිසුන් ව්‍යාප්ත වන බවද අග්ගඤ්ඤ සූත්‍රයේ තිබේ.

බයිබලයේද තවත් කතාවක් සඳහන් වේ.
ලෝකයේ සාරධර්ම ගුණධර්ම, පිරිහුණු කල මිනිසුන් අතරට එන එක් ශුද්ධාත්මයක් ඉදිරියේදී මහා ජල ගැල්මක් ඇති වී මහත් විනාශයක් ඇති වන බවත් ඉන් මිදීමට කැමැතිනම් සිය ආරක්‍ෂාව සපයා ගත යුතු බවත් ඇවිදිමින් මිනිසුන් දැනුවත් කරන්නේය. සෙසු පිරිස මේ කතාව අවඥාවෙන් බැහැර කරද්දී නෝවා නම් අයෙක් මේ කතාව අදහා නැවක් ඉදිකර ඊට සියලුම සත්ත්වයන් සමඟ ඇතුළු වන්නේය.

වර්ෂාව ඇද හැලෙන කල වැඩි වන ජල කඳ සමඟ ඒ මත පාවී යන නැව ජල කඳ බැස යෑමත් සමඟ කන්දක් මුදුනේ රැඳී පසුව බියක් නොමැති බව දැන ඉන් අනතුරුව ඒ කඳු මුදුනෙහි බැස අවුත් පදිංචිවීමෙන් යළිදු ජනාවාස ඇති වේ.
අග්ගඤ්ඤ සූත්‍රයේ හා බයිබලයේ ඉගැන්වෙන කරුණුවල හරය ලෝකය ජල ගැල්මකින් විනාශ වී කිසියම් උස් ස්ථානයකින් අහසින් (බ්‍රහ්ම ලෝකයේ හෝ කඳු මුදුනක සිට) ජීවීන් පැමිණි බවය. කේසිගේ කියැවීම අනුම්වද හරය එයම වේ. පිටසක්වළින් ජීවීන් පැමිණි බවය.

එසේම මේ පෘථිවි තලයේම විසූ මොහෙන්දජාරෝ,  මායා ආදී ශිෂ්ටාචාරවලින් වඳවී ගියවුන් පෘථිවියේම වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම ගැනද කියයි. ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළෝ එවැන්නෝය. ඇට්ලාන්ටිස් මහාද්වීපයේ විනාශයට පෙර එහි ගිය විශ්වයේ සය වැනි තලයේ හෙවත් ඉහළම බුද්ධි මට්ටමේ විසූ රා නමැති සාමාජයික ස්මෘති සංකීර්ණ ගත හෙවත් ආත්මීය කණ්ඩායමේ රාටා නමැත්තකු නුදුරු අනාගතයේදී එළැඹෙන විනාශය ගැන ඇට්ලාන්ටිස් වාසීන් දැනුවත් කර තිබේ. ඉන් නොනැවතුණු හෙතෙම තමන් හා රක්‍ෂිත ස්ථානයකට යෑමට කැමැත්ත දැක්වූ පිරිසක් සමඟ රක්‍ෂිත ස්ථානයකට ගොස් තිබේ. එසේ ගොස් ඇත්තේ ඊජිප්තුවට බව කේසි පිළිබඳ විස්තරවල දැක්වේ. එසේ ගොස් ඇත්තේ අදට (2013) වර්ෂ ‍ෙදාළොස් දහස් පන්සියයකට පමණ පෙරදීය.
අධිමානසික ශක්තියක් තිබූ මේ කණ්ඩායමේ නායකත්වය දැරූ රාටාගේ   මාර්ගෝපදේශකත්වයෙන් මේ පිරිස අද ලෝකයේ විස්මිත නිර්මාණයක් වන ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළහ.


චද්‍රසේන මාරසිංහ  

http://www.mawbima.lk/
එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීන්දු කොට ඇත.

පසුගිය ඉරිදා (22දා) බොල්ගොඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුව ගැනීමට එ.ජා.ප. නියෝජිතයන් කටයුතු කොට ඇත. මේ සාකච්ඡාව සඳහා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, එ.ජා.ප. නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගි වී ඇත. බොහෝදුරට ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවට දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිරයන ආරංචිවලට අනුව විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිය නිවෙසේදී මේ හමුව පැවැත්වීමට මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.


ඒ අනුව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම යෝජනා වී ඇති අතර ඊට සියලුදෙනාගේම ඒකමතික අනුමතයද හිමිව ඇත. ඊට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේද එකඟතාව පළවී ඇතත් එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් ප්‍රසිද්ධ නොකිරීමටද පිරිස අතර එකඟතාවක් ඇතිව තිබේ. කෙසේ වෙතත් යම් හෙයකින් මාධ්‍ය මඟින් මේ පුවත හෙළිදරව් වුවහොත් ඒ මොහොතේම එම මාධ්‍ය වාර්තා ප්‍රතික්‍ෂේප කිරීමටද පිරිස එකඟතාවක් ඇතිකොටගෙන තිබේ. මීට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරයට ඉකුත් වතාවේ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවත්, විපක්‍ෂයේ සියලු දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ඒකරාශි කොටගෙන පොදු සන්ධානයක් බිහිකිරීම පිළිබඳවත් එහිදී සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.

http://www.mawbima.lk/

Sunday, December 29, 2013

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර ලංකා දේශපාලන වංශ කතාවේ පෙරළිකාර චරිතයකි. වාමාංශිකයෙකි. 1970 දී මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී වර්තමාන මැතිසබය ද නියෝජනය කරන දෙතුන් දෙනාගෙන් එක් අයෙකු වන ඔහු වරක කථානායක අසුනේ වාඩි වූවේය සෙංකෝලය පැහැරගත්තේය. මැතිසබයට මල් වඩමක් ගෙන ගියේය. මහින්ද රාජපක්ෂ මන්ත්‍රී ධුරය දරන කාලයේ ඔහුගේ සටන් සගයාද මිතුරාද වූයේ වාසුදේවය. ඔහු මහින්ද සමග පාදයාත්‍රාව සංවිධානය කළේය. එජාපයට එරෙහිව මහින්ද සමග ජිනීවා මානව හිමිකම් කොමිසමට ගියේය. පහත පළ වන්නේ වාසුගේ  මේ පෙරළිකාර  සටන්කාමී දේශපාලන ගමනේ මතක සටහන් පෙළක පළමු කොටසය.

සම්පූර්ණ නම? 
දෙල්ගහවත්තගේ වාසුදේව වික්‍රමතිලක නානායක්කාර
වයස? 
මේ සිකුරාදාට මට අවුරුදු හැත්තෑපහක් පිරෙනවා.
උපන් දිනය?
එක්දහස් නමසිය තිස් නවයේ ජනවාරි තුන්වැනිදා.
ඉපදුනේ? 
හිනිදුම්පත්තුවේ උඩලමත්තේ. ගාල්ලේ සිට කිලෝමීටර් විසිපහක් විතර දුරින් තමයි උඩලමත්ත තියෙන්නේ.
ගම? 
ගාල්ලේ, උණවටුන, මැටරඹ. උඩලමත්ත කියන්නේ අපේ මුත්තාගේ ගම. දෙවැනි ලෝක යුද්ධය කා‍ලේ ගාල්ලටත් තර්ජන ආපු නිසා අපේ පවු‍ලේ අය යළිත් වරක් උඩලමත්තට ගියා. යුද්දෙ නිසා වාහනවලට ගහන්න තෙල් තිබුණේ නෑ. මේ නිසා මහ රෑ බර කරත්තවල නංවාගෙන තමයි අපිව උඩලමත්තට රැගෙන ගිහින් තියෙන්නේ.
පියාගේ නම? 
ෆ්‍රැන්සිස් නානායක්කාර. ඔහු මුලින්ම ව්‍යාපාර කළා. පසුව ඉඩම් හිමි වැවිලිකරුවෙකු වුණා.
මවගේ නම?
අයිරින් නානායක්කාර. ඇය සමාජ සේවා කටයුතුවලට උනන්දුවක් දැක්වූවා. මහිලා සමිතියේ ව්‍යාපාරයේ මෙන්ම භික්ෂුණි ශාසනය යළි ආරම්භ කිරීමට ක්‍රියාකාරිනියක වුණා.
සහෝදර සහෝදරියන් ගණන?
අපේ පවු‍ලේ සහෝදර සහෝදරියන් ගණන දහදෙනෙක්..පිරිමි හයදෙනයි ගෑනු හතරදෙනයි.
ඔබගේ සහෝදරයන් අතරින් යසපාලිත නානායක්කාර සිනමාකරුවෙකු වෙන්නත්, හේමකුමාර නානායක්කාර සිංහල බෞද්ධකම හා කෘෂිකර්මය පදනම් කරගත් දේශපාලනඥයකු වෙන්නත්, ඔබ වාමාංශිකයෙකු වෙන්නත් පසුබිම කුමක්ද...?
s10-3අපේ ලොකු මල්ලී සිනමාවේදියෙකු විතරක් නොවේ. විජය කුමාරතුංගගේ මහජන පක්ෂයෙන් ඡන්දය ඉල්ලා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසත් කටයුතු කළා. අපි දෙන්නා අදහස්වලින් ළඟයි. නමුත් හේමකුමාර ඈතයි. මා හිතන විදියට, එසේ වූයේ එක එක්කෙනා ලැබූ                ආභාෂය නිසා වෙන්නැති. මගේ ගුරුවරුන්ගෙන් ලැබුණු ආභාෂය හා මා සිටි ඓතිහාසික සංදර්භය තුළ මා  වාමාංශික දේශපාලනයට නැඹුරු වුණා.
කුඩා කාලයෙත් යසපාලිත මල්ලී සිනමාවට කැමැත්තක් දැක්වූවාද..?
හ‍පෝ ඔව්  ඉස්කෝ‍ලේ යන කාලයේ අපට පින්තූර කපලා අලවා ගන්න ‍පොතක් තිබුණා. මගේ දේශපාලන නැඹුරුතාව නිසා මම මගේ ‍පොතේ අලවන්නේ වාමාංශික දේශපාලනඥයන්ගේ පින්තූර. නමුත් ලොකු මල්ලිගේ (යසපාලිත) ‍පොතේ පිරිල තියෙන්නේ නළු නිළියන්ගේ පින්තූරවලින්. ලොකු මල්ලිගේ මේ වැඩේට අපේ මව හරිම විරුද්ධයි. මේ නිසා මව ලොකු මල්ලිගේ පින්තූර ‍පොත් පුච්චනවා.
ඔබ ඉස්කෝ‍ලේ ගියේ?
අපේ පවු‍ලේ ඔක්කොම මුලින්ම ගියේ ගමේ ඉස්කෝලෙට. (මිහිරිපැන්න විදුහලට) ඊට පස්සේ අපි සියලු දෙනාම නගරයේ ඉස්කෝලවලට ආවා. මම කෙටි කාලයක් ගාල්ල විද්‍යාලෝක විදුහලට ගිහින් තමයි රිච්මන්ඩ් විදුහලට ඇතුළු වුණේ.
ඉස්කෝලෙ යන කාලයේ පාපන්දු ක්‍රීඩා තරගයකදී ඔබ තැබූ වාර්තාව ගැන තිබෙන රසවත් කතාව මොකක්ද...?
මම රිච්මන්ඩ් විදුහ‍ලේ කනිටු පාපන්දු කණ්ඩායම නියෝජනය කළා. මම ගෝල් කීපර්. අපේ පාසල හා ඇලවිෂියස් විදුහල අතර වාර්ෂික පාපන්දු තරගයක් තිබුණා. ඇලවිෂියස් විදුහල පාපන්දුවලට බොහෝ ප්‍රසිද්ධයි. ඔවුන් එදා පැවැති තරගයේදී  අපට එරෙහිව ගෝල් විසි එකක් ගැහුවා. ඒක තවමත් ගාලු ක්‍රීඩා පිටියේ වාර්තාවක්. මම ගෝල් කීපර් නිසා ඔක්කොම වැරැදි ගියේ මගේ පිටින්. නමුත් සමස්තයක් හැටියට අපේ කණ්ඩායමේ දුර්වලතා තිබුණා. ඒ වුණාට ඔක්කොම ගෝල් යන්නේ මගේ අත ළඟින් නිසා මම වැරැදිකරු වුණා.
කථානායක චමල් රාජපක්ෂ ඔබගේ ගෝලයකු වුණේ කොහොමද...?
මම උසස් පෙළ විභාගය කරලා නීති විදුහලට යනකම් කාලයක් රිච්මන්ඩ් විදුහ‍ලේ ඉගැන්වූවා. ඒ කාලයේ චමල් රාජපක්ෂ හත්වැනි වසරේ ශිෂ්‍යයෙක්. චමල්ලාට ඉතිහාසය, සාහිත්‍ය හා සිංහල ඉගැන්වූයේ මමයි.
ඒ කාලයේ චමල් කෙබඳු චරිතයක්ද...?
අද වගේ තමයි වෙනසක් නෑ. බොහොම නිහඬයි. නමුත් බොහොම ගැඹුරුයි. අධිෂ්ඨානශීලීයි. මම සම සමාජ පත්තරය ඉස්කෝලයට ගෙනගියාම චමල් පත්තර ටිකක් විකුණන්න ගන්නවා. ඒ වාමාංශික ආභාෂය තවමත් ඔහුට තිබෙනවා. චමල් මහින්දටත් වඩා වමට බරයි. චමල් ඒ කා‍ලේ පටන් පෙනී සිටියේ ‍පොදු වුවමනාවන් වෙනුවෙන්. ඔහු බොහෝ නිහතමානී චරිතයක්. ඒ වගේම අහිංසකයි.
පාසල් අධ්‍යාපනයෙන් පසු ඔබ මොනවද කළේ?
ඇක්වයිනාස් විදුහලෙන් ලන්ඩන් උසස් පෙළත් කළා. ඊට පස්සේ නීති විදුහලට ගියා.
නීති විදුහලට ඇතුළු වුණේ? 
එක්දහස් නමසිය පනස් අටේ.
නීති විදුහ‍ලේ සමකාලීනයෝ කවුද..?
නන්දසිරි ජසෙන්තු ලියනගේ, හිටපු නීතිපති සුනිල් ද සිල්වා, හිටපු අගවිනිසුරු හේමා බස්නායකගේ පුතා වන වරුණ බස්නායක, නීල් ඩයස්, පාලිත වනසුන්දර, උතුරු පළාත් ප්‍රධාන ඇමැති හා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් වැනි අය මා සමග නීති පීඨයේ ඉගෙන ගත්තා. ඒ කාලයේ මා සමග සිටි බොහෝ දෙනා එක්කෝ මිය ගිහින් නැතිනම් දැන් ඔවුන් නීති වෘත්තියේ යෙදෙන්නේ නෑ.
උතුරේ මහඇමැතිවරයා ඔබගේ මස්සිනා වීමට අඩිතාලම වැටුනේ නීති විදුහ‍ලේදීද...?
ඔව්.. අපි දෙන්නා හොඳ යාළුවෝ. නීති විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ මා දැරූ සභාපති ධුරයට ඊළඟට මම නම් කළේ විග්නේෂ්වරන්. ඔහු ශිෂ්‍ය සංගමයේ ඡන්දයෙන් දිනලා සභාපති ධුරයටත් පත් වුණා. ඔහුත් මමත් විවාහ වීමෙන් පසු අපගේ පවුල් අතරත් කිට්ටු මිත්‍රත්වයක් ඇති වුණා. මේ සම්බන්ධය නිසා තමයි මගේ දුව ඔහුගේ පුතා සමග විවාහ වුණේ.
ඇත්තද ඔබේ පියා ඔබට වඩා  විග්නේෂ්වරන්ට ආදරේ කියන්නේ...?
මම තාත්තාගේ වතුවල කර්මාන්තශාලාවේ පරිපාලන වැඩවලට උනන්දුවක් දක්වන්නේ නෑ. නමුත් නීති විදුහ‍ලේ ඉගෙන ගන්නා කාලයේ මිනිහ අපේ ගෙදර ගියාම අපේ තාත්තා සමග ලොකු කතා දානවා. තාත්තාගේ වතු ගැන අහන කවුරුහරි හමුවුනාම තාත්තාට හරිම සතුටුයි.
ඔබ විවාහ වුණේ...?
හංවැල්‍ලේ පදිංචිකාරියක වන වසන්තා තිලකා ගුණසේකර සමග. ඇය මට හමුවූයේ නීති විදුහ‍ලේදී.
s10-2දරුවන්...?
තුන්දෙනෙකු ඉන්නවා. ලොකු පුතා චිරංජය. ඔහුට නම තැබුවේ කොටගම වාචිස්සර හාමුදුරුවෝ. ඔහු නීතිඥයෙක්. ඔහු දෙවැනි උපාධිය ඇමෙරිකාවේ හදාරා ඒ රටේ සමාගමක සේවය කරනවා. මගේ දෙවැනි පුතා සංඛජය. ඔහුට නම තැබුවේ විග්නේෂ්වරන්.. සංඛජය සබරගමුව සරසවියේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළා. දැන් ඔහු අපේ අමාත්‍යංශයේ උපදේශකවරයෙක්. මගේ දුව තරුෂි. ඇය තමයි   විග්නේෂ්වරන්ගේ ‍ලේලිය. ඇය විශේෂ අවශ්‍යතා හා විශේෂ හැකියාවන් සහිත දරුවන් පිළිබඳ විශේෂඥවරියක්.
ඔබ වාමාංශික දේශපාලනයට යොමු වුණේ කොහොමද...?
රිච්මන්ඩ් විදුහ‍ලේ ඉගෙන ගන්න කාලයේදී. ‍පොතපත ඉතිහාසය, ප්‍රජාචාරය, ගුරුවරුන්ගේ හා මිතුරන්ගේ ආභාෂයෙන් තමයි වාමාංශික දේශපාලනයට නැඹුරු වුණේ. අපේ පාස‍ලේ ආදි සිසුන්වන විජයානන්ද දහනායක හා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරගේ ආභාෂයත් මා දේශපාලනයට පැමිණීමට එක හේතුවක් වුණා. දහනායක පදිංචිවෙලා හිටියේ අපේ ඉස්කේ‍ලේ වැටමායිමේ. දහනායක, කන්නන්ගර මෙන්ම ගිරුවාපත්තුවේ ඩී.ඇම්. රාජපක්ෂ, ඩී.ඒ. රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂයන් අපේ ඉස්කෝ‍ලේ ඉගෙන ගත්තේ. ඔවුන් වාමාංශික අදහස් දැරුවන්. ඩී.ඒ. නම් වාමාංශිකයකුම නොවේ. නමුත් ඩී.ඇම්. තද වාමාංශිකයෙක්. මේ අය අපේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍යයෝ. අපට වඩා අවුරුදු දහය පහළොවකට කලින් ඉගෙන ගත්තත් අපේ ආදි ශිෂ්‍යයෝ  නිසා අපි ඔවුන්ගේ දේශපාලනය ගැන සැලකිල්ලක් දැක්වූවා.
ඒ වගේම තමයි අපේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන බලපිටියේ හිටපු මන්ත්‍රී විලියම් සිල්වා ගැන මට තිබුණේ විශාල ආඩම්බරයක්. ඔහු ශිෂ්‍යයකු හැටියට එංගලන්තයේ ඉගෙන ගත්ත කාලයේ ජොමෝ කින්නියාටා සමග සමීප සබඳතා පැවැත්වූවා. ජොමෝ කෙන්නියාවේ නිදහස් සටන මෙහෙයවන වෙලාවේ විලියම් සිල්වා හා ඔහුගේ පියාගෙන් මුදල් ගෙන්වාගෙන කෙන්නියාවේ නිදහස් සටනට උපකාර කළ අයෙක්.
ඔබ වාමාංශිකයකු වුවත් ඉස්කෝ‍ලේ යන කා‍ලේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලටත් සහය දුන්නා නේද...?
එතකොට මට අවුරුදු දහතුනක් විතර. අපේ පවු‍ලේ තිබුණේ එජාප පසුබිමක්. ඒ නිසා කුඩා කාලයේ මමත් එජාපයේ මොන්ටේගු ජයවික්‍රම එජාපයෙන් වැලිගමට ඉල්ලන වෙලාවේ ඔහුගේ ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරත වුණා.
අවිස්සාවේල්ලෙන් දේශපාලනය පටන් ගත් ඔබ කිරිඇල්ලෙන් ඡන්දය ඉල්ලුවේ ඇයි...?
මම අවිස්සාවේල්ලට ගියේ විවාහය නිසා. මගේ බිරියගේ බාප්පා තමයි සම සමාජයේ හිටපු නායකයකු වන චන්ද්‍රා ගුණසේකර. ඔහු මෙන්ම පක්ෂය මට කීවා අවිස්සාවේල්ලට යන්න කියලා. මොකද පිලිප් ගුණවර්ධනට සටනක් දෙන්න කවුරුවත් හිටියේ නැති නිසා. පිලිපුත් අපේ බිරියගේ නෑදෑයෙක්. මේ අතරේ හැත්තෑවේ ඡන්දයට ශ්‍රීලනිපයත් සම සමාජයත් එකඟතාවකට ඇවිල්ලා තමයි අපේක්ෂකයන් නම් කළේ. ඒ වෙලාවේ ශ්‍රීලනිපය කීවා අවිස්සාවේල්ල දෙන්න බෑ කියලා. මේ නිසා මම කිරිඇල්ලෙන් ඡන්දය ඉල්ලුවා. කිරිඇල්ල කියන්නේ දැන් ඇහැළියගොඩ ආසනයයි.
ලංකාවේ මාක්ස් වාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධන හැත්තෑවේ ඡන්දයෙන් අවිස්සාවේල්ලෙන් පරාජය වුණා. යම් හෙයකින් ඔබ ඒ සැරේ අවිස්සාවේල්ලෙන් ඉල්ලුවත් පිලිප් පරාජය කරන්න ඔබට හැකියාවක් තිබුණද...?
අනිවාර්යයෙන්ම. මොකද ඒ වෙලාවේ ඔහු පැරදුණේ බොනි ජයසූරියටනේ. කෙසේ නමුදු දැන් මට හිතෙනවා අනේ එදා ඔහු පරද්දන්න අවස්ථාව මට නොලැබුණු එක හොඳයි කියලා. ඔහු මගේ භක්තිමත් නායකයෙක්. ඔහු සමාජ පක්ෂයේ පියානේ.
හැත්තෑවේ පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් දැන් සිටින්නේ කවුද...
මමයි, අතාවුද සෙනවිරත්න, මහින්ද රාජපක්ෂ හා දි.මු. ජයරත්න පමණයි. රත්නසිරි වික්‍රමනායක පත්වුණේ හැටේ මාර්තුවල. ඔහු තමයි පාර්ලිමේන්තුවේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා.
ලබන සතියට...
83 මම හැංගිලා වෙස්වලාගෙන හිටියේ තුෂාරා චිත්‍රපටයේ විජය කුමාරතුංග දමාගෙන සිටි බොරු කොණ්ඩය දාගෙනයි.
මිහිරි  ෆොන්සේකා 

lakbima.lk

Saturday, December 28, 2013

සැබෑ ආර්ථික වර්ධන වේගය 5.1%යි - අනුර කුමාර දිසානායක (පාර්ලිමේන්තු මන්ත්‍රී)


මුදල් අමාත්‍යාංශය යනු අපේ රටේ අනෙකුත් අමාත්‍යාංශ සියල්ල හසුරුවන අමාත්‍යාංශයයි. එය ඉතාම වැදගත් අමාත්‍යාංශයකි. පසුගිය කාලය තුළ මෙම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ආණ්‌ඩුවේම කැබිනට්‌ මණ්‌ඩලයේ අමාත්‍යවරුන් විසින් ඔහුට ආර්ථීක ඝාතකයෙක්‌, බටහිර ගැත්තෙක්‌, අධිරාජ්‍යවාදී රටවල කුමන්ත්‍රණකරුවෙක්‌, මේ රටේ ආර්ථීකය සුනුවිසුනු කර දමන්නෙක්‌ යෑයි චෝදනා කරන ලදී. එසේ නමුත් අපේ රටේ අනෙක්‌ බලගතුම අමාත්‍යාංශය වන ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවන්නේද මෙම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්මය. මෙයින් පෙන්නුම් කරන්නේ අන් කවරක්‌වත් නොව මේ රටේ ආර්ථීකයේ ඇතිවී තිබෙන අර්බුදයන්ට, බරපතළ අවදානම්කාරී තත්ත්වයන්ට වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ බලපෑම ඉතාමත් අඩු බවය. එහෙත් ඔහුගේ බලපෑමක්‌ නැතුවාද නොවේ.



විශේෂයෙන්ම මේ ආර්ථීකය කඩාවැටීමට සහ ආර්ථීකය පත්වී තිබෙන අවදානම්කාරී තත්ත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ එක්‌ පවුලක්‌ සහ එම පවුලට සමීපතම කණ්‌ඩායමකි. අපේ රටේ කැබිනට්‌ මණ්‌ඩලයේ ඇමතිවරුන්ට තමන්ගේ යෝජනා, තීන්දු තීරණ, තමන්ගේ සංකල්ප හෝ තමන්ගේ ඉදිරි දැක්‌ම ඉදිරිපත් කොට සාකච්ඡා කිරීමට ඇති අවස්‌ථාව මේ වන විට අහිමි කරනු ලැබ තිබේ. එම නිසා පවුලට සහ පවුලේ සමීපතමයන්ට බිය ඇමතිවරු ගෙදර ඇති මුවහමට තඩිබාන්නා සේ පී. බී. ජයසුන්දර මහතාට තඩිබෑමට පෙළඹී සිටිති. එහෙත් විය යුත්තේ එය නොවේ.

අපේ රටේ ආර්ථීකයකට සෘජුවම බලපාන කොටස්‌ වෙළෙඳපොළ කුඩා කල්ලියක්‌ විසින් අත්පත් කරගනු ලැබ එහි වුවමනාවට හසුරුවනු ලැබෙමින් තිබේ. එමෙන්ම ප්‍රධාන ගනුදෙනු සියල්ල කුඩා කණ්‌ඩායමක්‌ අතට පත්වී තිබේ. අපේ රටේ ආර්ථීකයේ තීන්දු තීරණ ගනු ලබන්නේ කැබිනට්‌ මණ්‌ඩලය, පාර්ලිමේන්තුවේ ආණ්‌ඩුවේ මන්ත්‍රී කණ්‌ඩායම හෝ ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීම හෝ නොවේ. එය සිදුකරනු ලබන්නේ ඉතාම කුඩා කල්ලියක්‌ විසිනි. සත්‍ය තත්ත්වය වනුයේ එයයි.

දැන් ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන තර්කය වන්නේ, කිනම් තත්ත්වයක වුවද ආර්ථීක වර්ධන වේගය ඉහළ මට්‌ටමක පවත්වාගෙන යනවා යන්නය. ආණ්‌ඩුව තමන් විසින් රැකියා වියුක්‌ති අනුපාතය අඩු කර තිබෙන බවටත් ආර්ථීක දත්ත ඉදිරිපත් කරමින් සිටියි. මේ අතර ආණ්‌ඩුවෙන් ඉදිරිපත් කරන දත්ත සම්බන්ධයෙන් කාලයක්‌ තිස්‌සේ අපේ රටේ ජනතාව තුළ සැකයක්‌ දෙගිඩියාවක්‌ මතුවී තිබිණි. ආර්ථික වර්ධනය වේගය වැඩිවී ඇති බවටත් රැකියා නියුක්‌තිය වැඩිවී ඇති බවටත් ඒක පුද්ගල ආදායම වැඩිවී ඇති බවටත් ආණ්‌ඩුව දත්ත ඉදිරිපත් කළද එම ආර්ථීක සංවර්ධනය සාමාන්‍ය ජනතාව අතට ගලා එන්නේ නැත. එනිසා මෙම සංඛ්‍යා දත්ත ඇත්තද බොරුද යන කාරණය පිළිබඳ රට තුළ ගොඩ නැඟී තිබෙන්නේ සාධාරණ සැකයකි. මන්ද, මෙවැනි ආර්ථීක වර්ධන වේගයක්‌ තිබේ නම්, රැකියා වියුක්‌තිය අඩු වී තිබේ නම් ආදායම ජනතාව අතර ගැවසෙන ප්‍රමාණය වැඩි වී තිබේ නම් ජනතාවට මෙවැනි නරක ආර්ථීක තත්ත්වයක්‌ හිමිවිය යුතු නැති නිසාය. එසේනම් සිදුවී ඇත්තේ කුමක්‌ද? මේ ආණ්‌ඩුව විසින් සිදුකරනු ලබන්නේ ආර්ථීක මවාපෑමකි. මෙය ආර්ථීක බුබුලකි. ආණ්‌ඩුව ඉදිරිපත් කරමින් සිටින්නේ, වැරදිසහගත ආර්ථීක දත්තය. මෙතෙක්‌ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ඇති තොරතුරුවල වැරදිසහගත බව ඔප්පු කිරීමට ඒ ඒ අමාත්‍යාංශවල ආයතනවලින් ලබාගත් ලිපි ලේඛන ඉදිරිපත් කළ හැකිය.

මීට ඉහතදී මහ බැංකු වාර්තාව පිළිබඳවත් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන දත්ත පිළිබඳවත් රටේ ජනතාව තුළ විශාල විශ්වාසයක්‌ ගොඩනැඟී තිබුණි. එහෙත් අද ආණ්‌ඩුව විසින්ම එම විශ්වාසය සුනුවිසුනු කර දමා තිබේ. අපේ රටේ ආර්ථීකයේ වැදගත් පිළිබිඹුවන් වන්නේ, ආර්ථීක වර්ධන වේගය සහ උද්ධමනයයි. අනෙකුත් ආර්ථීක දත්තයන් නිර්මාණය වන්නේද මෙම දත්ත දෙක මත පිහිටමින්ය. නමුත් දැන් අපට ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කිරීමට සිදුවී ඇත්තේ ආර්ථීක වර්ධන වේගය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති දත්ත සත්‍ය ඒවාද යන්නය. 2013 ජූනි මාසයේ 23 වැනි ඉරිදා පුවත්පතක ප්‍රවෘත්තියක්‌ මෙසේ පළවී තිබුණි. 2013 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ සමස්‌ත දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය 6% ක්‌ ලෙස ආණ්‌ඩුව ප්‍රකාශයට පත්කළත් එහි නියම අගය 5.5 ක්‌ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්‌ පැවසීය' යනුවෙන් එම ප්‍රවෘත්තියේ සඳහන් විය. එසේ වුවත් අමාත්‍යවරයාට පත්තරවල ලියෑවෙන දේවල් සත්‍යයෙන් තොර බව කිව හැකිය. මේ නිසා රජයේම දත්ත ඇසුරෙන්, මේ කාරණය සනාථ කළ හැකිය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් මෙම ආර්ථීක වර්ධන වේගය ගණනය කරනු ලබන්නේ ජාතික ගිණුම් අංශය යෙදාගෙනය. එමගින් 2013 පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්‌තමේන්තුව පිළිබඳ මාධ්‍ය සටහනක්‌ ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකාවේ ආර්ථීකය මනිනු ලබන දළ දේශීය නිෂ්පාදිතයේ ස්‌ථාවර මිල යටතේ 2012 පළමුවෙනි කාර්තුවේ පැවැති රුපියල් මිලියන 750,760 සිට 2013 පළමුවැනි කාර්තුවේ රුපියල් මිලියන 791,931 ක්‌ දක්‌වා ඉහළ යමින් 5.5% ක වර්ධනයක්‌ පෙන්වීය' යනුවෙන් එහි සඳහන් වී තිබේ. නමුත් ආණ්‌ඩුව ප්‍රකාශ කරනු ලබන්නේ ආර්ථීක වර්ධන වේගය 6% ක්‌ වශයෙනි. එය සිදුවූයේ කෙසේද? මේ වන විට ඇත්ත මාධ්‍ය සටහනක්‌ සහ ආණ්‌ඩුව විසින් ව්‍යාජ ලෙස සකසන ලද මාධ්‍ය සටහනක්‌ තිබේ. ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්‌ෂවරයාට එම ගිණුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරිය වන ඩබ්ලිව්. ජී. නිගමුණි මහත්මිය විසින් ලියා යවන ලද සටහනකට අධ්‍යක්‌ෂවරයා විසින් පැහැදිලි කිරීමක්‌ යවා තිබේ. (උපුටා ගැනීම)  2013 පළමුවන කාර්තුව සඳහා ඇස්‌තමේන්තු කළ ජාතික ගිණුම් වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය 5.5 ක්‌ බව මෙම අංශයේ ප්‍රධාන නිලධාරීන්ගේ එකඟතාවයයි. මුලින් 5.4 ක්‌ව තිබියදී අධ්‍යක්‌ෂ ජනරාල්වරයාගේ උපදෙස්‌ අනුව 0.1කින් වෙනස්‌ කිරීමට සිදුවිය. ඔබ විසින් සඳහන් කොට ඇති මාධ්‍ය සටහනේ හා දත්ත වගුවල නැවතත් වෙනස්‌ කිරීමක්‌ කර තිබේ. එය 06% දක්‌වා වැඩි කොට ඇත. කරුණාකර පැහැදිලි කරන්න. (උපුටා ගැනීම අවසන්)

මෙයින් පෙන්නුම් කරන්නේ, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව රටේ ජනතාවට ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත විකෘති කරමින් සිටින බවය. ආණ්‌ඩුව මේවා සිදුකරනු ලබන්නේ ඉහළ අතළොස්‌සක්‌ නිලධාරීන් කණ්‌ඩායම් යොදාගෙනය. ආණ්‌ඩුවට ණය ගැනීම සඳහා රට තුළ යහපත් ආර්ථීක වර්ධන වේගයක්‌ පෙන්විය යුතුව තිබේ. ණය ගැනීම සඳහා උද්ධමන අනුපාතිකය තනි ඉලක්‌කමේ තබාගත යුතුව ඇත. ආර්ථීක වර්ධන වේගය බොරු මැවීමක්‌ පෙන්වීමකින් තොරව හෝ උද්ධමනය තනි ඉලක්‌කමේ තබා ගන්නවා යෑයි පෙන්නුම් කිරීමට අසමත්වීමෙන් ආණ්‌ඩුවට ණය ලබාගැනීමට නොහැකිය. වරෙක නිමල් සිරිපාලද සිල්වා මහතා කියා සිටියේ මූල්‍ය ආයතන ආණ්‌ඩුවට ණය ලබාදෙන්නේ ණය ගෙවීමට හැකි නිසා බවය. එහෙත් ආණ්‌ඩුවට ණය ගෙවීමට හැකි බව පෙන්නුම් කරනු ලබන්නේ වැරදි කරුණු ඉදිරිපත් කිරීමෙන් බව පැහැදිලිය.

ආණ්‌ඩුවේ බලධාරීන් මෙම කරුණු වෙනස්‌ කළ ආකාරය එකින් එක ඉදිරිපත් කළ හැකිය. ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්‌ෂවරයා විසින් මේ සම්බන්ධයෙන් ලබාදුන් තම කටඋත්තරයේ මෙසේ සඳහන් කර තිබේ. (උපුටා ගැනීම)  ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්‌ෂ හැටියට මගේ ප්‍රධාන වගකීම වන්නේ කාර්තුගත සහ වාර්ෂික ගිණුම් ඇස්‌තමේන්තුගත කිරීම සඳහා විවිධ ආයතනවලින් තොරතුරු හා දත්ත රැස්‌කිරීම හා ගොනු කිරීමයි. 2013 පළමු කාර්තුවට අදාළ කාර්තුගත ඇස්‌තමේන්තුව කාර්තුව අවසන් වී දින 75 ක්‌ ඉක්‌මවූ සැණින් ප්‍රකාශයට පත්කිරීම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තීරණයක්‌ මත සිදුවන්නක්‌. මෙම කාර්ය 2013.06.12 වන දින මුල් කාර්තුවට අදාළ ඇස්‌තමේන්තුවේ දළ කෙටුම්පතක්‌ අංශයේ නිලධාරීන්ගේ සහායෙන් සකස්‌ කර අධ්‍යක්‌ෂ ජනරාල් වෙත යොමු කළා. ජාතික ගිණුම් සකස්‌ කිරීමේ ක්‍රියාවලිය වනුයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 250 ක්‌ 300 කින් පමණ දත්ත හා තොරතුරු රැස්‌කොට කෘෂිකර්ම, කාර්මාන්ත හා සේවා යන ප්‍රධාන අනුබෙදුම් අනුව උප අංශ රැසක්‌ යටතේ සකස්‌ කිරීමයි. මෙම ප්‍රධාන අංශ සඳහා මාණ්‌ඩලික නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ජාතික ගිණුම් ඇස්‌තමේන්තු කොට අංශ තුළ අවස්‌ථා රැසකදී සාකච්ඡා කොට දළ ඇස්‌තමේන්තුව සාමාන්‍යයෙන් අංශ ප්‍රධානියා වෙත ඉදිරිපත් කරනු ලබයි. ඒ පිළිබඳව අදාළ අංශවල වගකීම දරන මාණ්‌ඩලික නිලධාරීන් සමග නිරතුරුව සාකච්ඡා කොට ජාතික ගිණුම් ආර්ථීක විද්‍යානුකූලව විග්‍රහ කිරීමට තුලනය වී ඇත්දැයි පරීක්‌ෂා කරනවා. එය තුලනය නොවන්නේ නම් නැවත නැවතත් අංශ, උප අංශ කාර්යයන් යන මට්‌ටමට පරීක්‌ෂා කර බලා නිරවද්‍යතාවය තහවුරු කරගන්නවා. අංශය තුළ ප්‍රධානීන්ගේ එකඟත්වය ලැබුණු වහාම අධ්‍යක්‌ෂ ජනරාල්ගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරනවා.

වසර 30 කට පමණ පසු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අංශය භාරව සේවය කිරීමට ලැබුණු ප්‍රථම අවස්‌ථාවයි මේ. මීට පෙර කිසිම අංශයක අංශ ප්‍රධානියෙක්‌ හැටියට කටයුතු කර නැහැ. ජාතික ගිණුම් අංශය අතිශයෙන් සංකීර්ණ දර්ශක රැසක්‌ සකස්‌ කරන ස්‌ථානයක්‌ බැවින් ඒ සඳහා ප්‍රමාණවත් අත්දැකීම් ලබාගැනීමට අවම වශයෙන් වසර 08 කවත් කාලයක්‌ එක දිගට සේවය කළ යුතු බවට ජාත්‍යන්තර වාර්තාවලින් පෙන්වා දී තිබෙනවා. විද්‍යාත්මක ජාතික ගිණුම්කරුවෙක්‌ වන්නේ එවිටයි. ආර්ථීක විද්‍යා විෂය පිළිබඳව අවබෝධයක්‌ තිබුණත් ජාතික ගිණුම්කරණ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික නිපුණත්වයක්‌ ලබාගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක්‌ මට ලැබුණේ නැහැ. මට මේ අංශයට පැමිණ රාජකාරී කටයුතු කර ගැනීමට හැකිවූයේ මාස 06ක්‌ පමණ කාලයකුයි.

මූලික විමර්ශන නිලධාරීන් විසින් පෙන්වන ලද ජාතික ගිණුමේ සාරාංශ ලේඛනය එදා ඉදිරිපත් කළ ලේඛනය ලෙස පිළිගන්නවා. එහි ආර්ථීක වර්ධන වේගය 5.4 ක්‌ ලෙස සඳහන්වී තිබෙනවා. මෙම ඇස්‌තමේන්තුව අධ්‍යක්‌ෂ ජනරාල්ගේ පෞද්ගලික විද්යුත් තැපෑලට යොමුකළා. ඉන් පසු අධ්‍යක්‌ෂ ජනරාල් 2013.06.12 වන දින රාත්‍රී 8.30 ට පමණ මාගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ගෙන සුවදුක්‌ විමසා, එවන ලද පළමු කාර්තුවේ ජාතික ගිණුම් ඇස්‌තමේන්තුව පරීක්‌ෂා කළ බවත් එහි කෘෂිකර්ම, බැංකු දේශීය වෙළෙඳාම, විදුලිය ආහාරපාන හා දුම්කොළ යන අංශයන් නැවත පරීක්‌ෂා කර බලන ලෙසත් මහ බැංකුව මුදල් අමාත්‍යාංශය දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති පුරෝකථන දත්ත ගැනත් සැලකිලිමත් වන ලෙස කිව්වා. (උපුටා ගැනීම අවසන්)

කුමක්‌ද සිදුකර ඇත්තේ. 5.4% වූ ගණනය කරන ලද ආර්ථීක වර්ධන වේගය දුරකථනයෙන් කතා කර 5.5% ක්‌ කර ඇත. එය 5.5% ට සකස්‌ කළ පසු නියෝජ්‍ය අධ්‍යක්‌ෂ එය 06% බවට පත් කර තිබේ. ආණ්‌ඩුව විශාල පුරාඡේරුවකින් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දත්ත සත්‍යයද? මේ රටේ ආර්ථීක වර්ධන වේගය පෙන්නුම් කරමින් තිබෙන්නේ වැරදි දත්ත පෙන්වමිනි. අධ්‍යක්‌ෂවරයා කටඋත්තරයක්‌ ලබාදෙමින් කියා ඇත්තේ තමන්ට සංඛ්‍යා දත්ත වෙනස්‌ කිරීමට බලකළ බවය. අධ්‍යක්‌ෂවරයා තවදුරටත් කටඋත්තරය ලබා දෙමින් කියා තිබෙන්නේ මෙසේය.

(උපුටා ගැනීම) - 2013.06.13 වන දින කෘෂිකර්ම, කර්මාන්ත හා සේවාවල වගකීම් දරන නිලධාරීන් සමග නැවත සාකච්ඡා කර ප්‍රමාණවත් ලෙස තොරතුරු සාකච්ඡා නොවූ බැවින් සංඛ්‍යාලේඛන සහකාර, සංඛ්‍යාලේඛන නිලධාරීන්, සංඛ්‍යාලේඛනඥ, ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ, නියෝජ්‍ය අධ්‍යක්‌ෂ යන නිලධාරීන් සමග කාර්තුගත ජාතික ගිණුමේ සාරාංශය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. සාකච්ඡාවෙන් අනතුරුව අදාළ අංශ ප්‍රධානීන් නැවත පරීක්‌ෂා කිරීමෙන් පසුව ජාතික ගිණුමේ වෘද්ධිය 0.1% කින් වෙනසක්‌ වන බවත් ඒ අනුව වෘද්ධිය අනුපාතය 5.5%කට සියලු දෙනාගේ එකඟත්වය ලැබූ බැවින් එයද අධ්‍යක්‌ෂ ජනරාල් වෙත 2013.06.13 වන දින සවස 3.30ට පමණ විද්යුත් තැපෑල මගින් යොමු කළා. මූලික විමර්ශන නිලධාරීන් විසින් පෙන්වන ලද ලේඛනය 2013.06.13 වන දින සකස්‌ කරන ලද ජාතික ගිණුම බව පිළිගන්නවා.

2013.06.14 වන දින 2013 පළමු කාර්තුවේ ජාතික ගිණුමේ මාධ්‍ය සටහන සකස්‌ කොට ඉදිරි කටයුතු සඳහා අධ්‍යක්‌ෂ ජනරාල් වෙත විද්යුත් තැපෑල මගින් ප.ව. 4.53 ට යෑව්වා. සති අන්තයේ නිවාඩු බැවින් මාගේ නුවර නිවසට ගියා. 2013.06.17 දින මම අසනීප වී කාර්යාලයට පැමිණියේ නැහැ. ඒ බව නියෝජ්‍ය අධ්‍යක්‌ෂ නිගමුනි මහත්මියට දුරකතනයෙන් කතා කොට නිවාඩු දමන ලෙස උපදෙස්‌ දුන්නා. ඊට පැය භාගයකට පසු නිගමුනි මහත්මිය නැවත මට කතා කර ජාතික ගිණුමේ වෘද්ධිය 6.0% ට සකස්‌ කර එවන ලෙස අධ්‍යක්‌ෂ ජනරාල් උපදෙස්‌ දුන් බව කියා සිටියා. (උපුටා ගැනීම අවසන්)

අධ්‍යක්‌ෂවරයා පැහැදිලිව සඳහන් කර ඇත්තේ තමන් එකඟ වී සකස්‌ කළේ 5.4ට බවත් සමාලෝචනයකින් අනතුරුව 0.1ක්‌ වැඩිකරමින් 5.5 දක්‌වා වැඩි කළ බවත් දුරකථනයෙන් කතා කොට ආර්ථීක වර්ධන වේගය 06 බවට පත්කරන ලෙසත් බලපෑම් කෙරුණු බවත්ය. ආණ්‌ඩුව මේ රටේ ආර්ථීකයට සිදුකර ඇත්තේ කුමක්‌ද? මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතුව තිබේ. රාත්‍රී 10ට 12ට දුරකථනයෙන් කතා කොට දත්ත සකස්‌ කර ඇති බව තහවුරු වී තිබේ. මේ ව්‍යාජය නතර කළ යුතුව ඇත. ආර්ථීක වර්ධන වේගය, උද්ධමන අනුපාතය වැනි සියල්ලම විසින් අපේ රටේ ආර්ථීක වර්ධන වේගය පෙන්නුම් කරන බැවින් මෙය ඉතා බරපතළ තත්ත්වයකි.

දැන් ආණ්‌ඩුව බොරු මාලිගාවක්‌ ගොඩනඟමින් තිබේ. මෙය කඩා වැටෙන්නේ මේ රටේ ජනතාවත් සමගිනි. මෙය මුළාවක්‌ බවට පත්වී තිබේ. මෙය රටේ ආර්ථීකයේ අතිශය නරක තත්ත්වයක්‌ බවට පත්වී තිබේ. තවදුරටත් අධ්‍යක්‌ෂවරයාගේ සාක්‌ෂිය උපුටා දක්‌වන්නේ නම් -

(උපුටා ගැනීම) ඒ වෙලාවේ මම පසු දින කාර්යාලයට පැමිණ දී ඇති උපදෙස්‌ අනුව කටයුතු කිරීමට හැකි බව පැවසුවා. ඒ වෙලාවේ නිගමුනි මහත්මිය අධ්‍යක්‌ෂ ජනරාල් මෙය නැවත වහාම සකස්‌ කර දෙන ලෙස කියා සිටි බවත් දැන්වුවා. පස්‌සේ මම ස්‌කයිප් මගින් කාර්යාල නිලධාරීන් සමග සම්බන්ධ වුණා. එසේ සම්බන්ධ වී එම ජාතික ගිණුම් සකස්‌ කළේ සියලු දෙනාගේ පොදු එකඟතාවකින් බවත් එය වෙනස්‌ කරනවා නම් මූලික දත්ත මූලාශ්‍රවලට ගොස්‌ පරීක්‌ෂා කර බලා කිරීම සුදුසු බවට යෝජනා කළා." (උපුටා ගැනීම අවසන්)

අධ්‍යක්‌ෂවරයා යෝජනා කර ඇත්තේ මෙහි මූලික දත්ත දෙස බලා නැවත සකස්‌ කළ යුතු බවය. එම නිලධාරියාගේ ජීවිතයට හෝ රැකියාවට හෝ අනතුරක්‌ සිදුනොවිය යුතු බව වගකීමෙන් කියා සිටිය යුතුයි. දැන් ආණ්‌ඩුව ජනතාවට කියා සිටින්නේ මෙසේ සකස්‌ කළ බොරු සංඛ්‍යා දත්ත පිළිගන්නා ලෙසද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය හිඟාකෑම සඳහා ඉදිරිපත් කරන දත්තවලට වඩා වෙන යමක්‌ මේ තුළ නැත. එබැවින් කළ යුතුව තිබෙන්නේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මූලික විමර්ශන ඒකකයක්‌ ස්‌ථාපිත කිරීමයි. මේ සඳහා ඉන්දියාවෙන් ආදර්ශ ගත හැක. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ කාර්ය ගැඹුරින් අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට අපක්‌ෂපාතී පිළිගත් විනිසුරු මහතෙකුගේ හෝ මහත්මියකගේ ප්‍රධානත්වයෙන් සංඛ්‍යා ලේඛන කොමිසමක්‌ පත් කොට එමගින් නිර්දේශ ඉදිරිපත් කළ යුතුයි. ඒ මගින් පවතින තත්ත්වය නිවැරදි කළ යුතුයි. ඉලක්‌කම් හරහා මවන ආර්ථීක ප්‍රබන්ධය තුළ ඇත්තේ හිස්‌ කුහරයකි.

එනිසා දැන්වත් මෙය නිවැරදි කිරීම ආරම්භ කළ යුතුය. මේ රට ගෙන යා යුතුව තිබෙන්නේ ඇත්ත දත්ත මතය. ආණ්‌ඩුව දැන් රට පාලනය කරනු ලබන්නේ බොරු මාධ්‍ය සංදර්ශන මගිනි. සියලු දේ අසත්‍යය මත ගොඩනඟන ආණ්‌ඩුව, ආර්ථීකයටත් මේ විනාශය සිදුකරනු ඇතැයි කිසිවෙක්‌ සිතුවේ නැත. මේ ආණ්‌ඩුවේ සිටින්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත විකෘති කරවන හොරු රැළක්‌ බවද රටේ ජනතාව කිසි දිනෙක සිතුවේ නැත. මේ වන විට රටේ තිබෙන සියලු නීති පද්ධති, හර පද්ධති සහ සියලු ආයතනවල වගකීම් සියල්ල සුනුවිසුනු කර දමා ඇත. තනි නිලධාරියෙකුට අවශ්‍ය වන විට ආර්ථීක වර්ධන වේගය 06% හෝ 07% බවට වෙනස්‌ කෙරේ. මේ ආකාරයෙන් රටේ ජනතාව ඇන්දවීමට ආණ්‌ඩුව උත්සාහ දරනවාද? බොරු ආර්ථීක දත්ත පෙන්වමින් මවන ආර්ථීක විද්‍යාව නිසා ඇතිවී තිබෙන භයානක තත්ත්වය සැඟවීමට ආණ්‌ඩුවට ඉඩ දිය යුතු නැත. ආණ්‌ඩුව කුමක්‌ පැවසුවත් රටේ ඇත්ත ආර්ථීක වර්ධනය ජනතාවගේ එදිනෙදා ජීවිතවලින් පැහැදිලි වෙමින් තිබේ. එම නිසා ආණ්‌ඩුවේ මෙම ආර්ථීක වර්ධන මිථ්‍යාව රටට හෙළි කළ යුතුව තිබේ.

අනුර කුමාර දිසානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී


http://www.divaina.com/2013/12/29/politics02.html
ජනප්‍රිය පාසල් වෙනුවෙන් දරුවන්ගේ ජීවිත බිල්ලට අරන් තියෙනවා!
- ශිෂ්‍යත්වය අහෝසි කළ යුත්තේ ඇයි දැයි බන්දුල කියයි


5 වන ශේ්‍රණියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කිරීමට බලපෑ හේතු සාධකයන් මොනවාද යන්න පිළිබඳව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අදහස්‌ පහත පරිදි වේ

පිළිතුර - කන්නන්ගර යුගයේදී 5 ශිෂ්‍යත්වය හඳුන්වල දුන්නේ ග්‍රාමීය දක්‍ෂ දරුවන්ට ශිෂ්‍යාධාර සැපයීම සඳහායි. ඒ සමග එතුමා නිර්මාණය කළා, ඒ වන විට පැවතුන මැතිවරණ කොට්‌ඨාසයකට එක්‌ ද්විතීයික පාසලක්‌ වශයෙන් මධ්‍ය මහා විද්‍යාල 54 ක්‌. පළමු ශේ්‍රණියේ සිට 5 වන ශේ්‍රණිය දක්‌වා ගමේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය සමත්වූ පසු එම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්‌ථාව ඇති කළා. එම පාසල් 54 මගින් ඊට පෙර පැවැති දරුවන් කොළඹ, නුවර සහ යාපනයට ඇදී ගිය ප්‍රවනතාව ඇනහිටියා.

අදත් ද්විතීයික පාසල් ලෙස ක්‍රියාත්මක වන පොරමඩුල්ල, ඉබ්බන්ගමුව, කුලියාපිටිය, අනුරාධපුරය, කරන්දෙණිය, දික්‌වැල්ල, වීරකැටිය, තොලංගමුව යන මධ්‍ය මහා විද්‍යාල එදා ආරම්භ කළ ඒවා. එදා ශිෂ්‍යත්වය සමත්වී මධ්‍ය මහා විද්‍යාලවලට ඇතුළු වී සමහරුන් එහි නේවාසිකාගාරවල නැවතී අධ්‍යාපනය ලබා රටේ ගම්බද දරුවන් විවිධ ක්‍ෂේත්‍රවල විශිෂ්ටයන් බවට පත් වූවා. නමුත් මෙම උදාර වූ මධ්‍ය මහා විද්‍යාල ඇති කළ යුග පුරුෂයාටත් පහර දුන්නා පමණක්‌ නොවෙයි එම සංකල්පය විනාශ කර විභාග කේන්ද්‍රීය අධ්‍යයන ක්‍රමයක්‌ ඇති කළා. බටහිර අනුකාරකවාදීව ලන්ඩන් ධරැඛල A/L වලට සමගාමීව, 1977 දී විවෘත වෙළෙඳපොළ ආර්ථිකයත් සමග නැවතත් අ.පො.ස. (සා.පෙ.), උසස්‌ පෙළ ඇති කළා. එය සම්පූර්ණයෙන්ම දේශපාලන තීන්දුවක්‌. 1977 සිට 17 ත් අවුරුද්දක්‌ පුරා නගරවල ප්‍රධාන පාසල් පිළිබඳව පමණක්‌ අවධානය යොමු කළ නිසා ග්‍රාමීය පාසල්වලට සම්පත් බෙදී ගියේ නෑ. ඒ වගේම ගම්බද, විශේෂයෙන් දිළිඳු දරුවන් තොග වශයෙන් සමාජගත වූයේ අ.පො.ස. (සා.පෙළ) වත් සමත් නැතිව. එම 17 ත් වසර කාලය තුළ අ.පො.ස. (සා.පෙ.) සමත් ප්‍රතිශතය 22% යි. ඒ කියන්නේ 75% කට අධික පිරිසක්‌ සාමාන්‍ය පෙළවත් සමත් නැති පිරිසක්‌ බවට පත් කළා. ඒ අතරම කන්නන්ගර යුගයේදී ආරම්භ කරන ලද මැටි වැඩ, වඩු වැඩ, ලෝහ වැඩ, රෙදි විවීම, මෝටර් කාර්මික විද්‍යාව වැනි වැඩ ලෝකයට අවශ්‍ය විෂයයන් ඉගැන්වීම සම්පූර්ණයෙන්ම නවතා දැම්මා. ක්‍රීඩා, සෞන්දර්ය වැනි විෂයන්ට අඩු බරක්‌ තැබූ අතර ඉතිහාසය අයින් කළා. මෙම දැවැන්ත නායයැම තුළ ක්‍රමක්‌ ක්‍රමයෙන් සමාජ ආකල්පයක්‌ මෝදු වූවා දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට නම්, දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කළ යුතු බවට. එම තත්ත්වය තුළ 5 ශිෂ්‍යත්වය ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ මාරාන්තික තරගකාරී විභාගයක්‌ බවට පත් වූවා. මෙම ජනප්‍රිය යෑයි සම්මත පාසල් වැඩිම ප්‍රමාණයක්‌ තිබුණේ කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල, මාතර යන ප්‍රධාන නගරවල. මේ අතරිනුත් කොළඹ හෝ නුවර පාසලකට තම දරුවා ඇතුළත් කර ගැනීම සඳහා විශේෂයෙන්ම මවුවරුන් තුළ විශාල උනන්දුවක්‌ වර්ධනය වූවා. මෙය සම්පූර්ණයෙන්ම වැරදි පාසල් වර්ගීකරණයක්‌. මොකද මේ රටේ ජනප්‍රිය පාසල් ලෙස පිළිගත් ඒවා තිබෙන්නේ 56 යි. මුළු ගණන 10,000 යි. මෙම 10000 න් 56 ක්‌ හැර අනිත් පාසල් ජනතාවට අප්‍රිය පාසල් ලෙස හංවඩු ගහලා. නැති බැරි ගමේ මිනිසුන්ගේ බහුතරයක්‌ දරුවෝ තමයි මෙම ජනයා අප්‍රිය පාසල්වලට යන්නේ.

මේ වන විට ශිෂ්‍යත්ව විභාගය සඳහා වසරකට ලක්‍ෂ 300000 ත් 350000 ත් අතර පිරිසක්‌ පෙනී සිටිනවා. මේ අතරින් ශිෂ්‍යාධාර හිමි වන්නේ 15000 කට පමණයි. වැඩිම ශිෂ්‍ය පිරිසකට පාසල් ලබාදීලා තිබෙන්නේ මේ වසරෙදී. 2009 වර්ෂයේදී ශිෂ්‍යත්වය සමතුන් 23673 ක්‌ පමණයි සමස්‌ත ලංකාවෙන්ම පාසල්වලට ඇතුළත් කළේ. 2014 වර්ෂයේදී 30746 ක්‌ ඇතුළත් කරනවා. විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් 1% කට පමණයි ඔය වර්ධනයෙන් පසුත් පාසලක්‌ ලැබෙන්නේ. එයිනුත් ජනප්‍රිය පාසලක්‌ ලැබෙන්නේ 1% කටත් අඩු පිරිසකට. මෙම 1% කටත් අඩු පිරිසක්‌ වෙනුවෙන් දරුවාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බිල්ලට ගෙන තිබෙනවා. දෙමව්පියන්ගේ අසාමාන්‍ය ධනස්‌කන්ධයත් වියදම් කරල ව්‍යාපාරික කරණයක්‌ බවට පත් කර ඇති 5 ශිෂ්‍යත්වය විභාගය එලෙසින්ම පවත්වා ගත යුතු යෑයි තර්ක කරන්නේ මන්දැයි මට නම් වටහා ගන්න අපහසුයි. මන්ද යත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස්‌කම් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කළ විශේෂ උපකාරක කාරක සභාවේ සභාපතිවරයා මම.

එකී කාරක සභාවට ආගමික, දේශපාලනික, අධ්‍යාපනික, සමාජ සංස්‌කෘතික අංග ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන 1000 කට අධික පිරිසක්‌ සාක්‍ෂි සැපයුවා. ඒ සියලුම සාක්‍ෂි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පටිගත කරලා තිබෙනවා. එහි සාක්‍ෂි පොත් ලෙස මුද්‍රණය කරලා කැබිනට්‌ මණ්‌ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාක්‍ෂි දීමට පැමිණි මානසික විශේෂඥ වෛද්‍ය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, ළමා මනස පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යය ලැබූ අධ්‍යාපනඥයන් පොත්පත් සහ ශාස්‌ත්‍රීය ඔප්පු කිරීම් මගින් අද පවතින 5 හේ ශිෂ්‍යත්ව විභාගය ළමුන්ට කරන ඉතා බරපතළ වරදක්‌ බවත්, දරුවන්ගේ ළමා කාලය හා ළමා ලෝකය ඔවුන්ට අහිමි කර දරුවන්ගේ ළමා ලෝකය දෙමව්පියන් විසින් උදුරාගෙන ඇතැයි චෝදනා කළා. මේ කොමිසමට සාක්‍ෂි දුන් මහ ප්‍රාඥයන් හා විද්වතුන් පිස්‌සන් පිරිසක්‌ ලෙස සැලසීම කිසිසේත්ම සාධාරණ වන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වුණේ මේ වයසේ දරුවකුට දුව පැන ඇවිදීමට පාරිසරික අත්දැකීම් ලැබීමට, අභියෝගවලට මුහුණදීමට, ක්‍රීඩා කිරීමට, සුන්දර ළමා විය ගත කරමින් මානසික හිතකාමී වන ආකාරයට කටයුතු කිරීමට ඇති ඉඩකඩ අසුරලා ඇති බවයි. 2 වන ශේ්‍රණියේ පටන් දරුවා ශිෂ්‍යත්වය ඉලක්‌ක කරගෙන අහිතකර මානසික පීඩනයකට ගොදුරු කරන බවත් එම නිසා 5 ශිෂ්‍යත්වය අ.පො.ස. (උ.පෙළ), අ.පො.ස (සා.පෙළ) ට වඩා තරගකාරී සහ පීඩාකාරී එකකැයි අධ්‍යාපනඥයන්ගේ මතය වූවා. එම නිසා පසුගිය කාලය තුළ මේ 5 ශිෂ්‍යත්ව විභාගය, දරුවන්ගේ විභාගයක්‌ නොවන බවත්, අම්මලාගේ විභාගයක්‌ ලෙසත් හඳුන්වා දී තිබුණා. මේ තත්ත්වය තුළ 5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට නව ක්‍රමවේදයක්‌ ඇති කළ යුතු බව තරයේ විශ්වාස කළා. එයට ප්‍රධාන හේතුව තමයි මහින්ද චින්තන ඉදිරි දැක්‌ම අනුව කේන්ද්‍රීය අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා නගරයේ තිබෙන සුපිරි යෑයි සම්මත පාසල්වල ඇති භෞතික හා මානව සම්පත සහිතව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකම පාසල් 3 බැගින් මහින්දොaදය පාසල් 1000 ක්‌ රට පුරා ඇති කිරීම, මෙවැනි දැවැන්ත විප්ලවීය වෙනසක්‌ ලාංකික ඉතිහාසය තුළ සිද්ධ වී නැති බව ඇත්ත. ගුරු සංගම් යෑයි කියාගෙන නිවේදන නිකුත් කරන සංවිධාන දෙකක්‌ මේ පාසල් 1000 ඇති කිරීමට විරුද්ධ වූවා පමණක්‌ නොව, ඡේ.වී.පී. එකට සම්බන්ධ සංවිධාන ප්‍රාථමික ඉවත් කොට යළි මධ්‍ය විද්‍යාල සංකල්පය ඇති කරනවාට විරුද්ධව උද්ඝෝෂණ, පිකටින්, ටයර් පිළිස්‌සීම් සහ අධිකරණවල නඩු පැවරීම් සිද්ධ කළා. මට තේරුම් ගන්න අසීරුයි කිසි දිනක ග්‍රාමීය දුප්පත් ජනතාවට හිමි නොවුණ අයිතියක්‌ සහ වරප්‍රසාදයක්‌ ලෙස තිබුණ පරිගණක 40 කින් යුත් අංගසම්පූර්ණ පරිගණක විද්‍යාගාර 1000 ක්‌ ගමේ දරුවන්ට අයිති කර දීමට විරුද්ධ වන්නේ මන්ද? බ්‍රිටිෂ් කවුන්සිලයට හා කොළඹ නගරයේ සුපිරි පාසල් කිහිපයක පමණක්‌ ඇති භාෂාගාර මේ නාගරික සීමාවෙන් ඔබ්බට ගොස්‌ ගමේ දුප්පත් දරුවන් වෙනුවෙන් පරිගණක 20 කින් යුත් භාෂාගාර 1000 ක්‌ ඇති කරනවාට විරුද්ධ වූයේ මන්ද? ගණිත විෂය සාමාන්‍යයෙන් දුර්වල නිසා ගණිත විෂය අසමත් වීමෙන් රජයේ කම්කරු රැකියාවක්‌ වත් ලබාගත නොහැකි නිසා මේ ගණිත විෂය සමත් කිරීමට ගණිතාගාර 1100 ක්‌ ගමට ලැබීමට එරෙහි වන්නේ ඇයි?

ඊළඟට දුරස්‌ථ අධ්‍යාපනික පහසුකම් ලබාදීම සඳහා මධ්‍යස්‌ථාන 1000 ක්‌ පිහිටුවීමට විරුද්ධ වූයේ ඇයි? අවු. 2600 කට පසුව ලංකා ඉතිහාසයේ ඇති කළ තාක්‍ෂණවේදී විෂය ධාරාව සඳහා තාක්‍ෂණවේදී විද්‍යාගාර 500 ක්‌ ඇති කිරීමට විරුද්ධ වන්නේ ඇයි. ඉතා සරල උත්තරය මට සිතෙන හැටියට ඔවුන් හොඳටම දැනගෙන සිටියා මහින්ද චින්තනය යටතේ නිදහස්‌ අධ්‍යාපනය යටතේ දැවැන්ත හැරවුම, කන්නන්ගර යුගයෙන් පසු ඇති වූ විප්ලවීය අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ නිසා ග්‍රාමීය දරුවන් නිසැක ලෙසම, අධ්‍යාපනය ලොවට ගැලපෙන අධ්‍යාපනයට සහ ජීවිතයට අගයක්‌ එකතු වන බව. එසේ නොවුවහොත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ජීවිතයක්‌ සොයාගත නොහැකිව දරුවන් ප්‍රචණ්‌ඩත්වය තෝරාගෙන මිනීමරුවන් බවට පත්වන බවට අපේ ඉතිහාසය සාක්‍ෂි දරනවා. කොළඹට කිරි - අපිට කැකිරි සටන් පාඨයෙන් ප්‍රකාශ වුණේ ඒක තමයි. දීර්ඝ කාලයක්‌ ග්‍රාමීය ජනතාවගේ ඇට, මස්‌, ලේ, නහර වලට කාවැදී තිබුණේ තමන්ට බලවත් අසාධාරණයක්‌ වන බවත්, අධ්‍යාපනය සුළු පිරිසකගේ අයිතියක්‌ වන බවත්. අපි දැන් අධ්‍යාපනය දුප්පතුන්ට නිත්‍ය උරුමය බවට පත් කිරීමට දැනට පවත්නා ජනප්‍රිය පාසල් 56 වෙනුවට ජනප්‍රිය ද්විතීයික පාසල් 1000 ක්‌ 2016 වන විට නියත වශයෙන්ම ප්‍රතිනිර්මාණය කර අවසන් කරනවා. මේ සඳහා කරන ආයෝජනය මහවැලි ගඟ උතුරට හැරවීමට කරන ආයෝජනය වඩා වැඩියි. මේ වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගෙන තිබෙනවා ඇ. ඩොලර් මිලියන 200, රු. කෝටි 2500 ක්‌. පාසල් 1000 ට පමණක්‌ ලංකාණ්‌ඩුව ලබාදෙන ප්‍රතිපාදනය කෝටි 1500 යි. මේ හා සමගාමීව ළමා මිතුරු පාසල් 8000 ක්‌ ප්‍රති නිර්මාණය වනවා. එයින් ළමයින් 50 ට අඩු පාසල් 1552 ක්‌ කෙලින්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ රාජ්‍ය නොවන ආයතන 18 ක මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. එය අය-වැය ලේඛනයට ඇතුළත් වියදමක්‌ නොවෙයි. යුනිසෙෆ් ආධාර ඇතිව යුද්ධය නිමවීමෙන් පසුව උතුරු සහ නැගෙනහිර ළමා මිතුරු පාසල් 1500 ක්‌ සාදා නිම කර තිබෙනවා.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ ළමා මිතුරු පාසල් 5000 ක්‌ නිර්මාණය කිරීමට මුදල් වෙන් කළා. බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා ඊට කලින් ග්‍රාමීය පාසල් 7000 කට වැසිකිළි, කැසිකිළි පහසුකම් ලබා දුන්නා. ළමා මිතුරු පාසලකට මේ වර්ෂයේ රු. ලක්‍ෂ 5 බැගින් වෙන්කර දුන්නා. මෙහෙම අධ්‍යාපනයට සම්පත් ලබාදුන් රජයක්‌ බිහි වූවේ නැහැ.

දැන් මහින්දොaදය පාසල් 409 ක වැඩ අවසන් කර භාරදී තිබෙනවා. තවත් 500 කගේ ඉදිකිරීම් අවසන් වෙනවා. මට තිබෙන එකම ප්‍රශ්නය, ලබන වසරට තිබෙන්නේ දින 365 යි. එම දින 365 තුළදී පාසල් 700 - 800 ක්‌ විවෘත කරන්නේ කෙසේද කියන ප්‍රශ්නය. එහෙම ප්‍රශ්නයකට කිසිම අධ්‍යාපන ඇමැතිවරයකු මුහුණ දී නැහැ. මේක තමයි අද රජයට විරුද්ධව කොටි ඩයස්‌පෝරාව ඇතුළු සියලු බලවේගවලට දිරවා ගත නොහැකි ප්‍රශ්නයක්‌ බවට පත්වෙලා තිබෙන්නේ.

උතුරු මැද පළාතට හිමි වන්නේ 83 යි. නමුත් උතුරට 90 ක්‌ ලැබෙනවා. නැගෙනහිර 103 ක්‌ ලැබෙනවා. ඉතිං ලංකාව පුරාම ජාති, ආගම්, වර්ණ, කුල ලිංග බේදයකින් තොරව මහින්දොaදය ජනප්‍රිය පාසල් 1000 ක්‌ 2016 වන විට ළමුන්ට හිමි වන විට මේ දෙමවුපියන්ට මහ බරක්‌ වූ ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ කුමටද?

ගමේ දරුවා කොළඹ ගෙනෙනවාට වඩා කොළඹ තිබෙන පහසුකම් ගමට දෙන එක අපරාධයක්‌ ද? දුප්පත් දෙමව්පියන්ගේ බර අඩු කිරීම අපරාධයක්‌ ද? ළමයාට දැනට අහිමි වූ ළමා ලෝකය දෙන එක වරදක්‌ද? ඉතින් මේ පිළිබඳව තවදුරටත් ගැඹුරින් විශ්ලේෂණ කර විග්‍රහ කිරීම සඳහා මම ලිතව ජාතික අධ්‍යාපන කොමිසමට මේ හා සම්බන්ධ විමර්ශන කරන ලෙස ඉල්ලා සිටියා.

එම කොමිෂම විසින් ඒ පිළිබඳව විමර්ශන වාර්තාව 2013-11-08 දින ප්‍රකාශයට පත් කළා. මේ වාර්තාව සැපයීමේදී 5 ශිෂ්‍යත්වය පර්යේෂණය පිළිබඳව සුවිශේෂ මතය ඉදිරිපත් කළ පාර්ශ්වයන් පිළිබඳවත් එහි සඳහන් වෙනවා. අධ්‍යාපනඥයන්, මනෝවිද්‍යාඥයන්, වෛද්‍යවරුන්, සමාජ විද්‍යාඥයන් එහිදී අදහස්‌ දක්‌වා තිබෙනවා. ඔවුන් පුළුල් විමර්ශනකින් පසු 5 වන ශේ්‍රණි ශිෂ්‍යත්ව පරීක්‍ෂණය සඳහා නව යෝජනාවලියක්‌ නිර්දේශ කළා.

මෙයින් යෝජනා කරල තිබෙන්නේ ළමයින්ට දෙමාපියන්ට වරදක්‌ වන ජාවාරම්කාරයන්ට වාසිදායක ලෙස සැකසී තිබෙන අතිශයින් තරගකාරී අකාරුණික අනුවණ ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 5 වන ශේ්‍රණියේ දී දරුවන්ට සාදන මට්‌ටම මැන බැලිමේ පොදු විභාගයක්‌ පැවැත් විය යුතු බව එයින් පෙන්නුම් කර තිබෙනවා. මේ විභාගය සඳහා දෙමව්පියන් අතිරේක වෙහෙසක්‌ දැරිය යුතු නැහැ. දෙමව්පියන් පංති යායුතු නැහැ.

අධ්‍යාපන කොමිෂම නිර්දේශ කර ඇති ආකාරයට අතිරේක ඉගෙනීමකින් තොරව පාසලේ පංතියේ හා බාහිර පරිසරයෙන් ලබාගන්නා දැනුමින් මෙම ප්‍රශ්න පත්‍රයට මුහුණදීමට පුළුවන් වනවා. එකී ප්‍රතිඵල අනුව 2016 දී දැනට 15000 කට ලබාදෙන ශිෂ්‍යත්ව 25000 දක්‌වා වැඩි කරනවා. එතකොට තවත් දිළිඳු දරුවන් 10000 කට අතිරේක සහනයක්‌ ලැබෙනවා. 2016 දී ජනප්‍රිය පාසල් 1000 නිර්මාණය වීමෙන් පසුත් කොළඹ නුවර පාසලකට එන්න ඕනි නම් ඒ ලකුණුවලින් එන්න පුළුවන්. අපි එය අහුරන්නේ නෑ. තම තම නැණ පමණින් එන්න පුළුවන්. දැනට වුවත් මේ පහසුකම් තත්ත්වය තුළ ලංකාවේ අධ්‍යාපනයේ සැඟවී ඇති යථාර්ථය විශේෂයෙන් සිංහල මාධ්‍ය භාවිත කරන බහුතරයට නොවැටහීම පිළිබඳ මම අතිෂයින් කනගාටු වනවා.

මෙවර ජීව විද්‍යාව අංශයෙන් විශිෂ්ටතම දරුවා බිහි වූයේ සීතාවක පුරවරයේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසලෙන්. ඒ දරුවා 5 ශිෂ්‍යත්වය සමත්. සා.පෙළ A-9 ලබාගත් අය අතරින් 3 වෙනියා. එහෙත් තමන්ගේ ගම සහ පාසල විශ්වාස කර කටයුතු කර ලංකාවෙන් එක වූවා. මීට පෙර රඹුක්‌කන පින්නවල ජාතික පාසල, තිස්‌සමහාරාම දෙබරවැව ජාතික පාසල, වීරකැටිය ජාතික පාසල වැනි පාසල් වලින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම උසස්‌ පෙළ සමතුන් බිහි කර තිබෙනවා. ප්‍රධාන වානිජ්‍ය නගරය කොළඹ වුවත්, වානිජ්‍ය අංශයේ පළමු වැනියා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් බිහිවී තිබෙන්නේ. මෙවර උසස්‌ පෙළ ප්‍රතිඵලවලින් හොඳම පළාත බවට උතුරු පළාත පත්වී තිබෙනවා. 2 සබරගමුව, 3 නැගෙනහිර, 4 දකුණ, 5 ඌව, බස්‌නාහිර 6 වන පළාත. එම ප්‍රතිඵල දිස්‌ත්‍රික්‌ක අනුව බැලුවත් විශිෂ්ටතම දිස්‌ත්‍රික්‌කය වන්නේ කිලිනොච්චිය, මන්නාරම, වවුනියා, මුලතිව්, යාපනය, මඩකලපුව, රත්නපුර. කොළඹ තිබෙන්නේ 15 ට, ගම්පහ 24 ට. එම නිසා මේ නව ප්‍රවනතාවයන් පිළිබඳව අධ්‍යාපනඥයන් පමණක්‌ නොව වෙනත් නායක කාරකාදීන්ගේත් අවධානය යොමුවිය යුතුයි. යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශවල දරුවන් වේගයෙන් අධ්‍යාපන පසුබැස්‌ම නිවැරදි කර ගැනීමට විශාල ප්‍රයත්නයක්‌ දරද්දී යුද්ධය නොපැවති ප්‍රදේශවල අපි දේශපාලන වෛරයෙන් මුසපත්ව, ගම්බද, නිරායුධ අවිහිංසක දරුවන්ට රජය මගින් ලබාදීමට වෙහෙසෙන අධ්‍යාපනයේ භෞතික හා මානව සම්පත් අසුරා දැමීමට ප්‍රයත්න දැරීම මොනතරම් අපරාධයක්‌ ද?
සටහන එරික්‌ ගාමිණි ජිනප්‍රිය
http://www.divaina.com/2013/12/29/politics07.html