Monday, June 30, 2014

aluthgama-mulsims-attacke newyoork

සුළු ජාතික ජන වර්ගයකට ‍එරෙහි ප්‍රහාරය තුලින්, අන්තවාදීන්ටත් රාජපක්‍ෂ පවුලටත් ඇති සම්බන්ධතාවය පැහැදිලිව පෙන්නුම් කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.

එසේම ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදීන් වසර කීපයක සිට කරන අප්‍රසාදය දනවන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල නතර කරවිය යුතු බව නිව්යෝර්ක් ටයිම්ස් තම නිවේදනයේ සදහන් කර සිටී.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ,
“2014.06.15 දින අලුත්ගම ක්‍රියාත්මක වූ ලේ වැගිරෙන ප්‍රචණ්ඩත්වය හේතුවෙන්, මුස්ලිම් ජාතිකයින් 4 දෙනෙකු මියගිය අතර 78 දෙනෙකු තුවාල ලබන ලදි. මුස්ලිම් ජනතාවගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන විනාශ විය.

පාලක පක්‍ෂය වන රාජපක්‍ෂ පවුල සමග සම්බන්ධතා ඇති බොදුබල සේනාව සංවිධානය කල මුස්ලිම් විරෝධී පෙළපාලියෙන් පසු මෙම ප්‍රදේශයේ නොසන්සුන්තාවය වර්ධනය වී ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකාවේ සුළු ජාතික ජන වර්ගයකට එරෙහිව මෑතකදී එල්ලවූ ප්‍රහාර තුලින් අන්තවාදී බොදුබල සේනා සංවිධානයටත් ආරක්‍ෂක හමුදාව සහ රාජපක්‍ෂලාටත් අතර සම්බන්ධතාවය පැහැදිලිව පෙන්නුම් කරන ලදි.
බොදුබල සේනා සංවිධානය 2014.06.15 දින සිදුකල ප්‍රහාර වැලැක්වීම පැහැර හැරීම සම්බන්ධයෙන් රජයට ජාත්‍යන්තර වශයෙන් පැනනැඟුනු විරෝධතා හේතුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, සිද්ධිය වූ ප්‍රදේශයට ගමන් කර තිබුණි. සිදුවීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට ක්‍රියාමාර්ග ගන්නා බව රජය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී පසුගිය මාර්තු 27 වන දින සම්මත කළ යෝජනාවට අනුව, යුද්ධයේ අවසන් අදියරයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් විමර්ශනය පැවැත්වීමට ශ්‍රී ලංකා රජය අනුග්‍රහය ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇති තත්වයේදී, රජයේ මෙම පොරොන්දුව බලවත් ප්‍රශ්නයක් මතුකර ඇත.

ජනාධිපතිවරයාගේ කණගාටුවට සහ ක්‍රියාකලාපයට විශේෂ හේතු ඇත. මෙම ප්‍රචණ්ඩත්වය ඔහුගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ සංචාරක සහ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට සෘජුවම හානිදායකය. මුස්ලිම් සුළු ජාතික ජනතාව ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීම විෂයෙහි රජය පරාජය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යයන් තුලින් බොහෝ විවේචන එල්ල විය.

ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ මුස්ලිම් අමාත්‍යවරයෙකුද වන රවුෆ් හකීම්, මුස්ලිම් ජනතාව වෙත වන ප්‍රහාර වැලැක්වීම විෂයෙහි රජය පරාජය වී ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ බහුතර බෞද්ධ ජනතාවගෙන් වැඩිදෙ‍නෙකු බොදුබල සේනාවට සම්බන්ධ වී කටයුතු කරන්නේ නැත. ශ්‍රී ලංකාවට මෙම කරුණ සමනය කළ යුතු අවශ්‍යතාවයක් ඇත.

ජනවර්ග සහ ආගම් අතර ප්‍රකෝපකාරී හැඟීම් අවුළුවාලන කණ්ඩායම් සහ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන මෙන් රාජපක්‍ෂ පසුගිය සඳුදා පොලීසියට ලබාදුන් උපදෙස් පිළිබඳව ප්‍රශංසා කරන්නෙමු. නමුත්, ජනාධිපති පොලීසියට ලබාදුන් උපදෙස් ඇතුලත් වාර්තාවෙහි, බොදුබල සේනාවේ නම සදහන් කර නොමැත” යනුවෙන්ද නිව්යෝක් ටයිම් පුවත්පත අදාළ ලිපියෙහි සදහන් කර සිටී.
(lankatnews)

මීළඟ ජනාධිපතිවරණයේදී පක්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගැනීම සඳහා මෙවර උෟව පළාත් සභා මැතිවරණයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වී උෟව මහ ඇමැති අපේක්ෂකත්වයට තරග වැදීමට තමා සූදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පෙරේදා (29දා) නිල වශයෙන් නිවේදනය කෙළේය.


බදුල්ලේ පැවැති එජාප ක්‍රියාකාරිකයන්ගේ හමුවක් අමතමින් මේ බව සඳහන් කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මෙවර උෟව පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට එරෙහිව පළමු වෙඩි මුරය පත්තු කිරීමට තමන් සූදානම් බවද පවසා සිටියේය.තමන් මේ ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වී උෟව පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට තීරණය කෙළේ පක්ෂයටත් රටටත් ආදර්ශයක් ලබා දීමට බවද හරීන් ප්‍රනාන්දු මහතා එහිදී සඳහන් කර සිටියේය.


මීට සති දෙක තුනකට ඉහතදී සිටම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත්ව උෟව පළාත් සභා මැතිවරණයට තරග වැදීමට සූදානමින් සිටින බවට නිල නොවන ආකාරයෙන් දේශපාලන ක්‍ෂේත්‍රයේ ආරංචි පැතිර ගියද ඒ බව ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයෙන් කිසිදු අවස්ථාවක තහවුරු කර තිබුණේ නැත. එහෙත් පෙරේදා බදුල්ලේ පැවැති රැස්වීමේදී හරීන් ප්‍රනාන්දු මහතා ඒ බව නිල වශයෙන් තහවුරුකර සිටීමත් සමඟ මෙවර උෟව පළාත් සභා මැතිවරණය ඉතා උණුසුම් එකක් වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

http://www.mawbima.lk/


ගෙවීගිය වසර හතරක කාලය තුලදී ශ්‍රී ලංගම සේවකයන්ගෙන් අය කරගත් අර්ථසාධක අරමුදලේ මුදල් මෙතෙක් බැංකුගත කර නොමැති බවත්, බැංකුගත නොකළ සමස්ත මුදල රුපියල් කෝටි 500 ඉක්මවා තිබෙන බවත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි. 
2010 වසරේ ජුනි මාසයේ සිට 2014 වසරේ ජුනි මාසය දක්වා සේවකයන් 34,272 දෙනෙකුගෙන් අයකරගත් මෙම මුදල් බැංකුගත නොකිරීම නිසා සේවකයන් විශ්‍රාමයාමේදී ලැබීමට නියමිත අර්ථසාධක මුදලවත් නොලැබී යාමේ අවාදානමක් පවතින නිසා මෙම ගැටලුව විසඳාගැනීමට වහාම මැදිහත් වන ලෙසට ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටි බවද  එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය. 

- See more at: http://ada.lk/

එක්සත් ජාතික පක්ෂය තුළ කාන්තා නියෝජනය අඩු බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය පවසයි. එසේම ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා හෝ පක්ෂයේ කිසියම් නායකයෙකු ඉදිරිපත්ව මහින්ද රාජපක්ෂ මහතාට තරගයක් දිය යුතුය යන ස්ථාවරයේද ඇය පසුවෙයි. මේ ඒ ගැන ලියැවුණු සාකච්ඡා සටහනකි.

  • පසුගියදා අලුත්ගම දර්ගා නගරයේදී ඇති වූ සිද්ධියෙන් අපේ කතාබහ පටන් ගනිමු?
දැනට වසර දෙක තුනක් රටේ වෙන දේවල් බැලුවාම රජය ගතයුතු ක්‍රියාමාර්ග ගත්තාද කියා ප්‍රශ්නයක් තියෙනවා. සංහිඳියාව අවශ්‍ය මොහොතේදී ආගම්වාදය, ජාතිවාදය ඇති කරමින් යන ගමනේ උග්‍ර අවස්ථාවක් තමයි අලුත්ගමදී අපි දැක්කේ. සිදුවීම් වෙද්දි එයට වේදිකාවක් සකසා දීම තුළින් මේ රටේ සුළු ජාතීන්ට හිරිහැර කිරීම කනගාටුදායකයි. මේ සිද්ධියට සම්පූර්ණයෙන් වගකියන්න ඕන වත්මන් රජයයි. මෙතන තනිකරම අන්තවාදය ගමන් කරන්නේ. ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරු, මේ රටේ ප්‍රභූවරු විද්වතුන් පවා ඒක කියනවා. මම නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දරුවෝ කොච්චර බයෙන්ද ජීවත් වෙන්නෙ. හෙට ඒ අයට මොන වගේ ඉරණමක් ඇතිවේවිද කියන බයෙන් තමයි ඔවුන් ඉන්නෙ.
  • තාමත් ඒ තත්ත්වය තියෙනවාද?
තාමත් එහෙම තමයි. බොහෝ අය අපට කතා කරන්නේ ලොකු සැකයකින්. හෙට අනිද්දා මෙතනටත් ඒවිද, පැතිරේවිද කියල බයෙන් ඉන්නේ. මොකද පානදුර, දර්ගා නගරවල ප්‍රධාන වෙළෙඳ සැල් ගිනි තැබීම මෙයට හේතුවයි. මේ සිද්ධියත් එක්ක බුද්ධි අංශ ගැන කතා වෙනවා. මංගල සමරවීර මන්ත්‍රීවරයා ඒ ගැන ප්‍රශ්න කරල තිබුණා.
  • ඔහු කියන කාරණා පක්ෂය දරන මතයමද?
මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ කතාවේ ඇත්ත නැත්ත මම දන්නෑ. එතුමාගේ ප්‍රකාශය ගැන මම හරිහැටි දැනුවත්වීමක් නොමැති නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න කැමති නෑ. ඉදිරියේ එන මැතිවරණවලට අලුත්ගම සිදුවීම කොයි ආකාරයෙන් බලපාවිද? සමහරු මේවට උල්පන්දම් දෙන්නේ බහුතර ජනතාවගේ ඡන්ද පදනම බලාපොරොත්තුවෙන්. ඒක මගේ පෞද්ගලික අදහසක්. එහෙම හිතාගෙන යන ගමන ඒ අයට අවාසියක් වෙනවා මිසක් වාසිදායක තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ. මම දේශපාලනයයි, ආගමයි ගෑවෙනවට කැමති නැහැ.
  • මෙතනදි මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ ආගමනය කොයි විදියටද දකින්නේ?
මාඳුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් ඉදිරියට ඇවිත් රටේ විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කතා නොකරන ඍජු ප්‍රශ්න කතා කරලා තිබුණා. ඒ ගැන මම සතුටට පත්වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්න සෝභිත හිමියන් සූදානම් බව කියා තිබුණා.
  • මෙහිදී එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ කොයි ආකාරයටද?
ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරණයකට ඉල්ලන්න පුළුවන්. හෙට මට උනත්, ඔබට උනත් ඉල්ලන්න ඕන නම් ඒ සඳහා අවකාශය තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් විදිහට පාක්ෂිකයෙක් විදියට අපි අපේ පක්ෂයෙන් නාමයෝජනා දිය යුතු බව මගේ අදහසයි. ඒ සඳහා සුදුසු පසුබිමකයි අපි ඉන්නේ. මගේ අදහසත්, එකම විශ්වාසයත් වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝග කරන්න පුළුවන් නායකයෝ රාශියක් අපේ පක්ෂයේ ඉන්නවා. ගියවර සම්මේලනයට කලින් සම්මේලනයේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා කිව්වා නායකතුමා ඉල්ලන්නෙ නැත්නම් එතුමා ඉල්ලන බව. ඒ නිසා අපේ පක්ෂයේ ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන් නායකයෝ ඉන්නවා. එහෙම ඉද්දි අපි වෙන තැන්වලට යා යුතු නැහැ.
  • එහෙම වුණොත් සෝභිත හිමියන්ගේ වෑයමට මොකද වෙන්නෙ?
සෝභිත හාමුදුරුවන්ටත් පොදු අපේක්ෂකයෙක් වශයෙන් ඉල්ලන්න අවකාශය තියෙනවා. උන්වහන්සේ මේ රටේ ප්‍රබල ප්‍රශ්නවලදී ආගම් බේදයකින් තොරව ඒවාට මැදිහත්වෙලා හඬක් නගපු ස්වාමීන් වහන්සේ කෙනෙක්.
  • ඒ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අභියෝගයක් දෙන්නෙ කොහොමද? ඡන්ද පදනම බෙදිල යනවනේ?
මහින්ද රාජපක්ෂට අභියෝග කරන්න එක්සත් ජාතික පක්ෂයේ ඕනතරම් අය ඉන්නවා. සෝභිත හාමුදුරුවෝ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නෙමෙයි. මම කතා කරන්නේ පක්ෂය වෙනුවෙන්. මට පිටස්තරින් කවුද ඉල්ලන්නේ,ජනාතා විමුක්ති පෙරමුණේ අනුරු කුමාර දිසානායක ඉල්ලනවද?, දෙමළ සන්ධානයෙන් විග්නේෂ්වරන් මහඇමතිවරයා ඉල්ලනවාද කියල මට අදාළ නැහැ. නමුත් පක්ෂය තීරණයක් ගත්තොතින් පක්ෂය ඉදිරිපත් නොවී පොදු අපේක්ෂකයෙක් වෙත යාමට සුදුසුයි කියලා, බහුතර පාක්ෂිකයන්ගේ මතයට හිස නමනවා. නමුත් පෞද්ගලිකව මම විශ්වාස කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝග කරන්න ඕනතරම් නායකයෝ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. ඒ නිසා මේ දැවැන්ත පක්ෂයේ කෙනෙක් අනිවාර්යෙන්ම ඉදිරිපත් විය යුතුයි.
  • ඔබතුමියත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් කියලා ඇමරිකාවේදී කියල තිබුණ නේද?
ඒ මුළු සම්මුඛ සාකච්ඡාවම ජනතාවට දුන්නොත් පැහැදිලිවම තේරෙයි කොතැනටද ඔය ප්‍රශ්නය ආවේ කියල. ප්‍රශ්න ගණනාවක් අහල අහලා අන්තිමට මගෙන් ඇහුවා ඔබතුමිය කවදාහරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද කියලා. මම ටිකක් කල්පනා කරලා ඒකට උත්තර දුන්නා. මම නැහැයි කිව්වොත් මුළු කාන්තා සංහතියම පසුබෑමකට ලක් කළා වෙනවා. කාන්තාවන්ට සමතැන, නිසිතැන ලබාදිය යුතුයි කියා කටයුතු කරන කෙනෙක් විදිහට එහෙම කළොත් සමස්ත කාන්තා පරපුරම පහතට හෙලුවා වෙනවා. මම කිව්වෙ ඇයි බැරි? ඇයි මම සුදුසු නැත්තේ? කාන්තාවකට ජනාධිපතිවරණයට යාමට හැකි පසුබිමක් ගැන කතා කළා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවකට ඒ තත්ත්වයට යාමට නොහැකි තත්ත්වයක් තිබෙන බවත් මම කිව්වා. එහෙම නැතිව ජනාධිපති මැතිවරණයට දැන් ඉදිරිපත් වෙන්න කිසිම අදහසක් නෑ.
  •  කියන්නේ පක්ෂය තුළ කාන්තාවකට ඉදිරියට යන්න අවස්ථාවක් නැද්ද?
අපි ප්‍රතිසංවිධාන කටයුතු කරද්දී කාන්තාවන් වෙනුවෙන් පක්ෂයට යෝජනා ගණනාවක් ගෙනාවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවම වශයෙන් කාන්තාවන් 30% ක් සිටිය යුතු බව මම කීවා. ඒ වගේම සෑම තීන්දු තීරණ ගන්නා මණ්ඩල වල (දේශපාලන මණ්ඩලය, නාමයෝජනා මණ්ඩලය වගේ) කාන්තා නියෝජනය 30%ක් තිබිය යුතුමයි කීවා. ඔය යෝජනාව ගෙනාවාම ප්‍රතිසංවිධාන කමිටුවේ හිටපු විජේදාස රාජපක්ෂ මහතා එදා ඕක අදාළ නැහැ කිව්වා. එතකොට මම සටන් කළා. මගේ ඒ සටන් කිරීම තුළ කෘත්‍යාධිකාරී මණ්ඩලයට 20%ක කාන්තා නියෝජනයක් දාන්න රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළා. මේ වනවිට 30% ක් නෑ. නමුත් 18% ක් විතර ඉන්නවා. අද නායකත්ව මණ්ඩලය අරගෙන බලන්නකෝ කාන්තාවක් නෑ. ඉතිං රටේ බහුතර ජනතාව කාන්තාවෝ වෙද්දි, මේ රටේ ඡන්ද දායකයන්ගේ බහුතරය කාන්තාවෝ වෙද්දි, කොළඹ දිස්ත්‍රික්කයේම 57% ක් කාන්තා ඡන්දදායකයෝ ඉද්දි ඇයි කාන්තා නියෝජනයක් නැත්තෙ? අන්න ඒක මම ප්‍රශ්න කරනවා. පක්ෂය ඇතුළේ ඉඳගෙන මම ඒකට සටන් කරනවා.
  • පක්ෂයේ නායක මට්ටමේ තනතුරුවලට කාන්තාවෝ ඉදිරිපත් කළයුතු බවද ඔය කියන්නේ?
පක්ෂයේ නායක තනතුරුවලට කාන්තාවක් නිකන් නාමිකව දාලා වැඩකුත් නෑ. මම විශ්වාස කරන්නේ 50%ක් වත් කාන්තාවෝ ඉන්න ඕන. නායකත්ව මණ්ඩලයේ කාන්තාවෝ ඉන්න ඕන, නාමයෝජනා මණ්ඩලයේ ඉන්න ඕන, යොවුන් සංවිධානයේ 50% ක් කාන්තාවෝ සිටිය යුතුයි. අපේ රටේ බහුතරය කාන්තාවෝ නම් ඒ ප්‍රමාණය නියෝජනය කරන පිරිස සිටීම තමයි සෑබෑ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. කාන්තාවෝ නියෝජනය වෙන්නෙ නැත්නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද කියා ප්‍රශ්නයක් ඇතිවෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහලොකුවට කතා කරන පක්ෂයක් හැටියට, සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් බහුතර කාන්තාවෝ නියෝජනය නොවන එක ගැන මම කණාගාටු වෙනවා.
  • විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත මුදල් වලට කොන්දේසි දමා තිබීම ගැන ඔබ අදහස් දක්වන ආකාරයක් අපි දුටුවා?
කාන්තාවන්ට සුළු ව්‍යාපාර පටන් ගන්න, සුළු ණයක් ලබාදෙන්න, මහන මැෂිමක් අරන් දෙන්න අපි කැමති වුණාම ඒවාට කොන්දේසි දාල තියෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් මේක සිද්ධ වෙන්නේ. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 300 ක් දෙද්දි, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙන්නෙ ලක්ෂ 50යි. මෙතනදී විපක්ෂයේ අපිට කොන්දේසියක් දැම්මට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඒක අදාළ නැහැ. අපිට තහඩුවක් වත් දෙන්න බැහැ. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඕන හැටියට පාරවල් හදනවා. මේ අය මැති ඇමතිවරුන් නොවේ. අපිට දෙන ලක්ෂ 50න් මෙලෝ දෙයක් කරන්න බෑ. අපි ජනතාව තෝරාපත් කරපු නියෝජිතයන්. ඒ නිසා ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්ට දෙන වරප්‍රසාදය අපිටත් ලැබිය යුතුයි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඒ මන්ත්‍රීවරුන්ට ලබාදෙන අමතර ප්‍රතිපාදන නිසා ඒ අය ඒ තුළින් දේශපාලනය කරනවා. ඒකට මම විරුද්ධයි
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු 


- See more at: http://ada.lk/


අන්තවාදී වෙබ් අඩවිවලට ගෝඨාගෙන් අනතුරු ඇඟවීමක් 























රේමලාල් විජේරත්න
ජාති හා ආගම් භේද ඇති කරන අන්දමේ විවිධ ප්‍රකාශ පළ කරන සමාජ වෙබ් අඩවිවලට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කොට තිබේ.
පසුගියදා අලුත්ගම බේරුවල ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිවලදී ඇතැම් වෙබ් අඩවි මහජනයා කුපිත කරවන අන්දමේ ප්‍රකාශ ගෙන ගිය අන්දම පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ ආරක්ෂක ලේකම්වරයාට කරුණු ඉදිරිපත් කොට තිබේ.
එවැනි අන්දමේ ප්‍රකාශ සිදු කෙරෙන ඇතැම් වෙබ් අඩවි පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී එම වෙබ් අඩවි හඳුනා ගැනීමට හැකි වන පරිදි තාක්ෂණ ක්‍රමවේද කඩිනමින් සකස් කරන ලෙසද ඊට අදාළ තාක්ෂණ ආයතනවලට උපදෙස් දී ඇති බවද ආරක්ෂක ලේකම්වරයා 'මව්බිම'ට පැවැසීය.
ජාතීන් අතර පවතින ආගමික සංහිඳියාව බිඳ දැමීම සඳහා කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කෙළේය.
ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබ¼ඳව ආරක්ෂක ලේකම්වරයා අදාළ ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

http://www.mawbima.lk/
බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇමෙරිකා වීසා අත්හිටුවීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලයට මේ බව දැනුම් දී ඇති අතර තානාපති කාර්යාලයේ නීතිඥ නිලධාරියා විසින්තමන්වහන්සේට ඇමෙරිකාවට ඇතුළු විය නොහැකි බව පවසා තම වීසා අත්හිටුවූ බව දන්වා සිටි බව මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.

වීසා අත්හිටුවීමට නිශ්චිත හේතුවක් නොදන්වා ඇතත් මුස්ලිම් අන්තවාදීන්, ජිහාඩ් කණ්ඩායම් හා විවිධ අන්තවාදීන් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවට විවිධ වාර්තා යවා ඇති අතර තමන්වහන්සේ ත්‍රස්තවාදියකු ලෙස සලකා මේ පියවර ගන්නට ඇතැයි උන්වහන්සේ පැවැසූහ.

http://www.mawbima.lk/

Sunday, June 29, 2014



රජරට විශ්ව විද්‍යාල ආචාර්යවරු වෘතිය සමිති ක්‍රියාමාර්ගයකට



රජරට විශ්ව විද්‍යාල ආචාර්යවරු හෙට සිට වෘතිය සමිති ක්‍රියාමාර්ගයකට යාමට නියමිත බව රජරට විශ්ව විද්‍යාල උපකුලපති රංජිත් විජයවර්ධන මහතා මව්බිමට පැවසීය.


රජරට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් මිහින්තලේ විශ්ව විද්‍යාලය භූමියට නොපැමිණෙන බව දන්වා ලිපියක් උපකුලපති රංජිත් විජයවර්ධන මහතා වෙත ලබා දී ඇති බව එතුමා සඳහන් කළේය.

පසුගියදා උපකුලපති ඇතුළු ආචාර්යවරු පිරිසක් විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල තුල බලෙන් රඳවාගෙන සිටීමේ සිද්ධියට විරෝධතාවය ප්‍රකාශ කිරීමක් ලෙස රජරට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

උපකුලපති රංජිත් විජයවර්ධන මහතා ප්‍රකාශකලේ ආචාර්යවරුන් විශ්ව විද්‍යාල භූමිය අනාරක්ෂිත ප්‍රදේශයක් ලෙස සලකන බවත් එය ආචාර්යවරුන්ට ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කිරීමට පියවර ගන්නා තෙක් රජරට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙම ක්‍රියාමාර්ගයේ නිරතවන බවත්ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ රංජිත් විජයවර්ධන මහතා සඳහන්කළේ පසුගියදා සිදුවූ සිද්ධිය රජරට විශ්ව විද්‍යාලයට පමණක් නොව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රජාවට එල්ල වූ තර්ජනයක් බවයි.

http://www.mawbima.lk/34-62048-news-detail.html
නිකවැරටිය - රසික කුමාර

රාවුෆ් හකීම් මහතාට අධිකරණ අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයේ දෝෂාරෝපණයට ලක්ව ඇති බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසුවේය.


නිකවැරටිය, කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ මහින්දෝදය තාක්‍ෂණ විද්‍යා පීඨයට මුල් ගල් තැබීමේ උත්සවය අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.


අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විදේශ රටවලට කේලම් කියනවා. ඒ නිසා ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයෙන් බැනුම් අහනවා. ඔහුට අධිකරණ අමාත්‍යංශය ලබාදීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකලාපය නිසා ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය, රාවුෆ් හකීම් මහතාගෙන් බැනුම් අහනවා. දෙපැත්තෙන්ම ‍ෙදාස් අහන්නේ ජනාධිපතිතුමා. හැබැයි රට දෙස බලා ජනාධිපතිතුමා තීන්දු තීරණ ගන්නවා. රට අස්ථාවර කරගන්න දෙන්නේ නැහැ. හැබැයි විපක්‍ෂය ජනාධිපතිවරයා මරලා හරි බලය ගන්න හදනවා. ජනාධිපතිවරයාගේ දක්‍ෂකම සහ නායකත්වය නිසා අද විපක්‍ෂය බය වෙලා ඉන්නේ. දියුණුවන රට ආපස්සට හරවන්න හදනවා. විනාශ කරන්න හදනවා. මේ රටත් අරාබිය වගේ ගැටුම් ඇති වූ කලාපයක් කරන්න හදනවා. ලබාගත් සාමය විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා.


රට සංවර්ධනය කරනකොටත් විපක්‍ෂය බනිනවා. මේ ළඟදී අමාත්‍යවරයෙක් රිය අනතුරකට පත් වූ පුද්ගලයෙක් බැලීමට රෝහලට ගොස් තිබෙනවා. එහිදී එම පුද්ගලයා කියා තිබෙන්නේ පාර කාපට් කරපු නිසා තමාට මෙම අනතුර සිදු වූ බවයි. ඒ සමාජයේ හැටි. අපි හැබැයි දේශපාලනය අවංකව කරනවා. දරුවන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීමට ජනාධිපතිවරයා විවිධ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ප්‍රශ්න දෙස සංවේදීව බලන නායකයෙක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජාති, ආගම්වාදී ප්‍රශ්න ඇති කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. හැබැයි සියලු දෙනා එකමුතුව වැඩ කරමු. විතිකුලිය මහා විද්‍යාලයේ ප්‍රශ්නයක් ඇති වුණා. විදුහල්පති දරුවකුට පහරදීලා. මට පැමිණිල්ලක් ලැබුණා. මම තමයි පොලිසියට කිව්වේ නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න කියලා. නැතිනම් ජොන්ස්ටන් ප්‍රනාන්දුට ජනතාව බනිනවා. නීතිය අකුරට ක්‍රියාත්මක කරනකොටත් සමහරු බනිනවා. හැබැයි අතීතයේ නම් කෝටු පාර කාලා තමයි ළමයි ඉගෙන ගත්තේ. දැන් ළමයකුට ගැහුවොත් යන්නේ පොලීසි. මේ වෙනස වටහා ගත යුතුයි.
මෙම අවස්ථාවට කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ධම්මික හෙට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රිවරු රැසක් එක්ව සිටියහ.

http://www.mawbima.lk/34-62098-news-detail.html

ලක්ෂ්මී ජයකොඩි
බස් ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව මේ වර්ෂයට අදාළව බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය, අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.


බස් ගාස්තු වැඩිවීමට බලපාන පිරිවැය වැඩි වී තිබීමේ හේතුවෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පෙන්වා දෙමින් එම සංගම් මෙම ඉල්ලීම කරයි. බස් ගාස්තු වැඩිවීමට අදාළ ඉන්ධන පිරිවැයට අමතරව අනෙකුත් සියලු පිරිවැය ඉහළ ගොස් ඇති බව කී සමස්ත ලංකා පෞද්ලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කීවේ බස් ගාස්තු වැඩිවීම වෙනුවට සහනාධාර ඉල්ලා හිටියත් එම ඉල්ලීම් කිසිවක් ඉටු කිරීමට රජය අපොහොසත්ව ඇති බැවින් මෙලෙස බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින බවයි.


මේ සම්බන්ධයෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතාගෙන් අප විමසන විට ඔහු කීවේ බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වන අතර බස් ගාස්තු ප්‍රතිපත්තියේ පවතින විසමතා ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවය.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීවේ ජූලි 01 වැනිදාට බස් ගාස්තු වැඩි නොකරන අතර බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තම සංගමය ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබෙන බැවින් එම නඩුවේ තීරණය භාර ගැනීමට තම සංගමය සූදානමින් සිටින බවයි.

http://www.mawbima.lk/86-62109-news-detail.html
ප්‍රේමලාල් විජේරත්න

බාලවයස්කාර දරුවන් අන්තර්ජාලය මඟින් ලිංගික කටයුතුවලට පොලඹවා ගන්නා සහ යොදාගන්නා පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සයිබර් වොච් (අන්තර්ජාල ආවේෂණ) නමින් ඒකකයක් ක්‍රියාත්මක කොට තිබේ.


පොලිස් මාධ්‍ය ඒකකය පැවැසුවේ මේ ඒකකයේ නිලධාරියකු අවුරුදු 15ක දරුවකු ලෙස පෙනීසිටිමින් සමාජ වෙබ් අඩවියක් වන පේස්බුක් මඟින් ආවේෂණ කටයුතු සිදුකර අනාවරණය කරගන්නා තොරතුරු අනුව බාලවයස්කාර දරුවන් ලිංගික කටයුතුවලට පොලඹවා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු පිළිබඳ තොරතුරු හෙළිකරගෙන ඇති බවයි.
ඒ පිළිබඳ ඉකුත් 27 දින ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයට දැනුම් දීමෙන් පසු ඉකුත් 27 දින අදාළ සැකකරු ජාතික ළමාරක්‍ෂක අධිකාරිය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවැසීය.


සැකකරු 24 හැවිරිදි හබරාදූව කොග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළි වී තිබේ.
සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



http://www.mawbima.lk/34-62070-news-detail.html
 අපේ හාමුදුරුවනේ කොයි වැඩෙත් මුලින්ම පටන් ගන්න එක කෝකටත් හොඳයිනෙ... බොදු බල සේනා සංවිධානය ආරම්භ කිරීමේ යෝජනාව කාගෙද?අවුරුදු දෙකහමාරකට විතර කලින් මම ලොකු කලකිරීමකින් හිටියෙ මොකක්ද මේ බුදු දහමට වෙන්න යන්නෙ කියලා. එක පාරට බුදුවරු පහළ වෙනවා. බෝධිසත්ත්වවරු පහළ වෙනවා. ධර්මය විකෘති කරලා සමහරු පොත් ලියනවා. ඒත් මේවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. එහෙම කලකිරීමකින් ඉන්න වෙලාවෙ තමයි ඥානසාර හාමුදුරුවො ප්‍රධාන හාමුදුරුවරු කණ්ඩායමකුයි, ගිහි පිරිසකුයි ඇවිත් මට කිව්වා අපේ හාමුදුරුවනේ ශාසනයටත් ජාතියටත් මහා විනාශයක් වේගෙන එනවා, ඒක නිසා අපි මෙහෙම බොදු බල සේනා කියලා සංවිධානයක් පිහිටුවන්න යනවා. මේකට නායකත්වය දෙන්න කියලා.

 ඔය ආපු පිරිසෙන් කවුද නායකත්වය භාරගන්න කිව්වේ?
ඥානසාර හාමුදුරුවො.


 කිව්ව ගමන් භාර ගත්තා?
මෙහෙමයි. මම පැහැදිලි කළා මේ වෙනකොට බෞද්ධයන්ගෙ සසුන් කෙත එහෙම පිටින්ම බජිරි ගොජිරි හැදිලා වල් බිහිවෙලා. අපිට ශුද්ධ කරන්න පුළුවන් නම් මම එන්නම් කියලා.


 හරි. ඔබ වහන්සේ හලාල් ප්‍රශ්න හරහා යම් කාලයක් කටයුතු කළා. දැන් වර්තමානයට එමු. මාස හය හතක ඉඳලා ඔබ වහන්සේ මේ සංවිධානයෙ වැඩවල පේන්න නෑ?
ඔව්. මම ඒගොල්ලන්ට කිව්වා, මට හරි අමාරුයි ඔය ගමන යන්න. මට කෑගහන්නත් බෑ. ඔය රණ්ඩු වෙන ඒවා මට පුරුදුත් නෑ. ඒක නිසා මම මගේ පොත්පත්වල වැඩ, ටීකා පරිවර්තන වැඩ කරගෙන ඉන්නම්. අස්වෙනවා නෙමෙයි ඔය ඇත්තො ඉදිරි වැඩ කරගෙන යන්න කියලා.


 මහනුවර රැස්වීමකදී ඥානසාර හාමුදුරුවන්ගෙ කතා විලාසයට ‍ෙදාස් කීමේ සිද්ධියත් ඔය විදියට පැත්තකට වෙන්න බලපෑවා?
ඒ සමහර දේවල්වලට මම එකඟ වුණේ නෑ. කොහොම වුණත් සමහර දේශපාලන නායකයන්ට කෙළින්ම ඇඟිල්ල දික්කරලා බනින එකට මම කැමැති වුණේ නෑ. මට එහෙම පුරුද්දක් නෑ. ඒකත් එක හේතුවක් වුණා තමයි මම පැත්තකට වෙන්න.


 මුල ඉඳලම ඥානසාර හාමුදුරුවො එහෙමද?
එහෙමයි. එහෙමයි. එයාගෙ චරිතෙ හැටි එහෙමයි. එයා ආවේගශීලීව තමයි කතා කරන්නෙ.
 ඇයි ඒ මොකක් හරි කේන්තියකින්ද උන්වහන්සේ නිතරම හිටියේ?
එහෙම කතා කළේ නැත්නම් මේ මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ තේරෙන්නෙ නෑ කියන තැනයි ඥානසාර හාමුදුරුවො හිටියෙ. ඒකෙ ඇත්තකුත් තිබුණා.
 ඒ කියන්නෙ මුලදී ඔබ වහන්සේ මේ ආවේගයට කැමැති වුණා?
මට ගැළපෙන වැඩ කරද්දී මම එකඟ වුණා. අපි ගිහිල්ලා ඔය හොර බුදුවරුන්ට එහෙම කෑගහලා බැන්නනෙ.


 වටෙන් ගහනවට වඩා ඔය දේශපාලනඥයන්ට කෙළින් ඇඟිල්ල දික්කරන එක හොඳයිනෙ අපේ හාමුදුරුවනේ?
මම කියන්නෙ ඒක නෙවෙයි වෙන්ඩ ඕනෙ. ඒ අය හදන්න කලින් අපේ මිනිස්සු හැදෙන්න ඕනෙ. අපේ බෞද්ධයො හාමුදුරුවරු දැනුම්වත් කරන්න ඕනෙ.
 ඥානසාර හාමුදුරුවන්ගෙ කතා පැත්තකින් තියලා කතා කළොත් හාමුදුරුවනේ රට පාලනය කරන අයත් හැදෙන්න ඕනනෙ?
ඇත්තටම ඔව්. මට එහෙම පුරුද්දක් නෑ. මම භාවනා මධ්‍යස්ථානයෙ වැඩ පොත්වල වැඩ කරගෙන යනවා. පිටරට ඉඳන් අවුරුදු විසි ගාණක් කළෙත් ඒක. ඒ නිසා අපි පෑහෙන්නැති ගතියක් තිබුණා.


 හාමුදුරුවො දේශපාලනය කරනවට ඔබ වහන්සේ එකඟද, විරුද්ධද?
මම විරුද්ධයි. කොටින්ම 2005 තමයි මම මගෙ පළමු වැනි ඡන්දෙ දුන්නෙ.
 ඇත්තටම හාමුදුරුවනේ බොදු බල සේනා සංවිධානයෙ නායකත්වයට පත්වුණාට පස්සෙ දායක මහත්වරු, හිතවතුන් මොකද කිව්වේ?
සමහරු මේ ස්ථානයට ඒම පවා නතර කළා. හුඟ දෙනෙක් පුදුම වෙලා මට කතා කරලා කිව්වා හාමුදුරුවො වගේ කෙනෙක් මේ වගේ සංවිධානයක් මෙහෙයවනවා කියන එක විශ්වාස කරන්නත් බෑ කියලා.


 මොකක්ද මේ බොදු බල සේනාවට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් එක්ක තියෙන ගනුදෙනුව?
දැන් මාස දහයකට ‍ෙදාළහකට විතර කලින් ජර්මනියෙ මහත්තයෙක් හාමුදුරුවරු කීප නමක් එක්ක ඇවිත් මට කිව්වා ඒ මහත්තයා ගාල්ලෙ පිලාන කියන හරියෙ හදපු ගොඩනැඟිලි ටිකක් තියෙනවා, මේ ගොඩනැඟිලි ටික බෞද්ධ වැඩකට පාවිච්චි කරන්න කියලා. එතැන ඔප්පු සම්බන්ධ ප්‍රශ්න තිබුණා.
 ඒ ඉඩම කාගෙද? නාගරික සංවර්ධන අධිකාරියට අයිතියි කියලත් කතාවක් තිබුණා?
නෑ. ඒ ඉඩම අර ජර්මන් මහත්තයා සල්ලිවලට අරගෙන තිබුණෙ.


 ඒ ඉඩමෙ හැදුවෙ බොදු බල සේනා ඔෆිස් එකක්නෙ?
නෑ. නෑ. මේකට බොදු බල සේනා සංවිධානයෙ කිසිම සම්බන්ධයක් නෑ. ඒ මහත්තයගෙ ඉල්ලීම පරිදි භාවනා මධ්‍යස්ථානයක් හදන්න මම මැදිහත් වුණා විතරයි.
 හරි. ආපහු ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයගෙ කතාවට යමු?
මේ වැඩ ඉවර කරලා මේක විවෘත කරන්න ජනාධිපතිතුමාට ආරාධනා කළා. ඒත් එතුමාට වෙලාව නැති නිසා අපි ආරක්‍ෂක ලේකම්තුමාට ආරාධනා කළා. එතුමා භාර ගත්තා.


 ඕක බොදු බල සේනාවට සම්බන්ධ නැත්නම් ඥානසාර හාමුදුරුවොත් විවෘතව ඉස්සරහින්ම ආවෙ?
අපි එකට වැඩ කරන නිසා උන්වහන්සෙත් ආවා. ගෝඨාභය මහත්තයට ආරාධනා කරන්නත් උන්වහන්සේ ගියා.
 එතකොට බොදු බල සේනාවට ගෝඨාභය මහත්තයා එක්ක කිසිම සම්බන්ධයක් නැද්ද?
නෑ. ඔය කතාව අමූලික බොරුවක්. එතුමා සත පහක් අපිට දීලා නෑ. කොහොමද මේවා කෙරෙන්නෙ කියලා අහලා නෑ.
 එතකොට ආණ්ඩුව?
ඔය සේරම බොරු කතා.


 හෙළ උරුමය?
එහෙම සම්බන්ධයක් නෑ. මගේ කොහොමටත් නෑ එහෙම එකක්.
 ඒ කියන්නෙ සංවිධානෙට තියෙනව වගේ සම්බන්ධයක්?
නෑ. නෑ.


 එහෙනම් හෙළ උරුමය එක්ක තරගයක්ද තියෙන්නෙ බෞද්ධ සිත් දිනාගන්න?
මෙහෙමයි. සෝම හාමුදුරුවන්ගෙ අපවත්වීමත් එක්ක ඒගොල්ලො ආපු ගමන යම් කඩා වැටීමකට ලක් වුණා.
ඒ මන්ත්‍රිවරුන්ගෙ එකඟත්වයක් නැති නිසා. ඒත් එක්කම ඒකෙන් කලකිරීමට පත්වෙච්ච පිරිස් මෙතැන්ට එකතු වුණා.
 ඒ කියන්නෙ හෙළ උරුමය පසුබැස්සා?
ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහිල්ලා කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නෑ. මගෙ මේ ඉන්න ටිකත් නැති වෙයිද දන්නෙ නෑ.
 අපේ හාමුදුරුවනේ, ප්‍රශ්නෙට උත්තරය?
ඒක ඉතින් මම දන්නෙ නෑ.


 ආණ්ඩුවෙ විතරක් නෙවෙයි, විපක්‍ෂයෙත් ඉන්නවනෙ හොඳ පන්සිල් රකින බෞද්ධයො. ඇයි බොදු බල සේනාවෙ වැඩවලට ඒ ගොල්ලන්ට ආරාධනා කරන්න බැරි?
අපි ජනාධිපතිතුමා එක්ක රටේ ප්‍රශ්න ගැන කතා කළා. ගෝඨාභය මහත්තයා අර උත්සවේට එක්කගෙන ගියා. ඒ ඇරෙන්න අපේ වෙන කාත් එක්කවත් සම්බන්ධයක් තිබුණෙ නෑ.
 බොදු බල සේනාවට නෝර්වේවලින් සල්ලි ගොඩක් හම්බවුණාද අපේ හාමුදුරුවනේ?
මම සම්බන්ධ වෙන්න ඉස්සර වෙලා නෝර්වේ එක්ක මේ කණ්ඩායමේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. මට මේකට ආරාධනා කරන්න කලින්. ඒක ඥානසාර හාමුදුරුවො පැහැදිලිව කිව්වා.


 කොහොමද ඒ සම්බන්ධෙ හැදිලා තියෙන්නේ?
ඔය ඩිලන්ත විතානගේ කියන මහත්තයාගෙ මොකක් හරි එන්.ජී.ඕ. සම්බන්ධයක් මත මේ අය නෝර්වේ රටට ගිහිල්ලා තියෙනවා. මෙහෙ දෙමළ අනාථ කඳවුරුවලට යම් යම් උදව් කරන්න එහෙ ඉන්න දෙමළ - සිංහල අය එකමුතු කරන්නයි මේ ගොල්ලො ගිහිල්ලා තියෙන්නෙ. හැබැයි ඒක කෙරිලා නෑ.
 ඒත් කොහෙන් කොහෙන් හරි සල්ලි ආවා?
මම දැනුවත්ව නම් ඔය සංවිධානෙට සත පහක් කිසිම රටකින් ලැබුණෙ නෑ. සිංහල මිනිස්සු දහ පහළොස්දාහ දුන්නා. සල්ලි නෑ කිව්වහම මම සෑහෙන ගාණක් දීලා තියෙනවා.


 ඔය නොර්වේ ප්‍රශ්නය හකීම් ඇමැතිතුමා මතු කරනකම් ඔබ වහන්සේට කිව්වෙ නෑ?
නෑ. එහෙම කියන්න අවශ්‍යතාවක් තිබුණෙ නෑ.
 ඇයි?
එහෙම අහන්නවත් මම දැනගෙන හිටියෙ නෑනෙ. ඒගොල්ලො කිව්වෙත් නෑ.
 මීට අවුරුදු එකහමාරකට විතර කලිනුත් ඥානසාර හාමුදුරුවො නෝර්වේවලට ගියානෙ. ඩයස්පෝරාව එක්ක සාකච්ඡාවකට?
මම දැනුවත්ව නම් ගියෙ නෑ නෝර්වේවලට.


 ඥානසාර හාමුදුරුවො ඒ ගැන පත්තරවලටත් කියලා තිබුණනෙ?
මට නම් එහෙම ගමනක් ගැන මතකයක් නෑ.
 ඔබවහන්සේට හොරෙන් ගියාවත්ද?
මම ඉන්න කාලෙ ගියානම් මට කියලා යන්නෙ.
 එතකොට ඥානසාර හාමුදුරුවන්ගෙ ඇමෙරිකා ගමන?
ඒක එහෙ තියෙන බෞද්ධ සංවිධාන කිහිපයකින් ආරාධනා කරලා තමයි උන්වහන්සේලා ගියෙ.


 ඔය උත්තරවල හැටියට නම් පේන්නෙ මුල ඉඳලම ඔබ වහන්සේ සංවිධානෙ අභ්‍යන්තර වැඩවලින් පැත්තකට කරලා දාලා තිබුණා කියලා?
නෑ. මට තියෙන මේ පොත්වල වැඩ නිසා මම කොහෙවත් යන්නෙ නෑ. පොත් පරිවර්තනය කරනවා. ලියනවා. ඒවා අධීක්‍ෂණය කරනවා. ඒ වැඩවලට තමයි මම ප්‍රමුඛත්වය දුන්නෙ.
 බොදු බල සේනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක මොකක්ද තියෙන සම්බන්ධය?
එහෙම හම්බවෙලා කතා කරලා නම් නෑ මම හිතන්නෙ.


 එක්සත් ජාතීන් සල්ලි දෙනවවත්ද මේ වැඩවලට?
මම දැනුවත්ව නම් කිසිම කෙනෙක් එහෙම සල්ලි දීලා නෑ.
 ඔබ වහන්සේ නොදැනුවත්ව?
එහෙම කවුරු හරි අරන් තියෙනවද කියලා නම් මම දන්නෙ නෑ.
 හැබැයි එක්සත් ජාතීන්ගෙ වාහන බොදු බල සේනාවෙන් පාවිච්චි කරනවා?
නෑ. නෑ.


 ඔබ වහන්සේ ඔහොම කිව්වට සංවිධානයේ ඩිලන්ත විතානගේ මහත්තයා ගමන් බිමන් යන්නෙ එක්සත් ජාතීන්ගෙ ලාංඡනය ගහපු වාහනේක?
එහෙම නම් මට හොරෙන්.
 ඔහොම කියලා සංවිධානයක සභාපති ස්වාමීන් වහන්සේ නමකට වගකීමෙන් මිදෙන්න පුළුවන්ද?
මට කියලා තියෙන්නෙ නම් ඔය වාහනේ එයා වැඩකරපු අමාත්‍යංශයෙන් එයාට ලැබුණා කියලා.
 බොදු බල සේනා සංවිධානය මාධ්‍යවේදීන්ව විල්පත්තුවෙ වන සංහාරය බලන්න එක්කගෙන ගියෙත් එක්සත් ජාතීන්ගෙ බස් එකක?
මම නම් දන්නෙ නෑ. මම ගියෙත් නෑනෙ ඔය ගමන.


 මාධ්‍යවේදියො එහෙම එක්කගෙන යනවා කියලා ඔබ වහන්සේ දැනගෙන හිටියද?
නෑ. මම ඒ දවස්වල වැඩවලින් අයින් වෙමින්නෙ හිටියෙ. මට ඒවා ගැන කිව්වෙම නෑ.
 ඒත් අයින් වෙලා නෑනෙ?
නිල වශයෙන් අයින් වෙලා නෑ. නමට හිටියා.


 කවදද හරියටම අයින් වෙන්නෙ?
දැන් ප්‍රශ්නයක් පැන නැඟලා තියෙනවනෙ. ඒ ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙනුත් පරීක්‍ෂණයක් කරනවා. සමහර විට මාවත් හිර භාරයට ගනියිද දන්නෙ නෑ. මේවා ඉවර වෙනකම් ඉන්න එපැයි දැන්.
 තවම බොදු බල සේනාවෙ සභාපති ඔබ වහන්සේ?
නමට.


 එහෙනම් මේ ඔක්කොටම ඔබ වහන්සේ වගකියන්න ඕනෙ?
ඔව් ඉතින් ඒකනෙ මම තවම අස් වෙන්නෙ නැතිව ඉන්නෙ.
 අලුත්ගම - බේරුවල සිද්ධියටත් වග කියනවද?
පරීක්‍ෂණවල ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා.


 ඇත්තටම එතැනදි බොදු බල සේනාව වැරැදියිද?
පාඩුවෙ ඉන්නෙ නැතිව එතැනට මැදිහත් වෙච්ච නිසා ඒ වගකීම් ගන්න වෙනවා ඉතින්. මේකට කියන්නෙ ඉල්ලන් කනවා කියලා. හැබැයි මේක කුමන්ත්‍රණයක්. මේක සංවිධානය කරලා තියෙන්නෙ බොදු බල සේනාව නෙවෙයි.
 ඥානසාර හාමුදුරුවන්ගෙ ඉතිහාසයට අදාළව යම් චෝදනා කිහිපයක් එල්ල වෙලා තිබුණා. ඇතැම් මාධ්‍ය මඟින් ඒවා ප්‍රසිද්ධ කළා. ඔබ වහන්සේ මේවා දන්නෙ නැද්ද?
මම මහණ වුණේ වෙහෙරහේන පන්සලේ.

1972 ලංකාවෙන් ගියෙ. ආයෙ 1989 ලංකාවට ආවෙ මැලේසියාවෙ අවුරුදු 14ක් හිටියා. සිංගප්පූරුවෙ අවුරුදු දෙකක් හිටියා. ඇමෙරිකාවෙ අවුරුදු හතරක් හිටියා. ඒ ඇරෙන්න මේ හාමුදුරුවරු ගැන මම මොකුත් දන්නෙ නෑ. ලංකාවට ඇවිත් මේ පොත් වැඩේට බැස්සා එච්චරයි.

ශාලික විමලසේන
රෂිනි මෙන්ඩිස්

http://www.mawbima.lk/54-61956-news-detail.html

Tuesday, June 24, 2014

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෙබ් අඩවියද හැකරුන්ගේ (අනවසර ඇතුළු වීමකට) ග්‍රහණයට ගොදුරු වී තිබේ.
අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු මෙය සිදුවී ඇත. එසේම පසුගිය දින කිහිපයේදී මහා භාණ්ඩාගාරය ලන්ඩන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ නිල ආයතනවල වෙබ් අඩවි ගණනාවකට මෙවැනි සයිබර් ප්‍රහාර එල්ල වී තිබිණි.


මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ වෙබ් අඩවියක් විශේෂ වාර්තාවක් පළකර තිබූ අතර, එහි මෙලෙස හැකරුන්ගේ ග්‍රහණයට ගොදුරු වූ රාජ්‍ය ආයතන 25ක් සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කර තිබිණි. මෙලෙස සයිබර් ප්‍රහාරයන්ට ගොදුරු වීම නිසා පසුගිය කාලයේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ ගණනාවක කටයුතු අඩාල වූ බව ආණ්ඩුව මඟින්ම නිවේදනය කර තිබිණි.