Monday, July 28, 2014

අද පස්වරු 10.30 ට පමණ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා රිය අනතුරකට පත් වී රත්නපුර මුලික රෝහලට අතුළත් කර බව වාර්තා ‍වෙයි.
රත්නපුර, හොරණ මාර්ගයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයේ ගැටී ඇති බව සඳහන් වෙයි.
අදාළ අනතුරින් ඒ මහතා‍ගේ පාදයට සුළු තුවාල සිදු වී ඇති අතර මේ වන විට ඒ මහතාව කොළඹට ගෙන ඒමට කටයුතු සුදානම් කරමින් සිටින බව ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද දෙරණට කියා සිටියේය.
පාකීර් හුසෙන් නැමති මෙම ශ්‍රී ලාංකිකයා ඉන්දීය බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මොහු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මොහුව මෙහෙයවිම් සිදුකරන බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරින් ශ්‍රී ලංකාවට අදාළ සිද්ධිය පිළිබඳ දැනුම් දි තිබේ.මෙම නිලධාරියා පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙකු බවටත්, ඔහු ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ පුද්ගලයෙකු බවටත් මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මොහුගේ උපදෙස් මත පාකීර් හුසේන් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි අමෙරිකානු එක්සත් ජනපද කන්සියුලර් කාර්යාලය සහ ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ඊශ්‍රායලයේ කන්සියුලර් කාර්යාලයේ තොරතුරු රැස් කරගෙන ඇති අතර අදාළ කන්සියුලර් කාර්යාල වල ඡායාරූප ද ලබාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි.
මෙම පකිස්ථාන තානාපති කාර්යාලයීය සේවකයා සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් තොරතුරු හුවමාරු කරගැනීමට කටයුතු කරන බවත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2010දි අත්සන් තැබු අන්‍යේන්‍ය නීතිමය සහයෝගිතා ගිවිසුම අනුව එලෙස ක්‍රියා කරන බවත් ඉන්දීය පුවත් වැඩිදුරටත් කියා සිටියි.
ගෝල්ඩන් කී නඩුවෙන් තමන්ට ඉවත් වෙන්නයි කියා  ලැබුනු ලිපියක් හෙතුවෙන් ගොල්ඩන් කී නඩුවෙන් ඉවත් වන බව  අග විනිසුරු මොහාන් පීරීස් මහතා පවසයි
රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය මාසයකට ආසන්න කාලයක් වෘත්තීය කි‍්‍රයා මාර්ගයක නිරත වූයේ,  එම සරසවියේ පසු ගිය ජුනි 26 සහ 27 යන දෙදින තුළ පැන නැගුණු අර්බුදයේදී ආචාර්යවරුන්ට එල්ල වූ හිරිහැර සහ මරණ තර්ජන හේතුවෙනි.විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් පැවසුවේ අද සිට සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව ය.
මේ අතර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසුවේ, එම සිද්ධියේදී නීතිමය පියවර ගත් සිසුන් 31 දෙනාගේ සහ දැනට පන්ති තහනමට ලක්ව ඇති සිසුන් 7 දෙනාගේ දෙමව්පියන්ට අද දිනයේ සාකච්ඡාවක් සඳහා විශ්වවිද්‍යාලයට පැමිණෙන ලෙස  දැනුම් දී ඇති බව ය.
ජුනි 26 සහ 27 යන දෙදින තුළ පැන නැගුණු ශිෂ්‍ය අර්බුදය හේතුවෙන් පසුගිය 4 වැනිදා සිට දින නියමයක් නොමැතිව රජරට විශ්වවිද්‍යාලය වසා දැමු අතර  රජරට විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිනේෂ් කුමාර මහතා පැවසුවේ, පාලකයින්ගෙන් සමාව අයැදීමට තමන් සූදානම් නැති බව ය.
ඌව පළාත් සභාවේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධූර තුනක් ඉවත් කර මොනරාගල දිස්ත්‍රික්කයට එකතු කිරීමට එරෙහිව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමීමෙන් පසු ඔහු දැඩි කළකිරීමකින් සිටින බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ඉවත දැමීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ හිත හැදීමට ක්‍රියාකළ බවද එක්සත් ජාතික පක්ෂයෙන් කිසිවෙකුත් එසේ ක්‍රියා නොකළ බවද අනාවරණය වේ.
ඌව පළාතේ මහ ඇමතිධූර අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අවසාන මොහොත දක්වාම කල් ගෙන තිබේ. ලබන අගෝස්තු 05 වන දින ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව වාර්තා වේ. ඌව පළාත් සභාවට නාමයෝජනා භාර ගන්නා අවසාන දිනය අගෝස්තු 06 වනදාය.

Friday, July 25, 2014

වතුකරය නියෝජනය කරමින් සන්ධාන රජයේ ප‍්‍රබල ඇමතිවරයෙකු තීරණාත්මක අවස්ථාවක එජාපයට සහාය පල කිරීම සඳහා එජාප මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාට පොරොන්දුවක් දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අදාල ඇමතිවරයා ආසන්න දිනකදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කෙම්බි‍්‍රජ් පෙදෙසේ පිහිටි පෞද්ගලික නිවසේදී මුණ ගැසී වැඩි දුරටත් දාකච්චා පවත්වා ඇතැයිද දැනගන්නට ඇත.
http://lankacnews.com/
ලබන 2016 වසර වන තුරු රාජකාරියේ යෙදීමට අවස්ාව තිබියදී පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ලබන අපේ‍්‍රල් මාසයේදී සිය සේවයෙන් විශ‍්‍රාම ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ලබන අපේ‍්‍රල් මාසයෙන් පසු තමන් තවදුරටත් පොලිස් සේවයේ නොයෙදෙන බව ඉලංකකෝන් මහතා තම හිතවතුන්ට පවසා ඇති බවද දැනගන්නට තිබේ.
නව පොලස්පතිවරයා ලෙස ප‍්‍රභූ ආරක්ෂක කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පති වරයෙකු පත් වීමට නියමිතව ඇතැයිද ආරංචි මාර්ග කියයි.
http://lankacnews.com/
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කරුණු 10කින් සමන්විත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් යළිත් දේශපාලනයට අවතීර්ණ වීමේ සූදානමක සිටින බව වාර්තා වෙයි.
මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් පිරිසක් සමඟද රහසිගත සාකච්චා ආරම්භ කර ඇතැයිද දැනගන්නට ඇත.
එසේම මේ සම්බන්ධයෙන් සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, විදේශ තානාපති අංශද හමුවීමට ඇය බලාපරොත්තු වේ.
http://lankacnews.com
ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වන්නේ යයි ඒ මහතා වෙනුවෙන් සංවිධානය කර තිබූ මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී අදහස් පල විය.
කතරගම බස් නැවතුම ඇසල පැවති මෙම ප‍්‍රචාරක රැළියේදී එය ඇමතු කථිකයෙකු මෙසේ අදහස් පල කලේය.
‘අපේ මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහ ඇමතිතුමා තමයි ඩී. ඒ. රාජපක්ෂ දැකපු පළවෙනි මුණුබුරා. එතුමා වේගවත් දේශපාලන ගමනක යෙදෙමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෙතුමා ඉක්මනින්ම පත් වෙනවා. ඊට පස්සෙ ඊලඟ ජනාධිපති වෙන්නේ අපේ මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමති තුමා’
http://lankacnews.com/

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල සාමාජිකයන් හතරදෙනෙකු සිටින පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 59,001ක් බව ජ්‍යෙෂ්ඨ ඇමති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය, ග්‍රාමීය ප්‍රදේශවල පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 37,561ක් බවද, වතුකරයේ පවුලක මාසික වියදම රුපියල් 2,9779ක් බවද හෙතෙම කීවේය, නාගරික ගෘහ ඒකකයක ආහාර සදහා රුපියල් 18,513ක්ද ආහාර නොවන ද්‍රව්‍ය සදහා රුපියල් 40487ක්ද මාසිකව වියදම් වන අතර, ග්‍රාමීය ගෘහ ඒකකය ආහාර සදහා වියදම රුපියල් 14,704කි, ආහාර නොවන ද්‍රව්‍ය සදහා වියදම රුපියල් 22,857ක් වේ, වතු ක්ෂේත්‍රෙය් ගෘහ ඒකකයට ආහාර සදහා රුපියල් 14,779ක්ද ආහාර නොවන ද්‍රව්‍ය සදහා රුපියල් 15,000ක්ද මාසික වියදම බව ඇමැතිවරයා කීවේය, එක් පවුලකට ජීවත්වීම සදහා දිස්ත්‍රික්ක අනුව වැඩිම වියදම කොළඹ දිස්ත්‍රික්කය හිමි කරගෙන ඇ,ත එහි මුළු වියදම රුපියල් 63030ක් වේ, ආහාර ද්‍රව්‍ය සදහා රුපියල් 19246ක්ද, ආහාර නොවන ද්‍රව්‍ය සදහා රුපියල් 43,784ක්ද වියදම වන බවත් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය

http://www.sanuhare.com/
විමල් වීරවංශ, චම්පික රණවක යන ඇමතිවරුන් දෙදෙනා ඉදිරි ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ඉලක්ක කරමින් පැවැත්වෙන රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ආයතනවල දේශපාලන වැඩසටහන් සඳහා නම් කර ඇති කථික ලයිස්තුවෙන් ඉවත් කර තිබේ.
ඇමති ඩලස් අලහප්පෙරුම හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත් කර ඇති කමිටුවකින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව දේශපාලන සාකච්චා සඳහා නම් කර ඇති කථිකයන් වන්නේ ශාන්ත බණ්ඩාර, රෝහිත අබේගුණවර්ධන, අනුර ප‍්‍රියදර්ශණ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, පවිත‍්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, අරුන්දික ප‍්‍රනාන්දු, රංජිත් සොයිසා ඇතුළු ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් 21 දෙනෙකි.
විමල් වීරවංශ, චම්පික රණවක, මෛත‍්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාලද සිල්වා මෙම කථික ලයිස්තුවට ඇතුළු කර නැත.


ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කිරීම සඳහා නවනීදන් පිල්ලේ මහත්මිය විසින් පත් කෙරුණු කමිටුවට ඉන්දියාවට පැමිණීම සඳහා වීසා ලබා දෙන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනී ජය ලලිතා ජයරාම් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා අද අනාවරණ කළේ අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමු කරමින් ජයලලිතා ජයරාම් මෙම ඉල්ලිම ඉදිරිපත් කර ඇති බවයි.
 නවනීදන් පිල්ලේ මහත්මිය විසින් පත් කෙරුණු අදාළ කමිටුවට වීසා ලබාදීම ඉන්දියාව විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා. එම වාර්තා සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් වන බවයි ජයලලිතා ජයරාම් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ. ඉන්දීය රජය එවැනි තීරණයක් ගෙන ඇත්නම් එය දෙමළ ජනතාව නොසලකා හැරීමක් ලෙස සැලකිය හැකි බවද ඇය සිය ලිපිය මගින් පෙන්වාදී තිබෙනවා.
http://nethfm.com

පවතින වියළි කාලගුණයත් සමග බොහෝ ප‍්‍රදේශවල ජනතාව මුහුණපා සිටින්නේ උග‍්‍ර පානීය ජල ගැටලූවකටයි. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ වියළි කාලගුණය පවතින ප‍්‍රදේශවල කෘෂිකාර්මික කටයුතුවලටද දැඩි බාධාවක් එල්ල වී ඇති බවයි. ජලාශවල ජල මට්ටමද පවතින්නේ ඉතා පහළ මට්ටමකයි. මේ හේතුවෙන් කෘෂි කාර්මික කටයුතු සඳහා ජලය මුදාහැරීමද ගැටලූකාරී තත්වයක පවතින බව මහවැලි අධිකාරිය පැවසුවා. මේ මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රාජකරුණා මහතා.
මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම ඉතාම අඩුම මට්ටමක පවතින්නේ. පසුගිය මාස් කන්නයේ වර්ෂාව අඩුවෙන් ලැබීම සහ යල කන්නයේ වර්ෂාව අඩුවීම නිසා ප‍්‍රධාන ජලාශවල ජල මට්ටම 25%ක් තරම් ප‍්‍රමාණයක පවතින්නේ. මෙවර මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මහවැලි ජලාශ ආශී‍්‍රත ගොවිබිම්වල ගොවිතැන් කළේ 50%ක් වැනි භූමි ප‍්‍රමාණයක්. ඒ අනුව දැනට තිබෙන ජල මට්ටම ඉතාමත්ම අරපිරිමැස්මකින් සහ කළමනාකරණයකින් යුතුව ගොවිතැන් කටයුතු සඳහා භාවිත කිරීම නිසා වගා කරන භූමි ප‍්‍රමාණය දැනට තිබෙන ජල ප‍්‍රමාණය ඇති වෙයි කියලා විශ්වාස කරනවා.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මියගෙන්.
වියළි කලාපය ආවරණය වන සෑම ජලාශයකම ජල මට්ටම අඩුවෙලා තියෙනවා. ප‍්‍රධාන ජලාශ 71 සැලකූ විට සමස්තයක් ලෙස දැනට පවතින්නේ 20%ක ජල මට්ටමක්. සමහර ජලාශවල ජල මට්ටම 5%ක් වැනි තත්ත්වයකට අඩුවෙලා තිබෙනවා. සමහර සොරොව්වලින් ජලය නිකුත් කරන්න බැහැ. අන්තිම ජලමුරය නිකුත් කරන සමහර ජලාශවලට ජල පොම්ප කර ලබාදීමට සිදුවෙලා තියෙනවා. සමහර ප‍්‍රදේශයන්හි වගා ළිං සකස් කර දී තිබෙනවා.
පවතින තත්වය අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය මුදාහැරීමේදී දැඩි ගැටලූවකට මුහුණපා ඇති බවද වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නා.
යල කන්නය ආරම්භයේදීත් සතුටුදායක ජල මට්ටමක් නොතිබූ නිසා අපි ඉල්ලීමක් කළා වගා කරන භූමි ප‍්‍රමාණය සීමා කරන්න. එහෙත් එම ඉල්ලීම කෙරුණත් බලාපොරොත්තු ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් වගා කළා. එසේම අප විසින් නියම කරන ලද කාලයේදී වගාවන් ආරම්භ නොකිරීම නිසා යල කන්නයේ කාලය දීර්ඝ වී තිබෙනවා. එම නිසා වැඩිපුර ජලමුර දෙන්න වෙලා තියෙනවා. එහෙත් ජලාශවල තිබෙන ජල ප‍්‍රමාණය ඉදිරි මාස දෙකක් සඳහා රඳවා ගැනීමට සිදුවෙලා තිබෙනවා. වියළි කලාපයේ ජනතාවට පානීය ජලය සපයන්නෙත් මෙම ජලාශවලින්ම. මේවා කෘෂිකර්මය සඳහා පමණක් වූ ජලාශ නෙවෙයි. එසේම ගොවි ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම ඉතිරි වී ඇති ජලය ඉතාමත් අරපරිස්සමෙන් භාවිත කරන ලෙස. දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරන ක‍්‍රමවේදයන්ට අනුව භාවිත කර සහයෝගය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේදී ඉහළ ප‍්‍රමුඛතාවක් ලබාගෙන කටයුතු කරන බවයි මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රාජකරුණා මහතා කියා සිටියේ. ජලසම්පාදන මණ්ඩලය පානීය ජලය ලබාදීම සඳහා ජලය ලබාගන්නා ස්ථානයන්ට ජලය ලබාදීමට ප‍්‍රමුඛතාවයක් ලබාදී ඇති බවද ඔහු පැවසුවා. එසේම මුර ක‍්‍රමය යටතේ ගොවි ජනතාවට ජලය ලබාදීමට කටයුතු කරන බවත් ඒවායෙන් නිසි ප‍්‍රයෝජන ලබාගන්නා ලෙසත් ගොවි ජනතාවගෙන් ඉල්ලීමක්ද කෙරුණා.
 http://nethfm.com/

Thursday, July 17, 2014

වව්නතිවු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වව්නතිවු – කොක්කඩිචෝල මාර්ගයේ පිහිටා ඇති වැඳුම් පිදුම් ලබන බෝධීන් වහන්සේ මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කිරීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව මඩකලපුව, මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිිමිපාණන් වහන්සේ පවසා සිටී. මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියළු පාර්ශවයන් දැනුවත් කර ඇතත් මේ වන තෙක් කිසිදු සුභධායි ප්‍රතිචාරයක් ලැබී නැත. මේ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවක වගකිව යුතු පාර්ශවයන් දැනුවත් කරන්නට යෙදුනත් නිසි පියවරක් ගෙන නොමැත. මිනීමරු කොටි ත්‍රස්තයන්ගෙන් මුදාගත් මෙම ප්‍රෙද්ශය අවට බහුතරයක් සිටින්නේ බෞද්ධ නොවන පිරිස් බැවින් බෝධීන් වහන්සේ ඉවත් කිරීමට වැඩි අනුබලයක් එයින් ලැබී තිබේ. කෙසේ වෙතත් මෙම පූජනීය ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා දිවයින පුරා තිබෙන බෞද්ධ සංවිධාන හා බහුතර බෞද්ධයන්ගේ මැදිහත් වීම සිදුකර දෙන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටී.

Wednesday, July 16, 2014

බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන තුනක් මොනරාගල දිස්ත්‍රික්කයට ඇතුලත් කිරීමට එරෙහිව සියලු පක්ෂ ඒකරාශීව අධිකරණය වෙත යෑමට සූදානම් විය යුතු යැයි ජාතික සමගී පෙරමුණේ නායක අසාද් සාලි මහතා පැවැසීය.

වාමාංශික නායකයකුගේ පුතකු වන මැතිවරණ කොමසාරිස්වරයා බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන තුනක් මොනරාගල දිස්ත්‍රික්කයට ඇතුලත් කිරීම භයානක තත්ත්වයක් වනු ඇති බවත්  සුළු ජාතීන් අපහසුතාවට පත් කිරීමට සූදානම් වන්නේද යන සැකයක් පැනනැගින බවත් අසාද් සාලි මහතා පැවැසීය.
හෙතෙම මෙසේද පැවැසීය.
යාපනේට ගිය සුළු පිරිසක් පාගමනක් ආරම්භ කරන්න ගියාම පොලිසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ගෙනාවා. නමුත් අලුත්ගම සිද්ධිය වෙන්න කලින් අනතුරු ඇගවීම් තිබිලත් එහේ පොලිසිය එහෙම කලේ නැහැ. අපි දන්නවා මානව හිමිකම් කොමිසමත් ආණ්ඩුවේ. ඒත් අපි සිදුවීම්වලදී එතැනට පැමිණිලි කරන්නෙ මේවා 'රෙකෝඩ්' වීම ඉතිහාසයට වැදගත් නිසා. අපි ඉදිරියේදී අලුත්ගම සිද්ධිය අබ සරණයි කියා ඥානසාර හිමි කී දේ සිට එම කතාව නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට අපි කල පැමිණිල්ල සහ එතැන සියලු දේ ගැන අපි ආගමික පොලිසියට පැමිණිලි කරනවා. 'අබ සරණයි' කිවේ අර්ථය විග්‍රහ කරගන්න පොලිසියේ කවුරුත් දන්නෙ නැහැ. එකම එක රූපවාහිනි නාලිකාවකුයි එය හොයලා පැහැදිලි කරේ.


පාසලකට මවයි පියායි දරුවව අරගෙන යන්න බිය වෙලා. රටේ හැම ආයතනයක්ම හමුදාකරණය වෙනවා. ඉදිරියේදී ග්‍රාමසේවකලටත් හමුදා 'යුනිෆෝම්' අන්දවාවි. උපුල් ජයසූරිය මහතාව නාඳුනන මිනිසකු ලුහුබැඳීම ගැන ආණ්ඩුව ප්‍රකාශයක් කල යුතුයි.


http://www.mawbima.lk/