Wednesday, February 26, 2014

අන්දමන් හා නිකොබාර් දුපත් වල කොටි සංවිධාන හා වෙනත් ත‍්‍රස්තවාදී සංවිධාන වල සාමාජිකයින් සැගවී වාසය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඉන්දියා ස්වදේශ අමාත්‍යංශය අනතුරු අගවයි.
මියන්මාරය,බංගලිදේශය,තායිලන්තය,ශී‍්‍ර ලංකාව වැනි රටවල සිට මෙම දුපත් වලට අනවසරයෙන් පුද්ගලයින් පැමිණෙන්නේයැයිද ඔවුන් පැමිණෙන කාරණා කවරා කාරදැයි ඇතැම් අවස්ථාවන්හි අනාවරණය කර ගත නොහැකි යැයිද පවසන ඉන්දියාව වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ එසේ පැමිණෙන පුද්ගලයින් අතර කෝටි සංවිධානයට ට සම්බන්ධ අය සිටීතියි පවතින සැකයටයි.
අන්දමන් හා නිකොබාර් දුපත් වලට දුපත් 572 ක් අයත්ය.මේවා පිහිටා ඇත්තේ ඉන්දියාවේ ප‍්‍රධාන දිවයිනෙන් කිලෝමිටර 1200 ක පමණ දුරින් බෙංගාල බොක්ක ආශි‍්‍රත සාගර ප‍්‍රදේශයේය.වර්ග කිලෝමිටර 8249 ක ප‍්‍රදේශයක් ආවරණය කරන මේ දුපත් සමූහයේ දුපත් 38 ක හැරෙන්නට අන් සියල්ලේම ජනාවාස පිහිටුවා තිබේ.දුපත් පාලනය කරනුයේ ඉන්දියා රජයේ අධීක්ෂණයේ යටතේ කි‍්‍රයාත්මක වන දුපත් පාලන මණ්ඩලයකි.
කොටි ත‍්‍රස්තයින් මෙම දුපත් වල සැඟව සිටිමට ඉඩ ඇතැයි දුපත් පාලක මණ්ඩලය ඉන්දියා සවදේශ කටයුතු අමාත්‍යංශය වෙත දැනුම් දීමට කටයුතු කර තිබේ.ඒ සදහා හේතු ලෙස පාලක මණ්ඩලය දක්වා තිබෙන්නේ මෙම දුපත් වල වාසය කරන දෙමළ ජනතාව යුද්ධය නිසාවෙන් අගතියට පත්ව සිටින ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව සහෝදරත්වයෙන් සැළකීමයිදුපත්හි වාසය කරන දෙමළ ජනතාව 1960 - 1970 දී ශී‍්‍රලංකාවේ සිට පැමිණ ඉන්දියා රජය ස්ථාන ගත කළ සරණාගතයෝය‍.මෙම කරුණ සැළකීමේදී ඔවුන් කෙරේ ශී‍්‍රලංකාවේ වෙසෙන තම සහෝදර දෙමළ ජනතාව කෙරේ විශේෂ සැළකිල්ලක් ඇතිවීම නොවැළැක්විය හැකි යැයිද දුපත් පාලක මණ්ඩලය දන්වා තිබේ.මෙනිසා කොටි සාමාජිකයින් සගවා තබා ගැනීමට,ඔවුනට උපකාර කිරීමට, දුපත්හි වාසක කරන දෙමළ ජනතාව කටයුතු කරන්නේයැයි සාධාරණ සැකයක් උපදින බව පාලක මණ්ඩලයේ අදහසයි.
දුපත් හි පිහිටීමද මෙහිදී අවධානයට ලක්කෙරී ඇත.ත‍්‍රස්ත සංවිධාන වලට සංවිධානය වීමට,අවි පුහුණුවේ යෙදීමට,ගරිල්ලා සටන් ක‍්‍රම පුහුණු වීමට දුපත් සියල්ලකම පාහේ ඇති ඝන වනාන්තර උපයෝගී කර ගැනීමේ හැකියාව මෙන්ම මුහුදින් වටව පිහිටීම නිසා අවි ආයුධ හොර රහසේ ගොඩබැස්සවීමට,ඒවා බෙදාහැරීමට පවා හැකියාව ඇතැයි දුපත් පාලක මණ්ඩලය ඉන්දියා බළධරයින් වෙත පෙන්වා දී ඇත.
අන්දමන් හා නිකොබාර් දුපත් වල උතුරු ප‍්‍රදේශයට කිලෝමිටර 45 ක් දුරින් පිහිටා ඇති මියන්මාරයේ සිට හා කැම්බල් බොක්කේ සිට කිලෝමිටර 160 ක් දුරින් පිහිටි ඉන්දුනීසියාවේ සිට වැඩි වශයෙන් විදේශිකයින් මේ දුපත් කරා පැමිණෙන බව සදහන්ය.ඔවුන් බොහෝ විට පැමිණෙන්නේ දුපත් ආශි‍්‍රත මුහුදු තීරයන්හි මසුන් මැරීමට හා වෙනත් සම්පත් ලබා ගැනීමේ අරමුණින් බව ඉන්දියා බළධාරීහු කියති.දුූපත් විශාල වපසරියක් පුරා විසිර පවතින හෙයින්ද,බොහෝමයක් සම්පූර්ණයෙන්ම ජනාවාස වී නොමැති හෙයින්ද මෙම දුපත් වලට පැමිණෙන්නේ කවරාකාරයේ පුද්ගලයින්දැයි සොයාගැනීමට අපහසු බව ඔවුහු පවසති.
බංගලාදේශ ජාතිකයින් දුපත් කරා අනවසරයෙන් පැමිණෙන්නන් අතර ඉහළින්ම සිටී.පසුගිය සමයේ දුපත් වල අනවසරෙයන් රැදී සිට හසුවූ බංගලාදේශ ජාතිකයින් බොහෝ දෙනෙක් යළිත් සියරට බලා හරවා යැවීමට ඉන්දියා බළධාරීහු කටයුතු කර ඇත්තාහ.
මෙම දුපත් වල පිහිටීම නිසාවෙන් කිසිවෙකුට නොදැනී  ඕනෑම නීති විරෝධි කටයුත්තක යෙදිය හැකි වීම ඉතා බරපතල ගැටළුවක් යැයි ඉන්දියා බළධාරීන් පවසයි.ඇතැම් අවස්ථාවන්හි දුපත් එකිනෙක වෙන් කරන්නේ සැතපුම් ගණන් ගැඹුරු සාගරයයි.තවද දුපතක් සැළකූ විට එය පුරාවටම විහිද තිබෙන්නේ ඝන වනාන්තරයයි.මෙනිසා සැගවී සිට කි‍්‍රයාත්මක වීමට ඉඩකඩ බොහෝයැයි ඔවුහු පෙන්වා දෙති.

http://www.lankadeepa.lk/index.php/articles/213230

Tuesday, February 25, 2014

එක්‌සත් ජාතික පක්‌ෂයේ පළාත් සභා අපේක්‌ෂක රොයිස්‌ ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී පොලිස්‌ මාධ්‍යය ප්‍රකාශකවරයා රජයට දේශපාලන වාසි ගෙන දීමට ඉතා නිර්ලඡ්ජිත ලෙස කටයුතු කරන බවත් එලෙස සාධාරණ අපක්‌ෂපාතීත්වයෙන් කටයුතු නොකරන හෙතෙම එම තනතුරෙන් ඉල්ලා අස්‌විය යුතු බවත් එක්‌සත් ජාතික පක්‌ෂය කියා සිටී.

අදාළ සිද්ධිය සම්බන්ධව විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් එජාපය මේ බව කියා සිටින අතර එමගින් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. 

දැනට අත්අඩංගුවේ පසුවන රොයිස්‌ ප්‍රනාන්දු මහතාට එක්‌සත් ජාතික පක්‌ෂය විසින් බස්‌නාහිර පළාත් සභාවට තරග වැදීම සඳහා අපේක්‌ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සහ මහජන නියෝජිතයන් නීති විරෝධි අන්දමින් කටයුතු කිරීම පිළිබඳව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා තදබල විවේචනයක්‌ එල්ල කොට තිබිණි.

අප පුන පුනා ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ, අපක්‌ෂපාති සහ පිළිගත හැකි පරීක්‌ෂණයක්‌ සිදුකළ යුතු බවත් මෙම සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ යුතු බවත්ය.

එසේ වුවත් දැන් අපට පෙනී යන කාරණය වන්නේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම සිද්ධිය තුළින් රජයට සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට දේශපාලන වාසි ලබාදීමට උත්සාහ දරන බවකි. මෙය පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක තනතුර පාලක පක්‌ෂයේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඉතාම නිර්ලඡ්ජිත ලෙස පාවිච්චි කෙරුණු අවස්‌ථාවකි.

රොයිස්‌ ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාවලිය හරිහැටි ආරම්භ වන්නටත් මත්තෙන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදුකළ මෙම ප්‍රකාශය සලකා බලන විට අපට පෙනී යන්නේ සාධාරණ සහ අපක්‌ෂපාතී අන්දමට මෙම පරීක්‌ෂණය සිදුවේද යන කරුණ සම්බන්ධයෙන් බරපතළ සැකයක්‌ මතු වන බවයි. සාධාරණ පරීක්‌ෂණයක්‌ සිදු නොකර මේ හරහා දේශපාලන වාසී ලබා ගැනීමට රජය ගන්නා උත්සාහය පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ඉහත කී ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිදු පක්‌ෂයක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටිය යුතු අතර වර්තමාන තත්ත්වයන් සලකා බලන විට පෙනී යන්නේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා යනු හුදෙක්‌ දේශපාලන හොරණෑවක්‌ පමණක්‌ බවයි. තමන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නොව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා බව අජිත් රෝහණ මහතාට අමතක වී ඇති බව පෙනේ.

මේ නිසා පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාට සිය තනතුරේ රැඳී සිටීම සඳහා කිසිදු නීතිමය හෝ සදාචාරමය අයිතියක්‌ නැති අතර සාධාරණ සහ අපක්‌ෂපාතී නිලධාරියෙකු වශයෙන් කටයුතු කිරීමට තමන්ට හැකියාවක්‌ නොමැති බවටද මෙම ක්‍රියාකලාපය හරහා ඔහු තහවුරු කොට තිබේ. මේ නිසා ඔහු වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවට අපි යෝජනා කරමු.

http://www.divaina.com/2014/02/26/news33.html

තවලම - ආරියසෝම නාගොඩවිතාන, හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල්

අද රාජපක්‍ෂ ආණ්‌ඩුවට විරෝධය ප්‍රකාශ කරන කණ්‌ඩායම් රාශියක්‌ තිබෙනවා. නමුත් ජනතාව ගොඩගන්න පුළුවන් එක්‌සත් ජාතික පක්‍ෂයට විතරයි. රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් ජනතාවට අහිමි කළ සියලූ ප්‍රතිලාභ 2015 දී ආපසු ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 23 දා හිනිදුම නෙළුවේ පැවැති රැස්‌වීමකදී ප්‍රකාශ කළේය.

දකුණු පළාත් සභා මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක සුනිල් සේනානායක, චන්ද්‍ර සහබන්දු ඇතුළු කණ්‌ඩායමට ආධාර පිණිස මෙම රැස්‌වීම පැවැත්විණි.

එහිදී තවදුරටත් කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා යුද්ධය දැන් ඉවර නමුත් යුද්ධය පැවැති කාලයේ තිබුණු සහනයවත් දැන් ජනතාවට නැතැයිද මෙම මැතිවරණය රාජපක්‍ෂ ආණ්‌ඩුව පෙරළා දමන ජනතා බලවේගයේ පළමු පියවර යෑයිද පැවැසීය.

ජනාධිපතිතුමා කිව්වා යුද්ධය ඉවර කරන්නට සම්පූර්ණ සහය දෙන්න කියලා. ඒ වන විට ප්‍රභාකරන්ට සීමාවෙලා තිබුණේ වන්නිය විතරයි. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දියන් හමුදාව ගෙන්වලා ප්‍රභාකරන්ව මර්දනය කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ විඡේතුංග ජනාධිපතිතුමාගේ කාලවලදී අපට නැගෙනහිර ආපසු ගන්න පුළුවන් වුණා. චන්ද්‍රිකා යාපනය ගත්තා. ඒත් නොයෙක්‌ ප්‍රශ්න තිබුණා.

කොහොම නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සහය දෙමු කිව්වා. සමහර අය කොච්චර අමාරුකම් තිබුණත් දවසට එක වේලක්‌ අතහැරියා. විරැකියාව ගැන කතා කරන්න ගියේ නැහැ. අධ්‍යාපනයට මුදල් අඩු වෙනකොට කිව්වා කමක්‌ නෑ ඒක හමුදාවට යවන්න කියලා. ඉස්‌පිරිතාලවල බෙහෙත් නැති වෙනකොට කිව්වා කමක්‌ නෑ යුද්දේ කරන්නá අපි කොහොමහරි ජීවත් වෙන්නම් කියලා. ගෙදර වියදම්, ජීවන බර වැඩිවෙන කොට කිව්ව කමක්‌ නෑ ප්‍රභාකරන් ඉවර කරමු කියලා. ගෙට අලුතින් කාමරයක්‌ හදන එක, ඉඩම් කෑල්ලක්‌ ගන්න එක, මෝටර් සයිකලයක්‌ ගන්න එක කල් දැම්මා. ප්‍රාදේශීය සභා, පළාත් සභා ඡන්දවලදී අපි කෙළින්ම ජනාධිපතිතුමා දිනවමු කියලා ඡන්දේ දැම්මා.

ජනාධිපතිතුමා කිව්වා යුද්ධය ඉවර වුණාම ඒ සල්ලිවලින් ඇමැතිවරුන්ට ප්‍රතිපාදන වැඩිකරන්න පුළුවන්, පඩි වැඩි කරන්න, රැකියා ලබාදෙන්න, අධ්‍යාපනයට සෞඛ්‍යයට ප්‍රතිපාදන වැඩි කරන්න පුළුවන් කියලා. දැන් යුද්ධය අවසන් වෙලා පස්‌වැනි අවුරුද්දත් ලබලා. නමුත් ජනතාවට ලැබුණු දෙයක්‌ නෑ. බස්‌ ගාස්‌තු දුම්රිය ගාස්‌තුව, විදුලි බිල, බඩු මිල වැඩි වෙනවා. ඉස්‌සර හොඳට ආදායම් ලබපු අය දැන් දුප්පත් වෙලා. දුප්පතුන් අන්ත දුප්පතුන් වෙලා. සියයට එකකට පුළුවන්කම තිබුණට සියයට අනූනවයකට බැරිවෙලා. ආණ්‌ඩුවේ දූෂණය වංචාව තුළින් මුදල් හොයලා 1% කට ඒ සල්ලි ස්‌විට්‌සර්ලන්තයේ හෝ සී ෂෙල්ස්‌ දූපතේ බැංකුවල දාන්න පුළුවන්. අනික්‌ 99% ම බැංකුවලට ණය වෙලා රත්තරන් බඩු උගස්‌ තියලා බැංකු පොලී ගෙවනවා.

යුද්ධය ඉවරවෙලා අවුරුදු 5 ක්‌ ලැබුවා. බදු බර අඩුවෙලා නැහැ. ඒවා වැඩිවෙලා. වෙළ¹ම් කරලා, රජයේ සේවයේ යෙදිලා, පුද්ගලික අංශයේ වැඩ කරලා, වී ගොවිතැන් කරලා, දළු කඩලා, අද ජීවත්වෙන්න අමාරුයි. යුද්ධ කාලෙටත් වඩා අමාරුයි. ප්‍රභාකරන් බෝම්බ ගහන කාලේ මේතරම් අමාරුකම් තිබුණේ නෑ. ඒකයි ප්‍රශ්නය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන්වත් රාජපක්‍ෂ රෙජිමයෙන්වත් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. එහෙනම් කාටද ජනතාව ගොඩගන්න පුළුවන්? එක්‌සත් ජාතික පක්‍ෂයට විතරයි. හැත්තෑ හතෙත් මේ වගේ කාලයක්‌ තිබුණා. කවුද ජනතාව ගොඩ ගත්තේ? ඡේ. ආර්. ජනාධිපතිතුමා විවෘත ආර්ථිකය ඇති කළා. ජනතාව අතට සල්ලි එන්න සැලැස්‌සුවා. සංචාරක ව්‍යාපාරය ආවා. වෙළෙඳ කලාප ආවා. කඩ සාප්පු ආවා. උත්සාහයෙන් වැජඹෙන්න අවස්‌ථාව දුන්නා. නැවත ඒ තත්ත්වය ඇති කරන්න පුළුවන් එජාපයට විතරයි ලෑස්‌ති වෙන්න පාරට බහින්න, උද්ඝෝෂණය කරන්න. 2015 දී ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආණ්‌ඩුවක්‌ බිහි කරමු.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා - 

රාජපක්‍ෂ කණ්‌ඩායම මතට තිත තියනව කියලයි බලය ගත්තේ. අද මොනවද කරන්නේ කියල දැක දැකයි තමුන්නාන්සේලා 29 වැනිදාට ඡන්ද පොළට යන්නේ. අද එතනෝල් ගේන්නේ කන්ටේනර් පිටින්. මත්කුඩු අහුවෙන කොට අහුවෙන්නෙ ආසියාවේ ලොකුම තොග හැටියටයි. ඒව බේරගන්න කවුද ලියුම් දෙන්නේ. අගමැති කාර්යාලයේ ලේකම්වරුයි කියන එවුන්. මේ රටේ නිදහසෙන් පස්‌සේ ජනාධිපතිවරු අගමැතිවරු 11 දෙනෙක්‌ රට පාලනය කළා. ඒ 11 දෙනාම ගත් ණය ප්‍රමාණයට වඩා අවුරුදු 9 ක්‌ රට පාලනය කළ මහින්ද රාජපක්‍ෂ ගත් ණය ප්‍රමාණය වැඩියි.

හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක සුනිල් සේනානායක, කණ්‌ඩායම් නායක අශෝක ධනවංශ ද සිල්වා, චන්ද්‍රd සහබන්දු, සංජීව කරුණාතිලක, ආනන්ද පද්මසිරි කාරියවසම් ඇතුළු අපේක්‍ෂකයෝ රැසක්‌ සභාව ඇමතූහ.

http://www.divaina.com/2014/02/26/news31.html
(පෙබරවාරි 26 දිනට යෙදෙන 60 වැනි ගුණ සමරුව වෙනුවෙනි)


මෙරට බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට යටත්ව තිබූ සමයේ අප රටේ ප්‍රභූ පවුල්වල ඇතැම් පිරිස්‌ සවස්‌ යාමයේ විනෝදය හා ශාරීරික ව්‍යායාම පිණිස කොළඹ ගාලු මුවදොර පිටිය හරහා අසුපිටින් ගමන් කිරීම දෛනික සිරිතක්‌ කරගෙන තිබිණි. ඩී. එස්‌. සේනානායක, සර් ජෝන් කොතලාවල, සොලමන් ඩයස්‌ බණ්‌ඩාරනායක (දිවංගත අගමැති බණ්‌ඩාරනායකගේ පියා) මේ අතර එච්. ශ්‍රී නිශ්ශංක මහතාද දිනක්‌ සුපුරුදු පරිදි තමා සතු දුඹුරු පැහැති ජව සම්පන්න අශ්වයා වේගයෙන් ගාලු මුවදොර හරහා පැන්න විය. මෙකී දර්ශනයෙන් කෝපයට පත් මේජර් විල්ටන් නමැති බ්‍රිතාන්‍ය ජාතික බන්ධනාගාර අධිකාරිවරයා නිශ්ශංකයන්ගේ මඟ හරස්‌කර නවතා කව්ද තමාට මෙතරම් වේගයෙන් අශ්වයා පැන්නවීමට අවසර දුන්නේ යෑයි තර්ජනාත්මක ස්‌වරූපයෙන් විමසීය. මෙයින් වඩාත් කෝපයටපත් ශ්‍රී. නිශ්ශංකයන් ක්‍ෂණයකින් තම දඹර ඇඟිල්ල විල්ටන් මහතා වෙත දිගුකරමින් වේගවත් ලෙස ප්‍රකාශ කළේ මගේ මවුබිමේ ඕනෑම වේගයෙන් අසුපිටයැමට කාගෙන්වත් අවසර ඕනෑ නෑ. ඔබ වැනි කෙනෙකුට මෙය නොරුස්‌සන්නේ නම් අසල තිබෙන මුහුදට පැන පලා යා හැකි බවයි. (මෙවැනි නිර්භීත මිනිසුන් වර්තමානයේ දුර්ලභය)

ළමා වියේදීම අධිරාජ්‍ය විරෝධි අරගලයේ සැබෑ කොටස්‌කාරයකු වී තමාට පෙර රට යන්න ආදර්ශ පාඨය පෙරට තබා කටයුතු කළ දේශප්‍රේමියෙකි.

මෙරට කීර්තිමත් වීරවරයන්ගේ පුණ්‍යවන්ත නිජබිමක්‌ වූ දකුණුලක බලපිටිපුරවරයේ ගරු මුණි වලව්වේදී වර්ෂ 1898 ජනවාරි 17 දී උපත ලද හර්බට්‌ ශ්‍රී. නිශ්ශංක මෙන්ඩිස්‌ මූලික අධ්‍යාපනය කොළඹ ආනන්දයෙන් ද උසස්‌ අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද ලැබීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නමැති අතිදැවැන්ත මහා වෘක්‍ෂය ගොඩ නැඟීමේ සැබෑ පුරෝගාමියා රාජ නීතිඥ එච්. ශ්‍රී. නිශ්ශංක මහතාය. බුදු දහමින් පෝෂණය කරගත් මනසින් යුක්‌තව සමාජ ප්‍රජා තන්ත්‍රවාදය තේමා කරගෙන රටට අවැසි ගම්බද ජනයාට සමීප විය හැකි ලෙස පක්‍ෂ ව්‍යවස්‌ථාව සකසා තමාගේ නමට යෙදෙන ශ්‍රී.නි. යන්න යොදාගෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ලෙසද වර්ණය, නිල්පාට ද, ලාංඡනය අත ලෙසද යෝජනා කරමින් තමා සමඟ එකට එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ ඉගෙනගත් කළණමිතුරු බණ්‌ඩාරනායකට සඟ වෙද ගුරු ගොවි කම්කරු පංචමහා බලවේගය ඉදිරියට ගෙනයැමට භාර කළේය. බල තණ්‌හාවෙන් තනතුරු වරප්‍රසාද ගැන නොසිතා බෝධිසත්ව ගතිගුණ ප්‍රදර්ශනය කරමින් කළ මේ කැප කිරීම වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේම ඇතැමෙක්‌ නොදැනීම කනගාටුවට කරුණකි. පක්‍ෂය ගොඩනැඟීමේ ආරම්භය පිළිබඳ ලිපිගොනු සේයා සටහන් නිශ්ශංකයන්ගේ දිනපොත් පිරික්‌සීමේදී පැහැදිලි ලෙස දැකගත හැකිවිය. එසේම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පිහිටුවීමට සාකච්ඡා කළ මේසය, පුටු හා අත්සන් කළ පෑන පවා තවමත් නිශ්ශංක මහතාගේ යමුණා මන්දිරයේ (වර්තමානයේ යමුණා සදහම් ආශ්‍රමයේ දක්‌නට තිබෙන්නේය). මේවා සංරක්‍ෂණය කර අනාගත ජනතාවට දැකබලා ගැනීමට ඉඩ ප්‍රස්‌ථාව සැලසීම වගකිවයුතු සැමගේ යුතුකමක්‌ වන්නේය. මෙරට විසූ නිහඬ විද්වතකු වූ නිශ්ශංක දිවේරිස්‌ මෙන්ඩිස්‌ හා අනෝමා වික්‍රමරත්න සොයිසා ළමාතැනී මෙතුමාගේ මවුපියෝය. සොහොයුරියන් වූයේ ඩොරති, හැරියට්‌ හා චාලට්‌ය. සෙනෙහබර බිරිඳ මියුරියෙල් නිශ්ශංකය. දූ දරුවෝ, යමුණ, ගීතා හා රංජිත්ය. මුණුපුරු මහාචාර්ය රන්දිවි නිශ්ශංක කරුණාරත්න හා ආචාර්ය අවන්ති නිශ්ශංක කරුණාරත්නය.

එක්‌තරා වකවානුවක බුරුම සම්ප්‍රදායට අනුව පැවිදිව එරට වැඩම කරවා ඉතා ගැඹුරින් ත්‍රිපිටකය හා භාවනා ක්‍රම පිළිබඳව හැදැරුවේය. පසුව තම මවුපියෝ රෝගාතුරව ගත කරන බව සැළවී ලංකාවට වැඩම කරවා මහා සංඝයා රැස්‌කර කරුණු වටහා දී උපැවිදි වූහ.

බුදු දහමේ ඇති යථාර්ථවාදී බව හෙළ සංස්‌කෘතියේ වටිනාකම ගැන ඉඩලද හැම මොහොතකදීම බණ්‌ඩාරනායකයන්ට පහදා දෙමින් ශ්‍රී. නිශ්ශංකයන් දැනුම බෙදා හදා ගත්හ. නීති ක්‍ෂේත්‍රයේ දැනුම පුළුල් කරගෙන 1924 ලංකාවට පැමිණ තම වෘත්තියේ කටයුතු කිරීම ඇරඹීය. වර්ෂ 30 - 40 දශකවල අපරාධ නඩු සම්බන්ධ මෙරට විසූ අති දක්‍ෂතම නීතිවේදියා මෙතුමාය. තියුණු තාර්කිකත්වය, ව්‍යක්‌ත කථිකත්වය, ප්‍රසන්න බව නිසාම යසස රටපුරා පැතිර ගියේය. සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්‌කෘතික, බුරුම. හින්දි ආදී භාෂා පිළිබඳව නිපුණත්වය තුළින් උපරිම ලෙස තම දක්‍ෂතා විදහා දැක්‌වීමට මෙවලමක්‌ කර ගත්තේය.

අතිබිහිසුණු ජාතිවාදී අරගල, ආගම්වාදී අරගල මෙතුමාගේ සමාජ මැදිහත්වීම තුළින් විස¹ගැනීමට හැකිවූ අවස්‌ථා බොහෝය. අපේ ලංකා, එංගලන්ත ඉතිහාසය. ලංකා දණ්‌ඩ නීතිය, සල්ගල පුදබිම වැනි ග්‍රන්ථ වල කතුවරයාද හෙළදිව, සංඛ නාදය නමැති පුවත්පත්වල කතුවරයා ලෙසින් ද, චිත්‍ර ශිල්පියකු ලෙසින් ද විවිධ වූ දැනුම පෙන්වීමට සමත්විය.

නිදහසින් පසු කුරුණෑගල පළාත නියෝජනය කරමින් පළමු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙසින්ද කොළඹ - වැල්ලවත්ත කොට්‌ඨාසයේ නිතරග මන්ත්‍රීවරයකු ලෙසින් ද තේරීපත් වීම ද සුවිශේෂය.

උතුම් මිනිසුන්ගේ ජීවිත කාලය කෙටිය. සුවÄති මල් ඉක්‌මනින් පරවීයන්නාසේම 56 ජනතා අරගලයේ සැබෑ ආශ්වාදය විඳ ගැනීමට දැක ගැනීමට පෙර 1954 පෙබරවාරි 26 තම යමුණා මන්දිරයේ බුදුරුව දෙස බලාගෙනම අවසන් හුස්‌ම හෙළීය. ඒ වනවිට එතුමාගේ වයස අවුරුදු 54 කි. එදා සුප්‍රසිද්ධ යමුණාව අද යමුණා සදහම් ආශ්‍රමය බවට පත් කරමින් ඥති පිරිස්‌ මහා සඟරුවන වෙත පූජා කර තිබේ. පෙබරවාරි 26 ට යෙදෙන රටට ණය නැති මේ යුග පුරුෂයාගේ 60 වැනි ගුණ සමරුව වෙනුවෙන් නිශ්ශංක සමරු සංසඳය මගින් විශේෂ ආගමික වැඩසටහන් හා අඩු ආදායම්ලාභී පාසල් දරු දැරියන්ට පාසල් උපකරණ බෙදා දීමක්‌ කොළඹ දෙමටගොඩ නාගදීප ශාඛා මහා විහාරස්‌ථ දහම් මන්දිරයේ පැවැත්වේ.

වංශනාථ විඡේසිංහ
(ශ්‍රී නිශ්ශංක පදනමේ අනුශාසක)
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්


http://www.divaina.com/2014/02/26/feature02.html








25 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට තව ඇත්තේ දින පහකි. බ්‍රිතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදය හා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ ශ්‍රී ලංකාවට එරෙහි කොටි කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින චැනල් 4 අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ යළිත් වරක්‌ කරළියට පැමිණ ඇත. ඔහු තම සාවද්‍ය දර්ශනවලින් යුත් නෝපයර් සෝන් චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීමට උත්සාහ කළ නමුත් ඉන්දීය රැඟුම් පාලක මණ්‌ඩලය ඊට අවසර දුන්නේ නැත. ඉන් කෝපයට පත් මැක්‌රේ නිදහස්‌ අදහස්‌ ප්‍රකාශ කිරීමට ඉන්දීය රජය ඉඩක්‌ දෙන්නේ නැතැයි කියමින් චෝදනා නැගීය.

අනතුරුව ඔහු නෝපයර් සෝන් නමින් වෙබ් අඩවියක්‌ද ප්‍රකාශයට පත් කළේය. ඉන්පසු ඔහු ස්‌කයිප් දුරකථන පද්ධතිය මගින් සම්මුඛ සාකච්ඡාවකට සහභාගී විය. කැලම් මැක්‌රේගේ නෝපයර් සෝන් චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීමට දායක වූයේ තමිල්නාඩුවේ කොටි හිතවාදී වී ප්‍රභාකරන්ය.

ස්‌කයිප් මාර්ගයෙන් මැක්‌රේ තමිල්නාඩු කොටි හිතවාදීන් අමතා පැවසූවේ කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාව කෙරේ දැක්‌ වූ තක්‌සේරුව වැරදි බවයි. එසේම වන්නි මෙහෙයුම යනු සමුලඝාතනයක්‌ බවත් ද්‍රවිඩයන්ව සංහාරය කර ඇතැයිද කියා සිටියේය.

මැක්‌රේ තවත් සාවද්‍ය ප්‍රකාශයක්‌ කළේය. ඒ වන්නියේ ජනතාවට මානුෂික ආධාර දීමට රජය ක්‍රියා කළේ නැති බවයි. මෙකී ප්‍රකාශවලින් සනාථ වන්නේ කැලම් මැක්‌රේගේ ස්‌ථාවරයයි. වෙබ් අඩවි ආරම්භ කිරීමට හා ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා නැගීම සඳහා මෙහෙයුම් දියත් කිරීමට මැක්‌රේ ක්‍රියාකරන්නේ මානව හිමිකම් වෙනුවෙන්ද?

වන්නි මෙහෙයුම සියෑසින් නොදුටු මොහු සාක්‍ෂි ලෙස යොදාගෙන ඇත්තේ හිටපු කොටි ත්‍රස්‌තයන්ය.

පසුගිය මාර්තු මස ජීනීවා මානව හිමිකම් සමුළුවට මැක්‌රේ ගෙන ආවේ ප්‍රභාකරන්ගේ බාලපුත් බාලචන්ද්‍රන්ව ශ්‍රී ලංකා හමුදාව ඝාතනය කළ බවට දක්‌වන චෝදනාවයි.

බාලචන්ද්‍රන් හමුදා කඳවුරක සිටින ජායාරූප සොයාගත් බවද මැක්‌රේ කියා සිටියේය. එහෙත් පසුගිය සතියේ ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ඡේ. ඩී. එස්‌. නමැති සංවිධානය බාලචන්ද්‍රන් හමුදා කඳවුරක සිටින ජායාරූප තමන් සතු බව හෙළි කළේය. එම හමුදා කඳවුරේ සිටින සෙරෙප්පු දමාගත් සෙබලෙක්‌ ද දිස්‌විය. ශ්‍රී ලංකා හමුදා සෙබළුන් සෙරෙප්පු දමා ගෙන සිටින්නේද?

ප්‍රභාකරන් බිහිසුණු මිනිස්‌ ඝාතන සිදු කරද්දී මැක්‌රේ සිටියේ කොහේද යන්න ප්‍රශ්නය පැනනගී. එපමණක්‌ද නොවේ වන්නි මෙහෙයුම ගැන සෙවීමේ වගකීම ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාවට බවද අපූරු තර්කයක්‌ ඉදිරිපත් වී ඇත. එසේ නම් ඉරාකයේ සහ ඇµaගනිස්‌ථානයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම හා සර්බියාවේ සිවිල් වැසියන්ට නේටෝ ගුවන් ප්‍රහාර එල්ලවීම ගැන අන්තර් ජාතික ප්‍රජාව සිය වගකීම ඉටු කළේද?

එසේම ඉන්දියාව තම නෝපයර් සොන් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදීම නිදහස්‌ අදහස්‌ වළදැමීමක්‌ යෑයි චෝදනා කරන කැලම් මැක්‌රේ බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ ලියවිලි රැගෙන හීත්රෝ ගුවන්තොටුපලින් පිටව යැමට උත්සාහ කළ මිරැන්ඩා නමැති මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම ගැන කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

බ්‍රිතාන්‍ය සෙබළුන් ඉරාකයේදී යුද අපරාධ සිදු කිරීම ගැන මැක්‌රේ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, ආරක්‍ෂක ලේකම් සහ හමුදාපතිට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු යෑයි හඬ නොනැඟුවේ මන්ද?

එහෙත් මැක්‌රේ පවසන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ස්‌වාධීන ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු= බවය. එසේ වූවත් කොටි යුද අපරාධකාරියක්‌ වූ ඇඩෙලා බාලසිංහම් ගැන විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි ඔහු කියන්නේ නැත.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි ඉල්ලීමට කැලම් මැක්‌රේ කවුද?

මැක්‌රේ ප්‍රසිද්ධියේ කැනඩාවට ගොස්‌ පෙන්ටා නැමැති කොටි ඩයස්‌පොරා සමුළුවේදී සළුවක්‌ පොරවාගත්තේ කොටි හිතවාදින්ගෙනි. 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර අධිකරණයට ගෙන යනතුරු සටන නතර කරන්නේ නැතැයි ඔහු එහිදී ප්‍රතිඥා දුන්නේය.

එසේම ඇමරිකාව, කැනඩාව, ඕස්‌ටේ්‍රලියාව, නෝර්වේ ස්‌විස්‌ටර්ලන්තය ඇතුළු රටවල් රැසක ඔහු සැරිසැරුවේ යුද අපරාධ චෝදනා රැගෙනය.

එහෙත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයට එල්ල වූ කිසිදු යුද අපරාධ චෝදනාවක්‌ ගැන ඔහුගේ අවධානය යොමු වුයේ නැත. මින් සනාථ වූයේ කැලම් මැක්‌රේ කොටි ඩයස්‌පෝරාවේ කුලී කොන්ත්‍රාත්කරු බව නොවේද? මගේ අරමුණ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වන ශ්‍රී ලංකා විරෝධී යෝජනාවට සහය වීම යෑයි මැක්‌රේ කියා සිටියේය.

ඉන් පිළිබිඹු වූයේ මැක්‌රේ ස්‌ටර්ලින් පවුම් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවකට එකඟ වී ඇති බවයි. 2012 වසරේ මැක්‌රේ ජිනීවා නුවරට පැමිණ විට නවාතැන් ගත්තේ සුපිරි හෝටලයකය. මානව හිමිකම් සමුළු ශාලාවේදී මැක්‌රේ මැක්‌රේ යෑයි කියමින් කොටි හිතවාදීහු ඔහු පසුපස යන අයුරු අපි දුටුවෙමු.

එසේ නම් මේ කොටි කොන්ත්‍රාත්කරු ගැන තවදුරටත් සාක්‍ෂි අවශ්‍යද? මේ තත්ත්වය මැද ජිනීවාහිදී ශ්‍රී ලංකාවට සිදු වන්නේ පරාජිත ත්‍රස්‌තයන් වෙනුවෙන් වන්දිගෙවීමටය.

ලෝක ඉතිහාසයේ මෙවැන්නක්‌ සිදු වන්නේ මුල්වරට. එහෙත් සාම පසුබිම කුමක්‌ද? ඒ ඇමරිකානු හිතවාදී පිළිවෙත අනුගමනය නොකරන රටවල් බිඳ දැමීමේ මෙහෙයුමයි. මේ අතර තමිල්නාඩුවේ කොටි හිතවාදීන්ගේ සහයෙන් මැක්‌රේගේ නෝපයර් සෝන් චිත්‍රපටය තමිල්නාඩුවේ ප්‍රදර්ශනය කර ඇතැයි වාර්තා විය.

මැක්‌රේ මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි පවසද්දී ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ද යුද අපරාධකරුවන්ට දඬුවම් කළ යුතු යෑයි කියා සිටී.

එසේ නම් කොටි සංවිධානයේ නියෝජිත ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානයද කොටින්ගේ යුද අපරාධ ගැන දඬුවම් ලැබිය යුතු නොවේද?

මේ හැර මෙම යුද අපරාධ ගැන හඬ නොනගන්නේ මන්ද? 

නුගේගොඩ බෝම්බ පිපිරීම, කොටුවේ දුම්රිය ස්‌ථානය අසල බෝම්බය, පිළියන්දල හා ගල්කිස්‌ස බස්‌ බෝම්බ, වැලිවේරියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය.

එහෙත් කැලම් මැක්‌රේ මේ කිසිදු යුද අපරාධයක්‌ සිය වීඩියෝ චිත්‍රපටයට ඇතුළත් කළේ නැත. ඔහු සාක්‌ෂි ලෙස ලබා ගත්තේ කොටින්ගේ දේදුන්න පුවත්පත සකස්‌ කළ ඡේ. ඩී. එස්‌. කණ්‌ඩායමේ සාවද්‍ය තොරතුරුයි.

මැක්‌රේ මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේට කියන්නේ මෙයයි. පැමිණිලිකරු සාක්‌ෂිකරු මමයි ඔබ විනිසුරුයි තීන්දුව ප්‍රකාශ කරනු. 

නෝපයර් සෝන් චිත්‍රපටය නිර්මාණය කළ කැලම් මැක්‌රේ ඉදිරිපත් කරන දර්ශන සත්‍ය නම් ඔහු ඒවායේ මුල් දර්ශන මානව හිමිකම් බලධාරීන්ට යොමු නොකරන්නේ මන්ද යන්න දැඩි සැකයට තුඩුදෙන කරුණකි.

ඔහුගේ මුල්ම වීඩියෝ පටය වූ කිලින්ෆීල්ඩ් සඳහා භාවිත කළේ කොටින්ගේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ පලකළ දර්ශන බව අපි විශේෂයෙන් හෙළි කළෙමු.

එහෙත් මැක්‌රේගේ වීඩියෝ පටයයේ අබිරහස්‌ සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි අනුව මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේට ශ්‍රී ලංකාවට දඬුවම් කළ හැකිද?

ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ කළ යුතුයි යන නවිපිල්ලේගේ යෝජනාව ජිනීවා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර ඇත.

එසේ වූවත් මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ ක්‍රියාත්මක වන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන අනුව බව පැහැදිලිය.

කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2014/02/26/feature01.html
ජිනීවා ප්‍රශ්නයේදී එක්‌ පිරිසක්‌ ජිනීවා සමග එකඟවෙමින් මහින්ද රාජපක්‌ෂ මහතාට ප්‍රහාර එල්ල කළත් තවත් පිරිසක්‌ ජනාධිපතිවරයා වැළැඳ ගනිමින් ජිනීවාවලට ප්‍රහාර එල්ල කළත් සිය පක්‌ෂය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාත්, ජිනීවාත් එක්‌ පසෙක තබා සහ අපේ රටේ ජනතාව අනෙක්‌ පස තබා නිවැරදි බෙදුම් රේඛාව හඳුනාගෙන කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

හෙතෙම එම අදහස්‌ පළ කළේ දෙස්‌ විදෙස්‌ වාර්තාකරුවන්ගේ සංසදයේ නියෝජිතයන්ගේ හමුවක්‌ පෙරේදා (24 දා) කොළඹ ටාඡ් සමුද්‍රd හෝටලයේදී පැවැති අවස්‌ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අනුර කුමාර දිසානායක මහතා - 

වර්තමානයේදි ආණ්‌ඩුව රට විශාල ආර්ථික අර්බුදයකට ලක්‌කොට තිබෙනවා. ඔවුන් ජනමාධ්‍ය වෙත දැඩි බලපෑමක්‌ එල්ලකොට මර්දනය කොට තිබෙනවා. නීතිය යනු වත්මන් ජනාධිපතිවරයාගේ කැමැත්ත බවට පත්වී තිබෙනවා. යුද්ධයෙන් පසු ආණ්‌ඩුව විසින් අනුගමනය කරන ලද වැරදි ප්‍රතිපත්ති නිසා තවමත් උතුරේ ජනතාවට සිවිල් අයිතිවාසිකම් තහවුරු වී නෑ. තව තවත් එම පළාත්වල ජනතාව පීඩාවට පත්කරමින් තිබෙනවා. කොටියා, ත්‍රස්‌තවාදියා, කුමන්ත්‍රණ, යුධ සැමරීම් යන වචන ආණ්‌ඩුව තමන්ගේ වචන මාලාවෙන් ඉවත් කර ගත්තේ නැහැ. හමුදාව කඳවුරුවලට කැඳවමින් උතුරේ සිවිල් පාලනය තහවුරු කළ යුතුව තිබුණත් ආණ්‌ඩුව එය කළේ නැහැ. එපමණක්‌ නොවේ ආණ්‌ඩුව එම පළාත්වලට සංස්‌කෘතික ආක්‍රමණයක්‌ දියත් කළා. උතුරේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය නොවිස¹ තිබියදී සිංහල ජනතාව එම ප්‍රදේශවල පදිංචි කළා. අවතැන්වූවන්ගේ ප්‍රශ්න, අතුරුදන්වූවන්ගේ ප්‍රශ්න, අත්අඩංගුවට පත්වූවන්ගේ ප්‍රශ්න විසඳන්න ආණ්‌ඩුව කටයුතු කළේ නැහැ."

"ඇමරිකාවට දේශපාලන න්‍යායපත්‍රයක්‌ තිබෙනවා. ඒ නිසා ඔවුන් එම අරමුණ ඉටුකරගැනීම වෙනුවෙන් විවිධාකාරයේ මුහුණුවරින් රටවල් තුළට ඇතුල් වෙනවා. එය අප අනුමත කරන්නේ නැහැ. පසුගිය කාලයේ ආණ්‌ඩුව අධිකරණයට අත තැබුවේ, අගවිනිසුරුවරිය තනතුරින් පහ කළේ, හලාවත, කටුනායක රතුපස්‌වල ජනතාවට වෙඩි තැබුවේ ජනතාව වෙනුවෙන් නොවේ. ජනාධිපති රාජපක්‌ෂ මහතාගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන්. එම තත්ත්වයන් අද ඇමරිකාවට අපේ රටට ඇතුල්වීමට ඉඩ විවර කොට තිබෙනවා.

ජිනීවා ප්‍රශ්නයේදී ප්‍රධාන බෙදීම් දෙකක්‌ තිබෙනවා. පිරිසක්‌ ජිනීවාවලට එකඟවෙමින් මහින්ද රාජපක්‌ෂට ප්‍රහාර එල්ල කරනවා. තවත් පිරිසක්‌ මහින්ද රාජපක්‌ෂ වැළඳගනිමින් ජිනීවාවලට ප්‍රහාර එල්ල කරනවා. ජනතා විමුක්‌ති පෙරමුණ නිවැරදි බෙදුම් රේඛාව හඳුනාගෙන තිබෙනවා. අපි බෙදුම් රේඛාව සටහන් කරන්නේ මහින්ද රාජපක්‌ෂත්, ජිනීවාත් එක පසෙක තබා සහ අපේ රටේ ජනතාව අනෙක්‌ පස තබලයි."

ඉන්දියාව අපේ රටට ඉතාම ළඟ සංස්‌කෘතික සමීපතාවයක්‌ තිබෙන රටක්‌. නමුත් ඉන්දියාව පසුගිය කාලයේ බරපතළ ඓතිහාසික වරදක්‌ කළා. අවි ආයුධ ලබාදෙමින් මේ රටේ බෙදුම්වාදී කණ්‌ඩායමක්‌ පෝෂණය කළා. එයින් දහස්‌ ගණනක්‌ ජීවිත අපිට නැතිවුණා. නමුත් 1997 දී බැංගලෝර්වල තිබුණු සමුළුවකදී ඩික්‌සිත් මහතා එම ක්‍රියාදාමයට උදව් කිරීම සාධාරණීකරණය කළා.

ඒ වගේම ඉන්දියාව අපේ රටේ ඇතිවන සියලු තත්ත්වයන් ඔවුන්ගේ ආර්ථික වුවමනාව වෙනුවෙන් උපයෝගී කරගත්තා. පසුගිය පොදු රාජ්‍ය මණ්‌ඩලිය සමුළුව පාවිච්චි කරලා සාම්පූර් ගිවිසුම අත්සන් කරගත්තා. එයින් ලංකාවට විශාල පාඩුවක්‌ අත්වෙනවා. සාම්පූර් ඉන්දියාවේ විශේෂ ආර්ථික කලාපයක්‌ වනවිට එහි සිටි දෙමළ ජනතාව අවතැන් කඳවුරු 05 ක්‌ තුළට ගාල් කරනවා. ඒ නිසා අප ඉන්දියානු ජනතාවට කියන්නේ අපි දෙරටම අපේ අභිමානය, ගෞරවය රැකෙන රාජ්‍යයන් දෙකක්‌ ගොඩනැගිය යුතු බවයි."

 http://www.divaina.com/2014/02/26/news32.html
අධිකරණය වැනි අතිශය සංවේදී වැදගත් ක්‍ෂේත්‍රයකට අදාළ අමාත්‍යාංශයක්‌ අන්තවාදී දේශපාලකයන්ට ලබාදීම පිළිබඳ රජය නැවත සලකා බැලිය යුතු බව ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටී.

රජය මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු යෑයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (25 දා) "දිවයින" ට සඳහන් කළේය.

නීති ක්‍ෂේත්‍රය මුස්‌ලිම්කරණය කිරීමේ හකීම්ගේ කුමන්ත්‍රණය පරාජය කළ යුතු බවත් අදාළ විෂය භාර ඇමැතිවරයා විසින් සිදුකරගෙන යන මෙම වර්ගවාදී පිළිවෙත සිය අධිකරණ අමාත්‍යාංශයේ තනතුරු පිරිනැමීම, සාම විනිසුරු පත්වීම් ලබාදීම ඇතුළු සෑම අංශයක විශාල අසමතුලිතතාවක්‌ හටගෙන ඇති බවත් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ පැවැත්වූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී මුස්‌ලිම් සිසුන් ඇතුළත් කරගැනීම ඇතුළු අක්‍රමිකතා රැසක්‌ සිදුකර ඇති බවට අනාවරණය වීමත් සමඟ ඒ පිළිබඳ පරීක්‍ෂණ කරනවා වෙනුවට සිංහල සිසුන්ට යම් සහනයක්‌ ලබාදීමට කටයුතු කළ බවත් සිහිපත් කළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙවර ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස නීති විද්‍යාලයට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස පහත දමා ඇති බවත් පැවසීය.

සාමාන්‍යයෙන් නීති විද්‍යාලයට සිසුන් 225 ත් 250 ත් අතර පිරිසක්‌ බඳවා ගනු ලැබුවද මෙවර බඳවාගෙන ඇත්තේ ශිෂ්‍යයන් 177 දෙනකු බව පැවසූ හෙතෙම මෙම කප්පාදුව තුළින් සිංහල සිසුන්ට බලවත් අසාධාරණයක්‌ වී ඇති බව සඳහන් කළේය.

පවතින විෂය නිර්දේශය යටතේ පැවැත්වෙන අවසන් විභාගය මෙය බැවින් අසාධාරණයට ලක්‌ වූ සිසුන්ට නැවත විභාගය සඳහා පෙනී සිටිය නොහැකි බව සැලකිය යුතු කරුණක්‌ බවත් හෙතෙම පැවසීය.

http://www.divaina.com/2014/02/26/news29.html
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ මත්කුඩු ජාවාරම කරගෙන ගිය කුඩු රජකු වූ "කුඩු නුවන්" නමැත්තා සිටින ඩී වාට්‌ටුව ඊයේ (25 වැනිදා) බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සෝදිසි කිරීමේදී ත්‍රීඩී ජංගම දුරකථන සමඟ ජංගම දුරකථන 30 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කුඩු නුවන් නමැත්තා මත්කුඩු සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටී. ඔහු ත්‍රීඩී ජංගම දුරකථන තබාගෙන මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට බන්ධනාගාර බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත මෙම සෝදිසි මෙහෙයුම කර තිබේ.

මෙහිදී කුඩු නුවන් නමැත්තා සිටි කාමරය තුළ තිබී ත්‍රී ඩී ජංගම දුරකථනයක්‌, පුළුන් එබවූ මෙට්‌ටයක්‌ ද බුද්ධි අංශ භාරයට ගෙන තිබේ.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ක්‍ෂණිකව කළ සෝදිසි මෙහෙයුමේදී ජංගම දුරකථන 30 ක්‌ අත්අඩංගුවට ගෙන තිබෙන අතර දුරකථන වැඩි ප්‍රමාණයක්‌ සිවිලිම මත සඟවා තිබියදී සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් ජංගම දුරකථන පරීක්‍ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට සැකකරන නිලධාරීන් කිහිපදෙනකු සමඟ එස්‌. එම්. එස්‌. මගින් පණිවුඩ හුවමාරු කරගත් තොරතුරු ද හෙළි වී තිබේ.

කුඩු නුවන් නමැත්තාගේ උපදෙස්‌ මත බන්ධනාගාරයේ සිට අධිකරණවලට සහ බන්ධනාගාරයෙන් පිටත වැඩවලට රැගෙන යන රැඳවියන්ගේ රහස්‌ ප්‍රදේශවල සඟවා බන්ධනාගාරයට රැගෙන එන මත්කුඩු බන්ධනාගාරය තුළ අලෙවි කරන බව හෙළි වී තිබේ. ජාවාරමේ දිනක ආදායම ලක්‍ෂ දෙකක්‌ පමණ වන බව බුද්ධි අංශ නිලධාරීන්ට දැනගැනීමට ලැබී ඇත. එම මුදලින් යම් ප්‍රමාණයක්‌ බන්ධනාගාර නිලධාරීන්ට ද ලබාදෙන බවට තොරතුරු හෙළිව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණයක්‌ ද ආරම්භ කර තිබේ.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ උපදෙස්‌ මත බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකර වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


http://www.divaina.com/2014/02/26/news06.html


තොපිට ඇත්ත කියන්න අපි බැඳිල නෑ 

අපරාධ නඩු අධ්‍යක්ෂ 
තමන්ට පිස්තෝලයක් ගෙනැවිත් දී එය පාවිච්චි කරන හැටිත් කියා දුන්නද?
රෝහණ විජේවීර 
ලොකු අතුල යම් යම් දේවල් කියා දුන්නා.

අපරාධ නඩු අධ්‍යක්ෂ 
ඒ කියන්නේ අවස්ථාව ලැබුණම තමුන් එය පාවිච්චි කරන්න බලාපොරොත්තු වුණා?
රෝහණ විජේවීර 
නැත්නම් එය තියාගෙන වැඩක් නැහැනේ.

අගවිනිසුරු 
1968 ඉඳලා ආයුධ රැස් කරමින් සිටි බව තමා දැනගෙන සිටියද කියන එකයි ප්‍රශ්නය.
රෝහණ විජේවීර 
සිරිවර්ධන ළඟ ආයුධ වගයක් තිබිලා අහුවෙලා තිබුණා. ඔහු එය පිළිඅරගෙන ඒ උඩයි මා එසේ කියා තිබෙන්නේ.
අගවිනිසුරු 
ඒ කියන්නේ 1970 මැතිවරණයට පෙරත් ටික දෙනෙක් හෝ වේවා ආයුධ බෝම්බ රැස් කළා කියන කතාව.

රෝහණ විජේවීර 
බෝම්බ ගැන මෙතැන සඳහන්වෙලා නැහැ. තමුන්නාන්සේලාට ආයුධ කියන වචනය බෝම්බවලට සමාන වුණාට මට ආයුධ කියන වචනය බෝම්බවලට සමාන නැහැ.
අපරාධ නඩු අධ්‍යක්ෂ 
තමා පුන පුනා කියා තිබෙනවා කියන්නේ ඇත්ත කියලා.
රෝහණ විජේවීර 
ඉයන් වික්‍රමනායකත් පොලිස් නිලධාරිනුත් මිනිස්සු කීප දෙනෙක් ගෙනත් බොරු කියවන විට මට මම කියන දේ ඇත්ත බව පුන පුනා කියන්න සිදු වුණා. ලොකු අතුල කියන්න සූදානම් වෙලා හිටියේ විජේවීර කියන්නෙ උපදින්නත් ඉස්සර හිටන් ආයුධ එකතු කරපු මිනිහෙක් කියන්න. එතකොට වික්‍රමනායක මහතාත් අන්න ඒක තමයි ඇත්ත කියනවා.

අලස් විනිසුරු 
එහෙම කිව්වා නම් තමුන්ට කතා නොකර ඉන්න තිබුණා.
රෝහණ විජේවීර 
මම කතා නොකර සිටි නිසා තමයි අපේ මිනිස්සු ටිකත් ගෙනත් ඉස්සරහට දැම්මේ.
දෙහෙරගොඩ විනිසුරු 
1970 මැතිවරණයට පෙර ආයුධ එකතු කළ බව තමා දැනගෙන හිටියා. නමුත් මැතිවරණයෙන් පස්සේ ආයුධ එකතු නොකරන ලෙස තමා ඔවුන්ට කියා සිටියා.
රෝහණ විජේවීර 
මම සාක්ෂියෙදි එහෙම දෙයක් කිව්වෙ නැහැ.

දෙහෙරගොඩ විනිසුරු 
ඔබ කිව්වා එක්කහු කරපුවා තියා ගන්න. තවදුරටත් එක්කහු කරන්න එපා කිව්වා කියලා.
රෝහණ විජේවීර 
මගෙන් ඔය ප්‍රශ්නය ඇසුවා. ඒක වැරැදියි. එහෙම කර නැහැ කියලා. සිරිවර්ධන සහෝදරයා ළඟ ආයුධ තිබුණා කියල ස්ටේට්මන් එකේ ප්‍රකාශය පිළිඅරගෙනයි ආයුධ තිබුණු බව ඔහු කියන්නේ. මාතර කෙනෙක් ළඟත් ආයුධ වගයක් අල්ලලා තිබුණා. එහෙම එක්කෙනෙක්, දෙන්නෙක් එකතු කර තිබුණා. ඒවා ව්‍යාපාරයේ  අනුදැනුම මත සිදුවූ දේ නෙවෙයි.
මා දැන් දන්නවා මාතර එක බොරුවක්. පොලිසිය බොරු නඩුවක් දාලා. ඒක බොරුවක් බව ඔප්පු වෙලා ඒ පුද්ගලයා නිදහස් කරලා.

අපරාධ නඩු අධ්‍යක්ෂ 
තමා කියා සිටින්නේ පුද්ගලයන් කීප දෙනෙක් සී. අයි. ඩී. නිලධාරීන් සමඟ ඇවිත් බොරු කියද්දී තමා ඇත්ත කියන්න උත්සාහ කළ බවද?
රෝහණ විජේවීර 
මම උත්සාහයක් දැරුවා කියන එක.
විමලරත්න විනිසුරු 
ඔය කියන්නෙ කරන්න දෙයක් නැතිව බොරුවලට එකඟ වුණා කියලද?
රෝහණ විජේවීර 
නැහැ මම එහෙම නෙවෙයි කියන්නේ. මේ ගොල්ල ගියහම මම දැන ගෙන සිටියේ නැහැ. මේ ගොල්ල හතුරාගේ පැත්ත අරගෙන සම්පූර්ණයෙන්ම හතුරගෙ ඒජන්තයො වෙච්ච බවක්. ඒක දන්නේ නැති වෙලාවේ මම හිතුවා මේ ගොල්ලො මේ අමාරුවෙ වැටිලා යම් යම් දේවල් බොරුවට හරි පිළිඅරගෙන ඇති කියලා. මමත් ඉස්සෙල්ලාම මුලදී යම් යම් දේවල් පිළිගත්තා. ඔවුන් මගේ ඉදිරියේ කියපු දේවල් මම පිළිගත්තා බොරු. ඊට පස්සේ මට තේරුම් ගියේ ඔවුන් වැටිලා බව.

විමලරත්න විනිසුරු 
ඔය දිග කතාන්තර කියන්නේ නැතිව ඒ ගොල්ලන් අහන ප්‍රශ්නවලට එහෙමයි ස්වාමීනි, කියලා කිව්වනම් ඇති නේද?
රෝහණ විජේවීර 
මම නම් කවදාවත් එහෙමයි ස්වාමීනි කියලා කිව්වෙ නැහැ. ‘ඇත්ත’ පත්තරකාරයා නම් දමල තියෙනවා. ‘එහෙමයි සර්’ කිව්වා කියලා. ඔය සාක්ෂියෙ කිසිම තැනක මම ඉයන් වික්‍රමනායකටවත් පොලිසියෙ කාටවත් සර් කියලා නැහැ. කොන්ද පණ නැති ‘ඇත්ත’ පත්තරකාරයො නම් යනවා ආණ්ඩුවට සර්, මැඩම් කියාගෙන. මම නම් කිසිම තැනක සර් කියන්නවත් ස්වාමීනි කියන්නවත් යන්නේ නැහැ. ධනපති පන්තියේ නියෝජිත හැතිකරයට මම කවදාවත් ස්වාමීනි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

විමලරත්න විනිසුරු 
එහෙයි සර් කියලවත් කිව්වෙ නැද්ද?
රෝහණ විජේවීර 
මම කවදාවත් එහෙම කියල නැහැ. ටේප් එක දාලා පෙන්නන්න එක තැනක එහෙම තැනක් තියනවානම්. නමුත් ඇත්ත පත්තරකාරයෝ ජනතාවට බොරු පිට බොරු කියනවා. අපව දේශපාලන වශයෙන් ජනතාව ඉදිරියේ වැරැදිකාරයෝ කරන්න. නමුත් කවදාවත් ඔවුන්ට ඒක කරන්න බැහැ.

තාමෝදරම් විනිසුරු 
‘ඇත්ත’ කියන එකෙන් අදහස් වෙන්නේ ඇත්ත කියනවා කියන එක නේද?
රෝහණ විජේවීර
ඔව් ලෙනින් සහෝදරයා ‘ප්‍රවුඩා’ පුවත්පත පටන් ගන්න කොට එයට නම දුන්නේ ඇත්ත කියන තේරුමෙන් නමුත් ‘ප්‍රවුඩා’ පුවත්පත කලක් ඇත්ත කිව්වා. නමුත් මේ ඇත්ත පත්තරේ එහෙම නෙවෙයි.

අගවිනිසුරු 
ඇත්ත කිව යුතුයි.
රෝහණ විජේවීර 
හැම තත්ත්වයක් යටතේම ධනපති පන්තියටත් ඔවුන්ගේ ඒජන්තයන්ටත් ඇත්ත කියන්න අපි බැඳිලා නැහැ.
අපරාධ නඩු අධ්‍යක්ෂ 
තමන් අපහාසයට ලක් කරපු කිසිම කෙනෙක් නැහැ වගේ තමන්ගේ සාක්ෂිය දිහා බැලුවම.
රෝහණ විජේවීර 
ධනපති පන්තියේ විවිධ වෛවාරණ ආකාරයේ පුද්ගලයන් නිර්ධන පන්ති විප්ලවවාදීන් අපහාසයට ලක්කරනවා.

විමලරත්න විනිසුරු
‘ඇත්ත’ ධනපති පත්තරයක්ද?
රෝහණ විජේවීර
නැහැ. මේ සැරේ ඔවුන් ආයෙත් සාරි පොටේ එල්ලෙන්න යනවා.  

http://www.mawbima.lk/57-51631-news-detail.html


වන උද්‍යානවල සිදුවන නීති විරෝධී ක්‍රියා සොයන්න ගෙනා යානය අතුරුදන්

වන උද්‍යානවල සිදුවන නීති විරෝධී ක්‍රියා සොයා බැලීමට පසුගියදා මැලේසියාවෙන් වනජීවී අමාත්‍යංශය ගෙන්වන ලද නියමුවන් රහිත දුරස්ථපාලක සැහැල්ලු ගුවන් යානය (කේලමා) පාලන නිලධාරීන්ගෙන් මිදී යාල වනෝද්‍යානයේ කලාප අංක තුන ප්‍රදේශයේදී අතුරුදන්ව ඇති බව වනජීවී සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහා පැවැසීය.

මේ යානාවෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේදී සිදුකරන ලද සමීක්ෂණ කටයුතු සාර්ථක වී ඇති අතර ඉන් පසු ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේදී කරන ලද පරීක්ෂණ මෙහෙයුමකදී යානය පාලනයෙන් මිදී ගොස් ඇත.

යම් හෙයකින් යානය පාලනයෙන් මිදුනහොත් එය අදාළ රටේ නිශ්චිත ස්ථානයකට ගමන් කිරීම සඳහා යානාවට දත්ත කවා ඇති හෙයින් මැලේසියාව දෙසට ගමන් කරන්නට ඇතැයි වනජීවී අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙය සුළු සිදුවීමක් වන හෙයින් තවත් මෙවැනිම යානා වනජීවී අමාත්‍යංශයට ලබාගෙන වන උද්‍යානවල සිදුවන නීති විරෝධී ක්‍රියා සොයා බැලීමට යොදවන බවයි.

http://www.mawbima.lk/34-52092-news-detail.html
ශ්‍රී ලංකාවේ යුද්ධය අතරතුර දෙපාර්ශ්වය විසින් සිදුකරනු ලැබුවේ යැයි චෝදනා කරන යුද අපරාධ පිළිබඳ ශ්‍රී ලංකා රජය විශ්වසනීය පරීක්ෂණයක් සිදු නොකිරීම හේතුවෙන් යුද අපරාධ ගැන සෙවීම සඳහා අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ මහත්මිය ප්‍රකාශ කර තිබේ. පෙරේදා (24දා) ජිනීවාහි පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති පරිදි දේශීය යාන්ත්‍රණයක් මඟින් කිසිදු චෝදනාවක් සොයා බලා නොමැති නිසා සත්‍ය තහවුරු කරගැනීම වෙනුවෙන් ස්වාධීන අන්තර්ජාතික යාන්ත්‍රණයක් සැකැසිය යුතු බව පිල්ලේ මහත්මිය අවධාරණය කර ඇත.

රොයිටර් පුවත් සේවය වර්තා කර ඇති පරිදි පිල්ලේ මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ 25 වැනි මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාවෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලීමේ යෝජනාව ගෙන ඒමට නියමිතය.

පිල්ලේ මහත්මියගේ ප්‍රකාශය ශ්‍රී ලංකා රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ එය හිතුවක්කාර දේශපාලනික ප්‍රකාශයක් බවයි.
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනකුගේ ඝාතනය මුතූර්හි සහන සේවකයන් 17 දෙනාගේ ඝාතනය වැනි සිද්ධීන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා රජය යම් පමණකට උත්සාහ ගනු ලැබුවත් එය තමන් පරීක්ෂණයක් සිදුකරනු ලබන බවට ලෝකයට ඒත්තු ගැන්වීම සඳහා කෙරෙන්නක් බව සඳහන් කර ඇති මානව හිමිකම් කොමසාරිස්වරිය එම කිසිදු පරීක්ෂණයක් මඟින් වරදකරුවන්ට දඬුවම් ලබාදීමක් සිදුවී නොමැති බව පෙන්වා දී තිබේ.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේදී හෙළි වූ සිවිල් ජනයා මතට ෂෙල් වෙඩි එල්ලවීම වැනි කරුණු පිළිබඳ සෙවීම ප්‍රතික්ෂේප කරගත් වුවමනාවෙන්ම මඟහැර ඇතැයිද පවසා ඇති ඇය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට එරෙහිව යුද අපරාධ හෝ වෙනත් මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා නැති බවද ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සමහර භික්ෂුන් වහන්සේ විසින් සුළු ජනවර්ගවලට අයත් ආගමික මධ්‍යස්ථානවලට කරන හිරිහැරද මාධ්‍යවේදීන් නීතිඥයන් හා සිවිල් ක්‍රියාකාරකයන් හට සිදුවන හිරිහැර ඇගේ වාර්තාවෙන් පෙන්වා දී ඇති බව රොයිටර් වාර්තාවේ සඳහන් කර තිබේ.

http://www.mawbima.lk/34-52170-news-detail.html


UNP එකට නිළියෝ සප්ලයි කරන ගෑණු කිචා කවුද?

ඔන්න පුතෝ මේ පාර එසේ මෙසේ ආරංචියක් නෙවෙයි සෙට් වුනේ සුපිරි ගණයේ සපයන්නෙක් ගැන. සපයන්නෙක් කිවුවම මොනවද සපයන්නේ......ලේසි නෑ පුතෝ නිළියෝ.... නිළියෝ. එතකොට මේ නිළියෝ ගන්නේ කවුද වෙන කවුද ඉතින් දුම්මල ගහලවත් එලවන්න බැරි නායකත්වයක් තියෙන එක්සත් ජාතික පක්ෂය. හරි....... ෂෝයි...නේ.....

UNP එකට මේ නිළියෝ සප්ලයි කරන මහත්තයා....... බොරැල්ල පැත්තේ ඇඩ් ඒජන්සියක් කරගෙන යන හාදයෙක්. හැබැයි ඉතින් පොර ඇඩ් ඒජන්සිය කියල කරන්නේ එජාපෙට නිළියෝ සප්ලයි කරන එක කියල තමයි අපිට ආරංචිය. දන්නවනේ ඉතින් එතකොට ඇඩ් ඒජන්සිය මොනවගේ පොට් එකක් වෙනවද කියල ......

ලැජ්ජයි මේවා කියන්න එත් ඉතින් ආරංචිය හරියට කියන්න එපැයි. මේ සප්ලයි මහත්තය මිට කලින් එතුමා ජීවිකාව කරගෙන හිටපු තැන් වලින් දොට්ට දැම්මලු. නිකන් නෙමෙයි "ගැණු කිචා"කියල නමකුත් එක්කම.

මේ ගෑණු කිචා මහත්තය නිසා එජාපෙ ලොකු ලොකු පුටුවලත් අවුල් ගිහින්ලු, මොකද මේ එළඹෙන ඡන්දෙට ඇහින්දාස් බච්චි නිළියෝ සප්ලයි කරලා තියෙන්නේ මේ මහත්තය කියල සීන් එක චාටෙර් වෙච්ච නිසා.

ඒවගේම ඉතින් ඇඩ් ඒජන්සියක් කරනව වගේද මල්ලි නිළියෝ ඩීල් කරන එක සල්ලි තමා. සල්ලි කියන්නේ මේ මහත්තය සල්ලි ගන්නෙත් නිළියෝන්ගේන්මලු.
ඒ වුනාට මේ මහත්තය කතා කරන්නේ ස්ත්‍රී විරෝධී කාරණා වලට විරුද්ධවමලු. ඒ වුනාට මහත්තයගේ රස්සාව නිළියෝ විකුණලා ඒ නිළියෝන්ගේන්ම සල්ලි ගන්න එක. චාටර්නේ.........
හක්කේ බුදු රැස්‌ මේ මහත්තය කන්නෙම දඩ මස්.

http://www.mawbima.lk/98-50936-news-detail.html


පෙළපාළි නෑ උද්ඝෝෂණ නෑ දේශපාලනය එපා - බොදු බල සේනාවෙන් ප්‍රතිඥා
* බෞද්ධ භික්‍ෂුන් වහන්සේ පක්‍ෂ දේශපාලනයට යෑම නොකළ යුතුයි.
* මින් ඉදිරියට බොදු බල සේනාව පෙළපාළි,

උද්ඝෝෂණ කරන්නේ නැහැ.

* අපි බුදුරදුන්ගේ කාලයටත් වඩා එහාට ගොස් තලේබාන්වරු වෙන්න සුදුසු නැහැ.

බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එසේ සඳහන් කරමින් දේශපාලනය ඉතා වැදගත් බැවින් අප කළ යුත්තේ දේශපාලනයට අවශ්‍ය මිනිසුන් තනන එක මිස අපි දේශපාලනයට යන එක නෙවේ යැයි පවසති. බොදු බල සේනා මූලස්ථානයේදී ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ ඥානසාර හිමියෝ හාමුදුරුවරු ස්වල්ප දෙනෙක් කරන අකටයුතු වැඩ නිසා මේ රටේ මිනිසුන්ට බුද්ධාගම එපාවන තත්ත්වයට පත්ව ඇතැයිද පැවැසූහ.

අමරපුර සංඝ සභාවේ එක් පාර්ශ්වයක් එම පාර්ශ්වයට අයත් භික්‍ෂුන් වහන්සේට දේශපාලනය කිරීම තහනම් කර ඇති බව මාධ්‍යවේදියකු විසින් පෙන්වා දුන් අවස්ථාවේ ඥානසාර හිමියෝ ඉහත ප්‍රකාශය කළහ.

අමරපුර සංඝ සභාවේ එක් පාර්ශ්වයක් ගෙන ඇති එම තීරණය වැදගත් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
බොදු බල සේනාවෙන් ඉවත් කළ බව පවසමින් එක්තරා භික්‍ෂුන් වහන්සේ නමක් සී.ඩී. පටයක් මඟින් ජනතාවත්, මාධ්‍යයත් නොමඟ යවමින් කටයුතු කරන බවද එම භික්‍ෂුන් වහන්සේ බොදු බල සේනාවට අයත් නොවන බවද ඥානසාර හිමියෝ පැවැසූහ.

දරුණු ගණයේ අපරාධකරුවකු ගැන හෙළිදරව් කිරීමට මේ මාධ්‍ය හමුව කැඳවූ බව සඳහන් කළ ඥානසාර හිමියෝ භික්‍ෂු වෙස් අරගෙන සොරුන්, අපරාධකාරයන්, කොල්ලකාරයන් සිටින බවද එය මැඬපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවද කීහ.
එම පාපී පුද්ගලයා දිගින් දිගටම වධ දුන්නා. ඔහු නිකුත් කළ වීඩියෝ එකේ තියෙනවා. බොදු බල සේනාව කුලභේදය නිසා ඔහු එළවා දැමුවා කියල. බොදු බල සේනාවේ කුල භේදයක් නැහැ. මේ පුද්ගලයා දැන් කලපළුවාවේ පුරාණ විහාරයට ගොස් එම විහාරස්ථානයේ දායකයන් නොමඟ යවමින් කටයුතු කර පන්සල් අතර භේද ඇතිකර තිබෙනවා යැයිද උන්වහන්සේ පැවැසූහ.

මර්වින් සිල්වා ඇමැතිතුමා බාප්පා බව ඔහු පවසනවා. තවත් ඇමැතිවරුන්ගේ, නිලධාරීන්ගේ නම් විකුණනවා. මේව මොන විදියට ක්‍රියාත්මක කරනවද කියල අපි දන්නෙ නැහැ. මොහු අවුරුදු පහේ, හයේ පුංචි ළමයි දසදෙනෙක් විතර සිවුරු පොරවා ආධාර එකතු කිරීමට යොදා තිබෙනවා. කලපළුවාව පුරාණ විහාරස්ථානයේ දායිකාවක්් මුළාකර ඇය සතු ඉඩමක් ලියවා උකසට තබා මුදල් ලබාගෙන තිබෙනවා. මේ පුද්ගලයා ඒ ප්‍රදේශයේ අයගෙන් ශීතකරණ තුනක් ලබාගෙන විකුණලා. නුවරඑළියේ වටරැක ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකින් කෝටියක පමණ වටිනා ඉඩම් පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගෙන තිබෙනවා. ඒවායේ ඔප්පු මා ළඟ තිබෙනවා යැයිද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

සිවුරු පොරවාගත් මොහුට විරුද්ධව ජනාධිපතිතුමාට, බුද්ධ ශාසන ඇමැතිවරයා හැටියට අගමැතිතුමාට, පොලිස්පතිතුමාට, දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දුන්නත් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නැහැ. මොහුට විරුද්ධව ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරනවා. මේ අහිංසක ළමයි යොදාගෙන සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතුයි ඥානසාර හිමියෝ කීහ.
හිත හොඳ හාමුදුරුවෝ නමින් කටයුතු කරන ඔහු ත්‍රිරෝද රථ පහක් එක් එක් අයට ලබාදී ඇති බවටද තොරතුරු වාර්තා වී ඇතැයිද උන්වහන්සේ පැවැසූහ.
කලපළුවාව සුදර්ශනාරාම විහාරාධිපති උළුවිටියේ අනුරුද්ධ, බොදු බල සේනා ජාලයේ සංවිධායක ඇඹිලිපිටියේ විජිත හිමිවරුද මෙහිදී අදහස් පළ කළහ.

http://www.mawbima.lk/86-52166-news-detail.html

Sunday, February 23, 2014

ෆේස්බුක් කියූ පමණින් එය මේ ලොව නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒ තරමට ෆේස්බුක් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වී තිබෙනා මාධ්‍යයකි.තම මිතුරුදම අලුත් කර ගැනීමටත්, කෙටිකාලයක් තුළ තම සැපදුක් බෙදාහදා ගැනීමටත් බොහෝ පිරිස් ෆේස්බුක් භාවිත කරනු ලබයි. එහෙත් ශ්‍රී ලංකාව තුළ නම් ගෙවී ගිය කාලය තුළ ෆේස්බුක් පිළිබඳ යහපත් කතා අසන්නට ලැබුණේ නැත.
එයට හේතුවූයේ ෆේස්බුක් හරහා පවුල් ආරවුල් ඇතිවීම, පාසල් දරුවන් අධ්‍යාපන කටයුතු අතපසු කරගැනීම, විවිධ වංචා දූෂණ ක්‍රියා සිදුවීම නිසාය. මෑත කාලයේදී මේ තත්ත්වයෙන් ඔබ්බට යමින් ජීවිත තුනක් අහිමිව යන තත්ත්වයට ෆේස්බුක් මාරයෙකු වී ඇත.
එහිදී එක් පාසල් ශිෂ්‍යාවක්, දෙදරු මවක් හා විවාහ වීමට සිටි තරුණියක්ද විය. මේ නිසා ෆේස්බුක් භාවිතය පිළිබඳව 'අද' ශ්‍රී ලංකා තරුණ නීතිඥ සංගමයේ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණ නිතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා සමග කතාබහක නිරත විය.

අන්තර්ජාලය හරහා ෆේස්බුක් ජාලයට සම්බන්ධවීම සම්පූර්ණයෙන් අඩාල කිරීමට රාජ්‍ය වශයෙන් ක්‍රියාමාර්ග ගත හැකිද?

එයට දිය හැකි ඍජු පිළිතුර තමයි 100%ක්ම බැහැ කියන එක. ඊට හේතුව තමයි අද වනවිට ලෝකයේ වැඩිම ජනගහනයක් තියෙන රටක් ලෙස හඳුන්වන්නත් පුළුවන් ඔය ෆේස්බුක් වෙබ් අඩවිය.  මෙවැනි තත්ත්වයක් තුළ එක සැරේම ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කිරීමට යම්කිසි රජයක් හෝ පරිපාලනයක් ක්‍රියාමාර්ග ගතහොත් එය බරපතළ සමාජ අර්බුදයක් බවට පත්විය හැකියි. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි පිහියක් ගත්තම පාන් කපන්නත් පුළුවන්, බෙල්ල කපන්නත් පුළුවන් කියන එක. ඒ නිසා මෙතනදී යම්දේක හොඳ හා නරක කියන දෙක වෙන්කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම තමයි රාජ්‍යතන්ත්‍රය කළ යුත්තේ.

ෆේස්බුක් වෙබ් අඩවිය හොඳ හා නරක වෙන්කරගෙන භාවිතයට ගන්න පුළුවන් දෙයක්ද?

ෆේස්බුක් කියන්නේ අද වනවිට ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගිය සමාජජාල වෙබ් අඩවියක් කියලා හඳුන්වා දිය හැකියි. හොඳ නරක කියල ගත්තම සමාජය එක පවුලක් ලෙස ගොඩනගන්න මේ ට්වීටර්, ෆේස්බුක් වගේ වෙබ් අඩවි හේතුසාධක වෙලා තියෙනවා. හොඳ ගැන එහෙම බලද්දී ලංකාව වගේම විදේශයන් තුළත් ‍ෆේස්බුක් හා ට්වීටර් හරහා සමාජ ඛේදවාචක සිදුවෙලා තියෙනවා.
මෙහිදී මා දකින ප්‍රධාන දෙයක් වන්නේ වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට ෆේස්බුක් හරහා නිදහසේ සැරිසැරීමට ඉඩ ලබාදීම තමයි බොහෝ සමාජ ඛේදවාචකයන්ට හේතුවෙලා තියෙන්නේ. ඒ නිසා අපි මෙයට යම්කිසි බ්ලොක් කිරීමක් එහෙමත් නැත්නම් අර්ධ වශයෙන් තහනම් කිරීමක් කරනවා නම් එය කළ යුත්තේ ඉලක්කගත පාර්ශ්වයක් වන ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වයස අවුරුදු 18 ට අඩු පරිපූර්ණ මනසකින් නොවන දරුවනුයි. පාසල් දරුවෙක් ගත්තම සමාජීය අත්දැකීම් හරිම අඩුයි. පසුගිය කාලේ වුණ ඛේදවාචක බැලුවම ඒවාට ගොදුරු වෙලා තියෙන්නේ පාසල් වයසේ කුඩා දැරිවියන්.

ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා සිදුවන අපචාර වලට එරෙහිව අධිකරණ පිහිට පැතිය හැකිද?

මේක තමයි අපේ නීතියේ තිබෙන අඩුපාඩුව. මේවායෙන් වන හානි සඳහා වන්දි ලබාගැනීමේ ඍජු ප්‍රතිපාදන තවමත් ලංකාව තුළ නැහැ. පසුගිය කාලේ බිහිවෙලා තිබුණා පෞද්ගලික ආයතනයක්, ෆේස්බුක් හරහා ව්‍යාජ නම් යොදාගෙන සිටින අයව හසුකර ගැනීම සඳහා ක්‍රමවේද සකසන. මේ තියෙන ප්‍රශ්න හරහා සමාජ ජාල වෙබ් අඩවි වෙනුවෙන් වෙනමම නීති රීති හදලා අලුතෙන්ම පනතක් සැකසීමේ අවශ්‍යතාව මතුවී තිබෙනවා කියල කියන්න පුළුවන්.

ෆේස්බුක් ගිණුම් වලට ඇතළත් කරන ලද ඒවා නීතිමය සාක්ෂි ලෙස භාවිතයට ගත හැකිද?

නීතිමය සාක්ෂි ලෙස ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි එතැනදි ඇතිවන ගැටලුව තමයි පරීක්ෂණවලදී ක්‍රම කිහිපයක් හරහා තහවුරු කරගැනීමට අවශ්‍ය වීම. උදාහරණ ලෙස ඔබගේ නම භාවිත කර ව්‍යාජව ගිණුමක් සකස්කර ඔබ විදිහට ‍ෆේස්බුක් පිටුවට වෙන අයෙකුට සම්බන්ධවීමේ හැකියාවක් තිබෙනවා. එවිට නිසියාකාරව සම්බන්ධ වූයේ ඔබද කියලා තහවුරු කරගන්න වෙනවා තාක්ෂණික විශේෂඥයින් මාර්ගයෙන්. මොකද ඔවුන් විසින් අන්තර්ජාලයට සම්බන්ධ වූ පරිගණක ඇත්තේ නිවසේද වෙනයම් ස්ථානයකින්ද යන්න සොයා බැලිය යුතුයි

ෆේස්බුක් පිටුවකට ඇතුළත් කරන ඡායාරූපයක් විකෘති ලෙස භාවිත කිරීමට නීතියෙන් හැකියාවක් තිබෙනවාද?

කාටවත් එහෙම කරන්න අයිතියක් නැහැ. එහෙම කරලා තියෙනවා නම් පවතින නීතිය යටතේ, තමන්ට හෙළිදරව් කරගැනීමට හැකියාවක් තියෙනවා නම් කවුද මේක කළේ කියලා පොලීසියට ගිහින් පැමිණිලි කළ හැකියි. ඒ වගේම අන් පුද්ගලයෙකු ලෙස පෙනී සිට තමන්ගේ කීර්තිනාමයට හානිකර ලෙස යමෙකු කටයුතු කරනවා නම් ඒ පිළිබඳව පවතින නීතිරීති යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්න, වන්දි ලබාගන්න හැකියි. එසේම යම්කිසි අපරාධමය ක්‍රියාවක් සඳහා පරිගණකය යොදාගැනීම වගේ චෝදනාවකදී නීතිමය පියවර ගැනීමේ අවස්ථාව හිමිවෙනවා.

සමාජ ජාල වෙබ් අඩවි තුළින් සිදුවන අකටයුතුකම් වළක්වාගන්න මොනවගේ දේවල්ද රටක් වශයෙන් සිදුකළ යුත්තේ?

පළමුවැනි වගකීම තියෙන්නෙ අපිට. ඒ කියන්නේ මේ ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන්ට. මොකද මෙය යොදාගන්නෙ සමාජය අතරේ බැඳීම් හා සමාජ දැනුම ඇති කරගැනීමටයි. පළමු දේ තියෙන්නෙ භාවිත කරන්නා තමන් මෙය පරිශීලනය කරන්නෙ කුමන කාරණයකටද? හොඳටද? නරකටද කියන එක ඔහු හෝ ඇය විසින් තීරණය කළ යතුයි.
දෙවැනි කාරණය තමයි රජය හා පරිපාලන ආයතන තමන්ගෙ නීති පද්ධති නවාකාරයෙන් සකස්කරලා මේ සමාජ ජාල වෙබ් අඩවිවලින් මතුවන ප්‍රශ්නවලට මුහුණදෙන්නේ කෙසේද යන්න තෝරාගත යුතුයි. දෙමවුපියන්ට වගකීමක් තියෙනවා පාසල් දරුවෙකුට ඕනෑවට වඩා නිදහස ලබා නොදී සිටීමට. ඔවුන්ට නිදහස දෙන එක මානව හිමිකමක් නෙමෙයි. අපේ පුංචි කාලෙ අපි කොයිතරම් සමාජ නීතිරීතිවලට යටත්වෙලා විනයක් හික්මීමක් ඇතිව හැදුණද? අද දෙමවුපියන්ටත් ඒ නිසා ලොකු වගකීමක් තියෙනවා මේ ගැන.

නොදැනුවත්කම ෆේස්බුක් වල ප්‍රශ්න ඇතිවෙන්න ප්‍රධාන හේතුව වෙලා තියෙනවා

පරිගණක විද්‍යා පිළිබඳ ග්‍රන්ථ කර්තෘ රන්ගමිණි වීරවත්ත

"ෆේස්බුක් වගේ සමාජ ජාල සංකල්ප ගත්තම තරුණ දරුවන් කැමැතියි ඔවුන්ට සමාන රුචි අරුචිකම් දක්වන අයත් එක්ක සම්බන්ධ වෙන්න.  ඒ නිසා ෆේස්බුක් වගේ දෙයක් පාවිච්චි කරන එක ගැන දරුවන් දැනුවත් කරන එක තමයි මූලිකවම අවශ්‍ය වෙන්නෙ. මොකද තරුණ ළමයින්ට නීති දාන්න දාන්න ඔවුන් නීති කඩන්න තමයි උත්සාහ කරන්නෙ.
දෙමාපියන්ට ඕන නම් ෆේස්බුක් වගේ දේවල් බ්ලොක් කරන්න අද පහසුකම් තිබෙනවා.  ගෙදර පරිගණකයට මොනව කළත් අද වෙනකොට ජංගම දුරකථනයේ ඒ පහසුකම් ලබාදීලා තියෙනවා. ඒ නිසා මම හිතන්නෙ දරුවන් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවලට යන එක වළක්වනවාට වඩා ඒවායෙන් වන අනතුරු හා සිදුවිය හැකි ප්‍රශ්න හා ගැටලු ගැන දැනුවත් කරන එකයි සිදුකළ යුත්තේ.
අද ළමයි ගොඩක් බුද්ධිමත්. ඒ නිසා දරුවන්ට හොඳින් කියාදිය යුතුයි. පාසල්වලත් තොරතුරු තාක්ෂණ විෂයේදී මේ දේවල් කියාදිය යුතුයි. දරුවන් ෆේස්බුක් යන එක නවත්වන එක කළ යුතු නැහැ. මොකද තාක්ෂණයට දස්කම් තියෙන දරුවෙකුට ඒ දැනුම වර්ධනය කරගන්න හොඳ තැනක් තමයි සමාජ ජාල වෙබ් අඩවි.
අපි නීති දැම්මම වෙන්නෙ ළමයා ප්‍රශ්නවලින් බේරීම නෙවෙයි. ඔවුන් වෙනත් ක්‍රම හරහා හරි ඔවුන්ගේ උවමනා පිරිමහගන්න උත්සාහ කරනවා.  ලංකාවේ සමාජ ජාල ආශ්‍රිතව සිදුවන අපරාධ හා අකටයුතුකම් පිළිබඳ පැමිණිලි කිරීමට තිබෙන ආයතනය වන්නේ Computer Emergency Response Team (CERT)  ආයතනය.
ලංකාවේ කාටහරි සමාජ ජාලයක  අකටයුත්තක් වෙනවා නම්, ව්‍යාජ ගිණුමක් හදලා තියෙනවා නම් ඒ ගැන දැනුම්දෙන්න තියෙන ආයතනය තමයි මේක. ඔවුන්ගේ දත්ත අනුව 2008 අවුරුද්දෙ පරිගණක අපරාධ වාර්තා වීම් අතර, ව්‍යාජ ගිණුම් කියලා දෙයක් තිබුණෙ නැහැ. නමුත් 2009, 2010 වනවිට 2400කට වඩා ව්‍යාජ ගිණුම් සම්බන්ධ පැමිණිලි ලැබී තිබුණා.
සමාජ ජාලයක් කියන එකෙත් බිල්ඩින් බ්ලොක්ස් 7 ක් තියෙනවා. පළවෙනි එක අනන්‍යතාව. පුද්ගලයෙකුට හෝ ආයතනයකට ජාලගතවීම හරහා උදවු වෙන්නේ කොහොමද කියලා මේකෙන් බලනවා. තමන්ගේ  අනන්‍යතාව අඩු කරන්න වැඩි කරන්න හෝ වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටින්න තියෙන අවස්ථාවක් තමයි සමාජ ජාලය. මේවායේ සබඳතා ඇති කරන්න, කතාබහ කරන්න වගේ දේවල්වලට වෙනමම අවස්ථා උදාකරලා තියෙනවා. ඒවා හරියට පාවිච්චි කරන්නෙ  කොහොමද කියලා දන්න අය හරි අඩුයි. ෆේස්බුක් ගැන ප්‍රශ්න ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි නොදැනුවත් බව.

ඉන්දික හේවාවිතාරණ/ නදීශානි පතිරණ - ඡායාරූප ශමීර රාජපක්ෂ

http://ada.lk/article/5927/ෆේස්බුක් හානි සඳහා වන්දි ලබා ගැනීමට සෘජු ප්‍රතිපාදන නෑ 


රස කතාව මැද්දේ මං හිටියෙ නින්දේ

අපි හිටිය තැන ගැන කියලම වැඩේ පටන් ගමු... එතැන තිබුණා ලොකු මේසයක්... ඒක උඩ තිබුණා අපිව එහෙමපිටින්ම කණපිට හරවන්න දේවල් ගොඩක්... ඔබ දන්නවානේ ඒ මොනවද කියලා... ඒ නිසා මං අමුතුවෙන් කියන්න යන්නේ නෑ... කොහොමහරි අපි හිටිය තැන හිටිය දෙන්නගේ ජීවිතේ මාර පැත්තක් ගැන කියවන්න පටන් ගත්තා... අර ලොකු මේසේ උඩ මෙච්චර වෙලා නොඉඳුල්ව තිබුණු දෙක තුනක් දැන් ඉඳුල් වෙලා... ඒ ඉඳුල් වෙච්ච දුම අස්සෙන් අපේ කතාව ඔහේ ගලාගෙන යනවා... ඒ කතාවේ මාත් නොදන්නා ගොඩක් දේ ගැළපෙන්න පටන් ගත්තා... දැන් මට ඕනෑ කණපිට හැරෙන්නේ නැතිව ඉන්න... ඒත් ඒ වෙනකොට මාත් හිටියේ ඒ ගාණේ... මට ඇහිච්ච දේ නෙවෙයි මේ ලියන්නේ... මගේ රෙකෝඩර් එකේ රෙකෝඩ් වෙච්ච දේයි මං ලියන්නේ... ඒ මොකද දන්නවද... නෑනේ ඔබ... රෙකෝඩර් එක එහෙමම තියෙද්දී මං පුටුවක කට කපලා බුදි... ඇත්තටම නිදියගත්තෙ මං මොකද කියලා පස්සේ කියන්නම්... එතකම් රෙකෝඩර් එකේ රෙකෝඩ් වෙලා තියෙන කතාව අහමු...

කොහේ කියලද කිව්වේ...
තවම... පාලම ගාව කිව්වා... තව පැය භාගයක්වත් යයි කිව්වා... හැබැයි ඉතිං එනවා කිව්වොත් එනවාමයි උෟ...
කීයට හරි...
කීයට හරි කියන්නේ දැං උන් ඇවිත්නේ... හැබැයි එනවා... එළිවෙන්න පැයක් තියලා හරි එනවා...

එතකොට වැඩක් තියෙයිද...
ඇයි වැඩක් නැත්තේ... ගිනි කිකිළියෝ දෙන්නෙක් එන්නේ... එකක් ටැමිල්... අනෙක සිංහල... අර ඉස්සරහ බොන සෙට් එක ටැමිල් එක තමයි ඉල්ලන්නේ... උන්ගේ බොස්ටලු... මෙතැන නෙවෙයි ඉන්නවා කිව්වේ... උන්ගේ තැනකට අරගෙන යනවලු... මට රූම් දෙකක ගාණ දෙන්නම් කිව්වා...
රූම් දෙකක් කිව්වේ...

රූම් එකක් අටසීයයි... නයිට් එක... ඒ කියන්නේ හවස හයට ඇවිත් උදේ හත විතර වෙනකම්... මොකද අපිට බෑනේ කස්ටමර්ව කඩා ගන්න. සෙනසුරාදා, ඉරිදා, පෝය, නිවාඩු දවස්වලට ගාණ වැඩියි. පොළ, මාර්කට් එක... ගොවිතැනේ අය... මේ හැමතැනින්ම සෙනඟ එනවානේ...
හරි මොකක්ද අර කතාව අර හේන් වැඩ කරලා එන අයගේ... මෙහෙට ඇවිත් නවතින...

මෙහෙමයි මේක ජනාකීර්ණ නගරයක්නේ... එක එක අය එනවා ටවුන් එකට හැමදාම වගේ... එහෙම එන එක්කෙනෙක් ඉන්නවා මාස හයකට සැරයයි එන්නේ... පොර කරන්නේ ගොවිතැන්... මාස හයක්ම ඉන්නේ කැලේ... ඊට පස්සේ වගා නෙළලා අස්වනු විකුණලා ඒ සල්ලි අරගෙන තමයි මෙහේ එන්නේ... හිතන්නකෝ මාස හයක් විතර කැලේ ඉඳලා මෑන් එන්නේ ගිනි අරගෙන... ආව ගමන් අහන්නේ "මල්ලී නැද්ද බං මොකක්හරි" කියලා...
නෑ...
නෑ... නෙවෙයි... උඹ දැක්කා නම් මෑන් ඒක අහන හැටි පිස්සු හැදෙනවා...

ඒ කිව්වේ...
අහන්නේ බං අත් දෙකම දරදඬු කරලා, ඇස් ලොකු කරලා, තොල කට ලෙවකාලා මාර විදියට...

ඉතිං...
එහෙම පුළුවන්ද බං... බය වෙනවනේ... මරන්න හොයනවා වගේ අහන්නේ... දන්න කෙනෙක් වුණත් බයයිනේ... මේ යකාගේ තියෙන ගායට මොනවා හරි කළොත්... ඉතිං මං දන්නේ නෑ කියනවා... ඊට පස්සේ දන්නවද වෙන දේ...
නෑ...
මෑන් යනවා පහළ මේ පේන පොළට... සුදු ෂර්ට් එක අඳින්නේ... දෙදහේ කොළ මිටියක් පේන්න දාගෙන ඉන්නේ උඩ සාක්කුවේ... කොහොම හරි මෑන් අල්ලනවා පොළට ආව ගෑනු කෙනෙක්...
සිරාවට...

සිරාවට කියන්නේ පයින් මෙහෙට එන්නේ... උඹ කියන්නේ එළවළු මල්ල, මස්, මාළු බෑග් මේවාත් අරගෙන තමයි බං ඒ ගෑනු එන්නේ... උඹ කියන්නේ සමහර වෙලාවට මිනිහයි ඒවා උස්සගෙන එන්නේ... එක පාරක් මෑන් එල්ලගෙන ආවා පිටේ අරන් එන්නේ මෙහෙම... උරහිසේ මාළු ලේ... ඒකත් අරගෙනයි රූම් එකට යන්න හැදුවේ... මං බෑ කියලා අමාරුවෙන් බෑග් දෙක කුස්සියේ තියලයි ඩබල ඇතුළට යැව්වේ... එහෙම මෑන් ඉන්නවා ඇවිත් දවස් හතරක් විතර... වියදම් කරනවා ලක්‍ෂයක් හරි... හැබැයි බං අකුරක් ලියන්න බෑ... කියවන්න බෑ... ෆෝන් නෑ... ෆෝන් එකට කතා කරන්නත් බයයි උෟ... මිනිස්සු බං... තවමත් ඉන්නේ කැලේම තමයි...
මොන වගේ කතාවක් මෑන් ගාව ඇද්ද...

මොනවා කියනවද... දවසක් පොර මට කිව්වා "මලේ... මං කැලේ උපන් මිනිහා... මං දන්නේ කැලේ ජීවත් වෙන්න... මට අලියෙක්ට වගේ මදනේ හැදෙන කාලයක් තියෙනවා... ඒ කාලෙට මට මැරෙන්න තරම් කේන්තියි... ඒකයි මං මෙහෙම එන්නේ... මගේ අමාරුව නිවෙනවා කියන්නේ බං සංසාරෙන් එගොඩ යනවා වගේ" කියලා...
මාරයි නේද මචං...
ඒක තමයි බං... මිනිස්සු කියන්නේ මාරයි...

මොනවද මෑන් කරන වගාව...
මොනවද ඉතිං මල්...
හරි දැන් මෙතැන මොකද වෙන්නේ... අර උදේ සුදු කැබ් එකේ ආවේ මුන්ගේ ලොක්කා නේද...
ඔව්...
මෑන් වයසයිනේ බං...

හරි... ඒකත් ඒ වගේම පට්ට සීන් එකක් තමයි...
ඒ කිව්වේ...
මෑන්ට ඕනෑ නෑ ගෑනියෙක් එක්ක නිදිය ගන්න...
එහෙනම්...

පොරට ඕනේ ගෑනි නිරුවතින් ඇවිදිනවා බලන්න... උෟට කවන්න ඕනේ... අතින්වත් අල්ලන්න ඕනේ නෑ...
බොරු...
බොරු නෙවෙයි බං... මේ ඉන්න එවුන්ම තමයි ඒක මට කිව්වේ... බොසාගේ මේ චර්යාව නිසා උන්ට පහළ වෙලා තියෙන්නේ නිධානයක්... උඹට කියන්න මේ බොසා ඉන්නවා නේද... එක දවසට දහදාහ දෙනවා පැයට...

ඒක නම් ඒ හැටි දෙයක් නෙවෙයි...
හරි මං කිව්වේ බං බලලා විතරයිනේ... බොසා කරන්නේ කෙල්ලට ඇවිදින්න කියලා බොන එක... පැය දෙකට බෝතලේ ඉවරයි... බෝතලේ භාගයක් යද්දී අරුන්ටත් කතා කරනවාලු බොන්න... ඊට පස්සේ බොසා බුදි...
මාරයිනේ බං...
ඔව්... හිතපන්කෝ... මේ ලංකාවනේ බං... මේවා අපට අරුම පුදුම දේවල් නෙවෙයි... අද මෙහෙම මේවා රහසේ වුණාට ඒ කාලේ අන්ත--පුරවල මේවා එළිපිටනේ වුණේ...

මචං මං නම් ඒ කාලේ හිටියේ නෑ...
ඉතිං මං නිදියගත්ත හේතුව කිව්වේ නෑනේ ඔබට... මං පුටුවේ කට කපලා එහෙම නිදිය ගත්තේ ඊට ඉස්සෙල්ලා දවසේ රෑ එළිවෙනකම් මෙහෙට එනතුරු එක දශමයක් නිදියන්න මගේ හොඳ රියැදුරු මහත්තයාගේ ඉවරයක් නැති කට ඉඩදුන්නේ නැති හින්දා...

කතාව - අනූ එදිරිසිංහ